පුරුෂ ලිංගේන්ද්‍රියන් ගැන ඔබ නොදත් දෑ


පුරුෂ ලිංගේන්ද්‍රියන් ගැන ඔබ කිසිදා නොඇසූ දේවල් කොපමණ ඇද්ද.මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ එවන් කරුණු කිහිපයකි.ලිංගික චිකිත්සකයෙක් සහ කතෘවරියක් වන වෛද්‍ය ට්‍රිනා රීඩ් විසින් හෙළිකරන පුරුෂයන්ගේ ලිංගික අවයව ගැන බොහෝදෙනා නොදත් කරුණු දැන් විමසා බලමු.



ආරම්භයට පෙර බොහෝදෙනාට තිබෙන ප්‍රශ්නයකට පිළිතුරක් ලබාදන්නට ඇය සූදානම්ය.ලිංගික එක්වීමකින් පසුව පුරුෂයන් නින්දට වැටෙන්නේ ඇයි?

පුරුෂයන්ගේ මොළය තුල serotonin හෝමෝනය මුදා හැරීම සිදුවේ.ඒ නිසා පුරුෂයන් තුල නිදිමත ඇති වේ.නමුත් ගැහැණුන්ගේ මොළයට epinephrine නම් හෝමෝනය ස්‍රාවය වේ.එහි ප්‍රතිඵලය ඇය මුළු රාත්‍රිය පුරා නොනිදා තැබීමයි.




ශුක්‍රාණු වේගවත්ය 

 සාමාන්‍යයෙන් ශුක්‍රාණු නිකුත් වන්නේ නගරාන්තර බස් රථයක් ගමන් කරන වේගයෙනි.නමුත් ඊට පැයට සැතපුම් 43ක වේගයෙන් ශිශ්නයෙන් ඉවතට ගමන් කල හැකිය.






වෘෂණ යුගලය ප්‍රමාණයෙන් එකිනෙකට අසමානය

වෛද්‍ය ඊඩ්ට අනුව බොහොමයක් පිරිමින්ගේ දකුණු වෘෂණය වම් එකට වඩා විශාලය.






මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය

බොහොමයක් පිරිමින් මුදා හරින ශුක්‍රාණු සහිත තරලය තේ හැන්දක ප්‍රමාණයේ සිට මේස හැන්දක් දක්වා ප්‍රමාණයක් වේ.පළමු අවස්ථාවේදී ශුක්‍රාණු විශාල ප්‍රමාණයක්ද ඉන්පසුව ඊට වඩා අඩුවෙන්ද ඉවත් වේ.






පුරුෂ ලිංගයේ සංවේදීම ස්ථාන 

ශිශ්නයේ වඩාත්ම සංවේදී ස්ථානයක් වන්නේ ශිශ්නයේ හිසයි.ශිශ්නයේ හිස සහ පෙර සම සම්බන්ධ කරන ඇදෙන සුළු බන්ධනියද(සාමාන්‍ය ව්‍යවාරයේදී නූල ලෙස හඳුන්වන කොටස )සංවේදී ස්ථානයක් ලෙස ක්‍රියා කරයි.






රුධිරය ගලා ඒම කරන බලපෑම

වෘෂණ වටා ඇති cremaster muscle නම් මාංශ පේශිය මගින් වෘෂණ ප්‍රබෝදමත් කර ඉහළට ඔසවා තබන්නේ ලිංගික හැඟීම් අවදිවීම හෝ ශීතල දැනුනු විටය.එනම් උෂ්ණත්ව වෙනස් වීම් නිසාය.වෘෂණවල මාංශ පේශි අඩංගු නොවේ.අස්ථි අඩංගු නොවේ.ඒවා ස්පොන්ජ් වැනි පටකවලින් නිර්මාණය වී ඇත.ඒවා සෘජු වන්නේ රුධිරය ගලා ඒමත් පිටතට යන ශිරා අවහිර කිරීමත් නිසාය.






පිරිමින්ටද G-spot එකක් ඇත.

ඔබ සිතන්නේ G-spot එකක් තිබෙන්නේ ගැහැණුන්ට පමණක් කියාද?පිරිමින්ගේ G-spotයනු ඔහුගේ පුරස්ථි ග්‍රන්ථියයි.එය වොල්නට් ගෙඩියක් හැඩැති ග්‍රන්ථියක් වන අතර තරලයක් අඩංගුවේ.