ලොව විශාලතම කෘත්‍රීම පියයුරු යුගල



මීට පෙර ලිපියකදී Sheyla Hershey නම් තැනැත්තිය ගැන සඳහන් කලා ඔබට මතක ඇති.කෘත්‍රීමව විශාල කල විශාලම පියයුරු යුගලට හිමි වාර්තාව ඇයට හිමිය.Sheyla 1979 වසරේ උපන් දැන් 35 වන වියේ පසුවන දරුවන් දෙදෙනෙකුගේ මවකි.බ්‍රසීල ජාතික කාන්තාවක් වන ඇය ශල්‍යකර්ම 8කින් පසුව 34FFF ප්‍රමාණයේ පියයුරු යුගලක හිමිකාරිය බවට පත්විය.නමුත් ඉන් නොනැවතුණු ඇය තම උපන් දේශය වූ බ්‍රසීලයේදී තවත් ශල්‍යකර්මයක් මගින් 38KKK ප්‍රමාණයට පියයුරු විශාල කර ගන්නා ලදි.



ඇගේ සම්පුර්ණ නම Sheyla Almeida Hersheyය.ගායිකාවක්,නිරූපිකාවක්,නිලියක් සහ නාට්‍යාංගනාවක් ලෙස ඇය විසින් තමන්ව හඳුන්වා දෙයි.එක්සත් ජනපදයේ ටෙක්සාස් හි හූස්ටන් නගරයේ ඇය ජීවත්වේ.අඩි 5යි අඟල් 6ක් උස ඇය බ්‍රසීලයේ උපන් අයෙකි.Sheyla පෘතුගාල,ස්පාඤ්ඤය,ඉතාලි ,චීන  සහ ඉංග්‍රීසි භාෂා හොඳින් දනියි.



ඇය ප්ලාස්ටික් ශල්‍යකර්ම 18කට වඩා සිදුකරගෙන තිබේ.ඉන් වැඩි ප්‍රමාණයක් පියයුරුවලටය.ඊට අමතරව නාසය,තොල් සහ සට්ටම්වලටද ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකරගෙන තිබේ.



34FFF ප්‍රමාණයේ පියයුරු ලබාගැනීමෙන් පසු ඇය ඉන් සෑහීමකට පත් නොවූ අතර ඒවන විට ඇය තම ශරිරය තුලට සිලිකන් ගැලුමක් පමණ ඇතුලු කරගෙන තිබිණි.තම සිහිනය වූ ලොව විශාලතම පියයුරු යුගලේ හිමිකාරිය වීම සපුරාගන්නට එය ප්‍රමාණවත් නොවූ අතරම ටෙක්සාස් නීතියට අනුව ඇයට තව දුරටත් ශල්‍යකර්ම ඔස්සේ සිලිකන් දේහ ගත කර ගැනීමේ හැකියාවක් නොතිබුණේය.එම එලෙස නිසා සීමා මායිම් නැති රටක්වූ බ්‍රසීලය වෙත ගොස් තවත් ශල්‍යකර්මයක් කිරීමට ඇය උනන්දුවිය.








Post a Comment

0 Comments