එදා මෙදාතුර හොඳම Lesbian චිත්‍රපට දහය


අසභ්‍ය අඩවියේ ස්ත්‍රී සමලිංගිකයන් කිහිපදෙනෙක් හෝ සිටිනා ඇතැයි මාගේ විශ්වාසය.ඔවුන් වෙනුවෙන් සහ ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධව කුතුහලයක් තිබෙන පාඨකයන් වෙනුවෙන් අද දින මෙම ලිපිය ඉදිරිපත් කරමි.ලිපිය දීර්ඝ වන නිසා කොටස් දෙකක් වශයෙන් පළ කරමි.


01.D.E.B.S (2004)




D.E.B.S.යනු 2004 වසරේ නිකුත් වු ඇමෙරිකානු ක්‍රියාදාම-හාස්‍යමය සිනමා කෘතියක් වන අතර එය ලියා අධ්‍යක්ෂණය කලේ  Angela Robinson ය.සතුරු පාර්ශ්චව දෙකක් අතර ඇතිව සමලිංගික ප්‍රේම සම්බන්ධයක් මෙහි කතා තේමාව වී තිබේ.


අධ්‍යක්ෂණය:Angela Robinson
නිෂ්පාදනය:Angela Robinson
තිරරචනය:Angela Robinson
රංඟනය:Sara Foster
Jordana Brewster
Meagan Good
Devon Aoki
Jill Ritchie
සංගීතය:Steven M. Stern
කැමරාකරණය:M. David Mullen
සංස්කරණය:Angela Robinson
බෙදාහැරීම:Screen Gems
නිකුත්කල දිනය:2004 January 22(Sundance)
ධාවන කාලය:91 minutes
රට:United States
භාෂාව:English
වියදම:$3.5 million
ආදායම:$97,446



කතා සාරාංශය


මුසාවාදයේ ,වංචාවේ සහ සටන් කිරීමේ කෙල පැමිණීම නිසා Amy, Max, Janet,Dominique යන ගැහැණුන් තිදෙනා රහසිගත රහස් ඒජන්තයන්ගෙන් සමන්විත ඒජන්සියක් වන D.E.B.S වෙත ඇමෙරිකානු රජය විසින් බඳවා ගැනේ.ඔවුන් ලොව එතෙක් මෙතෙක් පහලවූ දරුණුම අපරාධකරුවා වන Lucy Diamond අල්ලාගැනීමේ මෙහෙයුමක් සඳහා යොදවයි.එහිදී කණ්ඩායමේ සතුරු පක්ෂයේ සමග ආදරයෙන් බැදේ.



D.E.B.S.( 2004 ) - Movie Trailer



D.E.B.C (2004) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

D.E.B.C (2004) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.







02.Imagine Me & You (2005)




Imagine Me & You යනු 2005 වසරේ නිකුත් කල බ්‍රිතාන්‍යය-ඇමෙරිකානු හාස්‍යමය-ප්‍රේමවෘත්තාන්ත සිනමා කෘතියකි.Ol Parker විසින් ලියා අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ Rachel සහ Luce නම් කාන්තාවන් දෙදෙනෙකුගේ සමලිංගික ප්‍රේම සම්බන්ධයක් ඔස්සේය.


අධ්‍යක්ෂණය:Ol Parker
නිෂ්පාදනය:Barnaby Thompson
තිරරචනය:Ol Parker
රංඟනය:Piper Perabo
Lena Headey
Matthew Goode
Celia Imrie
Anthony Head
සංගීතය:Alex Heffes
කැමරාකරණය:Ben Davis
සංස්කරණය:Alex Mackie
බෙදාහැරීම:Fox Searchlight Pictures
Focus Features
BBC Films
නිකුත්කල දිනය:2005 September 9 (Toronto International Film Festival)
 2006 January 27(United States)
ධාවන කාලය:94 minutes
රට:United Kingdom
භාෂාව:English
ආදායම:$2,635,305



කතා සාරාංශය


Rachel සහ Heck යනු දීර්ඝ කාලීන මිතුරන් මෙන්ම ආදරවන්තයන්ය.අවසානයේ ඔවුන් දෙදෙනා විවාහ වෙයි.විවාහය දා Rachel ,Luce සමග මිත්‍රත්වයක් ඇති කර ගනියි.තම ස්වාමියාගේ මිතුරා Cooper සමග සිටින Luce සමලිංගිකයෙක් බව Rachel දැන ගනියි.ඉන්පසු Rachel ,Luceගේ ලිංගිකත්වය සම්බන්ධව ප්‍රශ්න කරයි.Rachel හට Luce ගැන හැඟීම් පහල වේ.වඩාත් සතුටින් සිටිය හැක්කේ තම සැමියා සමගද නැත්නම් අලුත් මිතුරිය සමගද යන්න දැන් Rachel තීරණය කල යුතුව තිබේ.


Imagine Me & You (2005) - Movie Trailer



Imagine Me & You (2005) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

Imagine Me & You (2005) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.







03.But I'm a Cheerleader (1999)




But I'm a Cheerleader යනු 1999 වසරේ නිකුත් කල උපහාසාත්මක ප්‍රේමවෘත්තාන්ත ඝනයට වැටෙන හාස්‍යමය චිත්‍රපටයකි.එය අධ්‍යක්ෂණය කලේ Jamie Babbit විසින් වන අතර තිරරචනය Brian Wayne Peterson සහ Natasha Lyonne විසිනි.සමලිංගිකත්වයට ප්‍රතිකාර ලබා දීමට උසස් පාසලක  cheerleader කෙනෙක් ලෙස කටයුතු කරන ශිෂ්‍යාවක්ව ප්‍රතිකාර කඳවුරකට එවනු ලබන්නේ ඇගේ දෙමාපියන්ය.නමුත් ප්‍රතිකාර වෙනුවට ඇය තම සමලිංගිකත්වය ඉදිරියටම පවත්වා ගන්නා අතර සමලිංගික ආදරයක පැටලේ.



අධ්‍යක්ෂණය:Jamie Babbit
නිෂ්පාදනය:Leanna Creel
Andrea Sperling
තිරරචනය:Brian Wayne Peterson.Jamie Babbit
රංඟනය:Natasha Lyonne
Clea DuVall
Melanie Lynskey
RuPaul Charles
Eddie Cibrian
Wesley Mann
Richard Moll
Douglas Spain
Katharine Towne
Cathy Moriarty
සංගීතය:Pat Irwin
කැමරාකරණය:Jules Labarthe
සංස්කරණය:Cecily Rhett
බෙදාහැරීම:Lionsgate
නිකුත්කල දිනය:1999 September 12(TIFF)
2000 July 7(United States)
ධාවන කාලය:85 minutes (US)
92 minutes (UK)
රට:United States
භාෂාව:English
වියදම:US$1 million
ආදායම:$2.6 million


කතා සාරාංශය


Megan යනු ඇමෙරිකානු කෙල්ලකි.ඇය Cheerleader කෙනෙක් වන අතර ඇයට පෙම්වතෙක් සිටින මුත් ඔහුව සිප ගන්න ඇය අකැමැතිය.ඇය ගැවසෙන්න කැමති ඇගේ cheerleader මිතුරියන් සමග වන අතර ඇගේ අල්මාරිය තුල තිබෙන්නේද ස්ත්‍රීන්ගේ ඡායාරූප පමණි.මේ නිසා ඇය සමලිංගිකයෙක් යැයි තීරණය කරන ඇගේ පවුලේ අය ඇයව ඉතරලිංගිකත්වයට නැඹුරු කිරීමට ප්‍රතිකාර කරන පාසලකට යවයි.නමුත් එහිදී ඇය ඉතරලිංගිකයෙක් වෙයිද නැත්නම් රූමත් Graham සමග ආලයෙන් වෙලෙයිද?



But I'm a Cheerleader (1999) - Movie Trailer



But I'm a Cheerleader (1999) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.







04.A Marine Story (2010)




A Marine Story යනු 2010 වසරේ තිරගත වීම ඇරඹූ Ned Farr විසින් ලියා අධ්‍යක්ෂණ කල ඇමෙරිකානු එක්සත් ජනපදය හමුදාවේ "Don't ask, don't tell" ප්‍රතිපත්තිය එහි සේවය කරන පුරුෂ,ස්ත්‍රී සමලිංගිකයන් සහ ද්විලිංගිකයන් කෙරෙහි බලපාන ආකාරය සම්බන්ධව කතා කරන චිත්‍රපටයකි.


අධ්‍යක්ෂණය:Ned Farr
නිෂ්පාදනය:JD Disalvatore
 Dreya Weber
Paris P. Pickard
තිරරචනය:Ned Farr
රංඟනය:Dreya Weber
Paris P. Pickard
Christine Mourad
Anthony Michael Jones
Jason Williams
සංගීතය:Craig Richey
කැමරාකරණය:Alexandre Naufel
නිකුත්කල දිනය:2010 June 19
ධාවන කාලය:98 minutes
රට:United States
භාෂාව:English


කතාව සාරාංශය


ඉරාකයේ සේවය කර පැමිණෙන ඇමෙරිකානු හමුදාවේ මැරීන් නිලධාරිනියක් හමුදාවට බඳවා ගැනීමේ කඳවුරකට සහභාගීවන්නට සිටින තරුණියකට උදව් කරයි.නමුත් එය දෙදෙනාගේම අනාගතයට කෙසේ බලපායිද?



A Marine Story (2010) - Movie Trailer



A Marine Story (2010) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

A Marine Story (2010) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.







05.Room in Rome (2010)




Room in Rome (ස්පාඤ්ඤ බසින් : Habitación en Roma රුසියානු බසින් : Комната в Риме ) යනු 2010 වසරේ නිකුත් කල ස්පාඤ්ඤ ගෘංගාරාත්මක,ප්‍රේමවෘත්තාන්ත ගනයට වැටෙන චිත්‍රපටයකි.චිත්‍රපටයෙන් විස්තර කෙරෙන්නේ රෝමයේ හෝටල් කාමරයක කාන්තාවන් දෙදෙනෙක් අතර රාත්‍රියක් තුල සිදුවන භාවත්මක සහ ලිංගික සම්බන්ධතාවයක් සම්බන්ධවයි.මෙහි කතාව තවත් චිත්‍රපටයක් වන  En la cama (In Bed) හි කතාවත් සමග සුළු සමානකමක් තිබේ.


අධ්‍යක්ෂණය:Julio Medem
නිෂ්පාදනය:Julio Medem
තිරරචනය:Julio Medem
රංඟනය:Elena Anaya
Natasha Yarovenko
Enrico Lo Verso
Najwa Nimri
සංගීතය:Joselyn Pook
කැමරාකරණය:Alex Catalán
සංස්කරණය:Julio Medem
බෙදාහැරීම:IFC Films (US)
නිකුත්කල දිනය:2010 April 10 
ධාවන කාලය:109 minutes
රට:Spain
භාෂාව:English, Spanish, Russian



කතා සාරංශය


Alba යනු රෝමයට පැමිණි ස්පාඤ්ඤය ජාතික සංචාරකයෙකි.ඇයට Natasha නම් රුසියානු ගැහැණිය හමුවන්නේ සමාජශාලාවකදීය.ඔවුන් දෙදෙනා පසුව හෝටල් කාමරයක් තුල ලිංගිකව එක්වේ.මුලදී Natasha ඇය ඉතරලිංගික බව කියමින් විරුද්ධත්වය ප්‍රකාශ කරයි.නමුත් සමලිංගික ගැහැනියක් ලෙස අත්දැකීමෙන් සපිරි Alba කෙසේ හෝ Natasha පොළඹවා ගනියි.පසුව දෙදෙනා ලිංගික ක්‍රියා වල නිරත වුවද Natasha කියන්නේ තමා ඉතරලිංගිකයෙක් බවත් කිසිම දිනෙක ස්ත්‍රියක් හා ලිංගික සම්බන්ධකමක් පවත්වා නැති බවයි.එවිට Alba කියන්නේ ඇය සමලිංගිකයෙක් බවත් කිසිම දිනෙක පුරුෂයෙක් හා ලිංගික සම්බන්ධකම් පවත්වා නැතිබවයි.ඉන්පසු ඔවුන් තමන්ගේ ජීවිත කතාවන් බෙදා ගනියි.මුලදී ඔවුන් එකිනෙකාට බොරු කියා ගන්න මුත් පසුව තම සත්‍ය ජීවිතය අනාවරණය කරයි.Natasha වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් බවත් ඇය මෙම සතියේ දී රුසියාවේදී විවාහ වන්නට සූදානමින් සිටින බව කියයි.තමා යාන්ත්‍රික ඉංජිනේරුවෙක් බවත් ස්පාඤ්ඤයේ තවත් කාන්තාවක් සමග ජීවත් වන බවත් Alba පවසයි.තවද ඇගේ සහකාරියට දරුවන් දෙදෙනෙක් සිටි බවත් ,පිරිමි දරුවා අනතුරකින් මිය ගියබවත් පවසයි.පසුව දෙදෙනාම උදෑසන ආහාරය ගන්න අතර එහිදී තම තමන්ගේ සහකාරියන් සහකාරයන් අතහැර රෝමයේ ජීවත් වන්නට සාකච්ඡා කරන මුත් එය කල නොහැකි දෙයක් බව පසුව ඔවුන්ටම වැටහෙයි.අවසානයේ ඔවුන් තම තමන්ගේ ගමන්නාත්ත කරා යෑමට තීරණය කරයි.



Room in Rome (2010) - Movie Trailer



Room in Rome (2010) චිත්‍රපටය Online නරඹන්න මෙතනින් යන්න.

Room in Rome (2010) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න.




දෙවන කොටසින් හමුවෙමු.

Post a Comment

0 Comments