ලැජ්ජයි ලැජ්ජයි Health Care Tips


අසභ්‍ය අඩවිය ජනප්‍රිය වෙන්න වෙන්න එහි පලවන ලිපි සොරා ගැනීමත් වැඩිවුනා.මීට පෙර ලිපි කිහිපයකින්ම මේ ලැජ්ජා නැති වැඩේ කරන කරපු බ්ලොග් සහ වෙබ් අඩවි කිහිපයක් හෙළි කලා මතක ඇතිනේ.අදත් අහම්බෙන් වගේ අසභ්‍ය අඩවියේ ලිපි සොරාගන්නා බ්ලොග් අඩවිය මට හමු වුනා.අනෙක් බ්ලොග්කරුවන් මහන්සියෙන් කරන ලිපි මේ සොරුන් කිසිම අමාරුවක් නැතුව මේ විදිහට සොරා කනවා දැක්කාම බ්ලොග් එක වහලා දාන්නත් හිතෙනවා.මේ තියෙන්නේ අද මට හමුවුනු එවැනි බ්ලොග් එකක්.www.healthcaretips519.blogspot.com .අසභ්‍ය අඩවියේ ලිපි පමණක් නොවේ,වෙනත් බ්ලොග් අඩවි වල ලිපි පවා සොරාගෙන මෙහි පළකර තිබෙන බව පෙනෙනවා.මේ වගේ නිර්මාණ සොරා ගන්නා උන් නිසා සිදුවන්නේ එම නිර්මාණවල මුල් අයිතිකරුවන් එසේත් නැත්නම් මුල් නිර්මාණකරුවන් නිර්මාණකරනයෙන් ,බ්ලොග්කරණයෙන් ඈත්වීමයි.


www.healthcaretips519.blogspot.com





ඔබේ දැන ගැනීම පිණිස එලෙස අසභ්‍ය අඩවියෙන් සොරාගත් ලිපි කිහිපයක් මෙලෙස දක්වමි.









කොහොම වුනත් ඒ චෞරයාගේ බ්ලොග් අඩවියේ තවත් කොපමණ ලිපි සොරාගෙන පලකර තිබෙනවා දැයි සොයන්නට මා ඒ පිලිකුල් සහගත බ්ලොග් අඩවිය තුල සැරිසැරුවේ නැත.

බ්ලොග් එකක් කරන එක කොයිතරම් අමාරු ක්‍රියාවක්ද කියලා මේ දේවල් දැක්කාම ඕන කෙනෙකුට පේනවානේ.කොහොම වුනත් වසරකට වැඩි කාලයක් තිස්සේ අසභ්‍ය අඩවිය පැමිණි ගමන් මගේදී මාගේ නිර්මාණ ,පරිවර්තන ලිපි රැසක් කොල්ලකෑමට ලක්වුනා.අවසන් වශයෙන් කියන්න තියෙන්නේ කොතරම් ආරක්ෂක විධිවිධාන යෙදුවත් සොර සිත තිබෙන උන් තමන්ට අවශ්‍ය දේ සොරා කනවා.ඒ වගේම තමයි අපේ බ්ලොග් අඩවිය යාවත්කාලීන නොවන්න විට උගේ වෙබ් අඩවිද එක තැන පල්වේ.අනුන්ගේ පහනින් එළිය බලන උන්ට සිදුවන්නේ එයයි.

Post a Comment

0 Comments