Transsexual හෝමෝන චිකිත්සාව - ප්‍රශ්න සහ පිළිතුරු


කලකට පෙර ෆේස්බුක් සමාජ ජාලයේදී හමුවූ crossdresser මිතුරෙක් " Transsexual හෝමෝන චිකිත්සාව" සම්බන්ධව ලිපියක් පළ කරන්න යැයි මගෙන් ඉල්ලීමක් කරන ලදි.නමුත් එම ක්ෂේත්‍රය සම්බන්ධව ලිපියක් සම්පාදනය කිරීමට තරම් දැනුමක් සහ ඒ හා සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක යෙදුම් පැහැදිලිකිරීමේ හැකියාවක් මා සතුව නොමැති නිසාත් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි විය.කෙසේවෙතත් ප්‍රමාද වී හෝ අද දින Transsexual හෝමෝන චිකිත්සාව සම්බන්ධව ඉතා සංක්ෂිප්ත ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අදහස් කලෙමි.


මිනිසාගේ අන්තරාසර්ග ග්‍රන්ථි


හෝමෝන යනු මොනවාද?


හෝමෝන යනු ඔබේ ශරීරයේ රසායනික පණිවුඩකරුවන්ය.ඒවා ඔබේ රුධිර සංසරණ  පද්ධතිය ඔස්සේ පටක හෝ අවයව වෙත ගමන් කරයි.හෝමෝන සෙමින් ක්‍රියාත්මක වන සහ විවිධ ක්‍රියාවලි සඳහා බලපෑම් කරන විශේෂිත සෛලවලින් වෑස්සෙන රසායනික ද්‍රව්‍යයන්ය.මෙම සෛල පිහිටා තිබෙන්නේ අන්තරාසර්ග ග්‍රන්ථිවලය.ප්‍රධාන අන්තර්සර්ග ග්‍රන්ථි වන්නේ පිටියුටරිය,හයිපෝතැලමසය,තැලමසය,තයිරොයිඩ් ග්‍රන්ථිය සහ අග්න්‍යාශයයි.ඊට අමතරව පුරුෂයන්ගේ වෘෂණ තුලත්,ගැහැණුන්ගේ ඩිම්බ තුලත් හෝමෝන නිපද වේ.හෝමෝන ඉතා ප්‍රබලය.ඒවාහි ඉතා සුළු ප්‍රමාණයක් දේහයේ විශාල වෙනස්කම් ඇතිකිරීමට හේතුවේ.හෝමෝන දේහයේ වර්ධනය,ප්‍රජනනය,පරිවෘත්තිය ක්‍රියා සහ හැසිරීම ආදියට බලපෑම් කරයි.




හෝමෝන ක්‍රියාත්මක වන්නේ කෙසේද?


අන්තරාසර්ග ග්‍රන්ථි නිපදවන හෝමෝන රුධිර සංසරණ පද්ධතිය වෙත මුදාහැරේ.එම හෝමෝන රුධිරය ඔස්සේ ගමන් කර නියමිත පටක වෙත පැමිණි විට ඒවාහි සෛලවල තිබෙන විශේෂිත ප්‍රෝටීන ප්‍රතිග්‍රාහක සමග සම්බන්ධ වේ.මෙය අඟුලකට තිබෙන යතුරක් මෙන් ක්‍රියා කරයි.ප්‍රමාණවත් හෝමෝන ප්‍රතිග්‍රාහක සමඟ සම්බන්ධවූ පසු සෛල න්‍යෂ්ඨිය ඒ බව හඳුනාගෙන ජානමය දත්ත කායික වෙනස්කම් ඇතිකිරීම ආරම්භ කරයි.හෝමෝන වල ස්වභාවය අනුව දේහය සංවර්ධනයේ ,ප්‍රජනනයේ,වර්ධනයේ ,පරිවෘත්තියේ සහ හැසිරීමේ උත්තේජනයන් හෝ නිෂේධනයන් සිදුවේ.




පුරුෂයෙක් ගෙන් ස්ත්‍රියක් බවට පරිවර්තනය වීමට අවශ්‍ය වන්නේ කුමන හෝමෝන ද?


  • ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ටෙස්ටෝස්ටෙරොන් හෝමෝනය ස්‍රාවය අවම කරයි.

  • ප්‍රෙජෙස්ටරෝන් හෝමෝනය පියයුරු වර්ධනය උත්තේජනය කරයි.

  • ප්‍රති-ඇන්ඩ්‍රොජන් භාවිතා කරන්නේ ටෙස්ටෝස්ටෙරොන් අඩු මට්ටමක පවත්වා ගැනීමටය.

  • GnRH (ගොනැඩොට්‍රොෆීන් මුදාහැරීමේ හෝමෝනය- Gonadotropin-releasing hormone) මගින් පිටියුටර් ග්‍රන්ථියෙන්  FSH (Follicle-stimulating hormone) හෝමෝනය සහ LH(Luteinizing hormone) හෝමෝනය මුදා හැරීම උත්තේජනය කරන අතර ඒවා ප්‍රජනන අවයවයෙන් ලිංගික හෝමෝන නිපදවීම උත්තේජනය කරවයි.




ස්ත්‍රියක ගෙන පිරිමියෙක් බවට පරිවර්තනය වීමට අවශ්‍ය හෝමෝන මොනවාද?


  • ටෙස්ටොස්ටෙරෝන් භාවිතා කරන්නේ මාංශපේශීන් සහ ශිශ්නයේ පටක වර්ධනය පාලනය කිරීමටය.

  • ප්‍රොජෙස්ටරෝන් භාවිතා කරන්නේ ඔසප් වීම අවම කිරීමට හෝ සම්පුර්ණයෙන් නැවැත්වීමටය.

  • ඇන්ඩ්‍රෝ ප්‍රෝ-හෝමෝන වන androstenedione 4, 5 and 19-androstenediol සහ 19-norandrostenediol.මෙම හෝමෝන ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මාංශපේශීහි  බර වැඩි කිරීම,රුධිරයේ ටෙස්ටොස්ටෙරොන් ප්‍රමාණය වැඩි කිරීම,ආශාව වැඩි කිරීම සහ මේද ප්‍රමාණය අඩු කිරීම ආදිය සිදු කරයි.





ප්‍රති-ලිංගික හෝමෝන ප්‍රතිකාරය යනු කුමක්ද?


ද්වීතියික ලිංගික ලක්ෂණ වර්ධනය කරන හෝමෝන ප්‍රතිකාරය මේ නමින් හඳුන්වයි.




ප්‍රති-ලිංගික හෝමෝන ප්‍රතිකාරයේ ප්‍රතිවිපාක මොනවාද?


පිරිමි:ශුක්‍රාණු ප්‍රමාණය අවම කිරීම,පුරුෂලිංගික එලැවුම අවම කිරීම(ශිශ්නය ප්‍රාණවත්වීම කලාතුරකින් සිදුවන අතර එය පාලනය කිරීම අසීරුය ),පියයුරුවල ප්‍රමාණය වැඩ්විවේ,මේදය පතුරවා හැරේ,දේහයේ රෝම වර්ධනය අවම කෙරේ,සම මත පැල්ලම් ඇතිවේ.

ස්ත්‍රීන්:අක්මාව සම්බන්ධ ගැටළු මතුවීමට ඉඩ තිබේ,මුහුණේ සහ සිරුරේ රෝම වර්ධනය වේගවත් වේ,කට හඬේ ගැඹුරුබව වැඩි වේ.




හෝමෝන ශරීරගත කරන්නේ කෙසේද?


හෝමෝන ශරිරගත කරන්නේ මුඛ මාර්ගයෙන් ගුලි ලෙස,එන්නත් කිරීමෙන්,සම ඇතුලත ගුලි ලෙස,යෝනි ක්‍රීම් ලෙසයි.




හෝමෝන ප්‍රතිකාරයේ අයහපත් ප්‍රතිඵල මොනවාද?


හෝමෝන ප්‍රතිකාරයේ අතුරුආබාධ කිහිපයක් නම් ආඝාත තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය සහ හෘදයාබාධ ඇතිවීම ඉහළ යෑම,රුධිර කැටි ඇතිවීම වැඩිවීම,කිරීටක ධමනි ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩිවීම,පියයුරු පිලිකා ඇතිවීමේ අවදානම වැඩිවීම සහ රෝගය ඇතිවීමේ අවදානම වැඩිවීම.




මෙම අතුරුආබාධ සහ අන්තරාය කර තත්ත්වයන් අවම කිරීමට ගත හැකි පියවර මොනවාද?


ඉහත දැක්වූ සමහරක් අහිතකර තත්ත්ව අවම කරගැනීමට වෛද්‍යවරයෙක් හා සමීපව කටයුතු කල යුතුය.ඒ සඳහා අඩු මේදමය ආහාර වේලක් ලබාගැනීම,නිතර ව්‍යායාම කිරීම,නිතර පරීක්ෂාවන් කර ගැනීම සහ සිරුරේ සිදුවන වෙනස්කම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම.




හෝමෝන ප්‍රතිකාරය කොතරම් කලක් කලයුතුද ලබා ගත යුතු මාත්‍රාව කුමක්ද?


සාමාන්‍යය හෝමෝන ප්‍රතිකාරයක් අවුරුදු 2-5 අතර කාලයක් සිදුකල යුතුය.එම කාලය තීරණය වන්නේ සම්පුර්ණ පරිවර්තනය සිදුවීමට ගතවන කාලයට අනුවයි.නමුත් පුද්ගලයෙක් පරිවර්තනය දිගටම පවත්වා ගැනීමට ජීවිතයේ ඉතිරි කාලය තුලත් හෝමෝන ලබා ගැනීමට සිදුවේ.ලබාගන්නා හෝමෝන මාත්‍රාව 0.625mg - 2.5mg හෝ උපරිමය 400 mg දක්වා විය හැකි අතර එය හෝමෝන වර්ගය සහ විශේෂිත කාර්යයන් සඳහා හෝමෝන නිසා වෙනස් විය හැකිය.


Post a Comment

0 Comments