Ladyboy, transsexual, shemale?


අසභ්‍ය අඩවිය ආරම්භ කල මුල් කාලයේ මා නොදැන සිටි දෙයක් නම් Transgenders ලා හැඳින්වීමට Shemale හෝ Ladyboys යන්න යොදා ගැනීම සුදුසු දෙයක් නොවන බවයි.TG/TS ප්‍රජාව හා බැදුණු වරදවා වටහා ගැනීම්,වැරදි යෙදුම් සහ සාවද්‍ය තොරතුරු රැසක් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වී තිබේ.නමුත් මේ පරිවර්තිත ගැහැණුන් එම වැරදි යෙදුම් සම්බන්ධව සංවේදී සේම ඔවුන් ඒවා සමග එකඟ නොවේ.


Shemale යන යෙදුම නිල් චිත්‍රපට ක්ෂේත්‍රය සඳහාය



එය සත්‍යයකි.මෙම යෙදුම පැමිණෙන්නේ නිල් චිත්‍රපට ක්ෂේත්‍රයෙනි.තවද එය සමාජය තුල භාවිතා නොවන්නකි.ඔබ නිල් අඩවි තුල සැරිසරන්නෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ Shemale යන වචනය  නිතර දකිනවා ඇති.එය ශිෂ්ඨ සම්පන්න සමාජය තුල භාවිතයට සුදුසු නැතැයි TG/TS සමාජ පිළිගන්නා මුත් නිල් චිත්‍රපට කර්මාන්තය තුල Shemale යන්න බහුලව භාවිතා කෙරේ.ඇත්ත නම් Shemale යන්න මගින් සමාජය තුල සියලුම Trans women කෙරෙහි ඇති කරන්නේ පිළිකුල් සහගත සහ නරක චිත්‍රයකි.ඒ Shemale චිත්‍රපට නිසාය.



තායිලන්තයේ Ladyboys


Transgenders වෙනුවෙන් තායිලන්තයේ වෙනම යෙදුමක් තිබේ,ඒ “kathoey”යන්නයි.එය එක රටකට පමණක් සීමා වූ නාමයකි.තායි ජනතාව Transgendered පුද්ගලයන් සහ කෝමල සමලිංගික පිරිමින් හැඳින්වීමට kathoey යන්න භාවිතා කරයි.(එතරම් ප්‍රසිද්ධ නැතත් පිලිපීනයේද පුද්ගලයන් සඳහා bakla යන යෙදුම භාවිතා කරයි.).ගෝලීයකරණයත් Transgendered පිරිසගේ ප්‍රසාරණයත් නිසා පුද්ගලයන්ට ඒ සඳහා ඉංග්‍රීසි වචනයක අවශ්‍යතාවය මතුවිය.ඒ අනුව Ladyboy යන වචනය භාවිතා කිරීම ආරම්භ විය.මෙම යෙදුම සම්බන්ධව LGBT ප්‍රජාව අතර තිබෙන්නේ බොහෝවිට එකඟ නොවීමකි.

තායිලන්තයේ Transgenders 

මේ යෙදුමට විරුද්ධ පක්ෂයේ අදහස එය අවමන් සහගත සහ නිල් චිත්‍රපට කර්මාන්තය හා බැදුණු වදනක් බවයි.ඇත්ත වශයෙන්ම Ladyboy යන්න නිල් අඩවි තුල පුලුල්ව භාවිතා කරන වදනකි.නමුත් අසැබි හෝ අවමන් සහගත නොවේ යැයි කියන Transsexual යන වදන පවා අසැබි වෙබ් අඩවියන්හි යොදාගනියි.

තායිලන්තයේ transgender ලිංගික වෘත්තිකයෙක්

තායිලන්ත ලේඩිබෝයිස්ලා අතර සිටින සමහරු ලිංගික වෘත්තියේ යෙදෙන අතර ඉතිරිය සාමාන්‍යය ජීවිතයක් ගත කරන පිරිසය.ඔබ තේරුම් ගත යුතු දෙය නම් සියලුම තායි Transgenders / Transsxual women ලිංගික වෘත්තිකයන් නොවන  බවයි.එම නිසා ඔවුන් සියලුදෙනා අසැබි චිත්‍රපටවල යොදාගන්න වදන් වලින් ඇමතීම නොකලයුතු දෙයකි.




Transgendered පුද්ගලයන් Crossdressers සමග පටලවා නොගන්න


Tranny, cross-dresser, drag-queen, transformist ආදී වදන් ඉතා සමීප අර්ථයන් සහිත බව සමහර විට ඔබට සිතෙන්නට පුලුවනි.නමුත් ඇත්ත වශයෙන්ම Ladyboys සහ Tranny/cross-dresser/drag-queen/transformist අතර වෙනස්කම් තිබේ.Ladyboys ජීවත්වන්නේ කාන්තාවක් මෙන්ය.ඒ ඇයට දැනෙන්නේ ඇය ස්ත්‍රියක් ලෙස නිසාය.එම නිසා ඇය තම පුරුෂභාවය අමතක කර ස්ත්‍රියක් ලෙස ජීවත්වේ.



නමුත් Tranny හෝ Crossdresser කෙනෙක් තුල පවතින්නේ වෙනස් තත්ත්වයකි.සමාජය තුල බහුලවම සිටින්නේ පුරුෂ Crossdressers නිසා මෙහිදී අපි ඔවුන් උදාහරණයට ගෙන කතා කරමු.පුරුෂ crossdresser යනු සමාජය තුල පුරුෂයෙක් ලෙස පෙනී සිටින බොහෝවිට රහසේ ස්ත්‍රියක් මෙන් අඳින පළඳින අයෙකි.මෙලෙස ස්ත්‍රියක් ලෙස සැරසීම එම පුරුෂයන්ගේ ෆැන්ටසියකි.නමුත් ඔවුන් ජීවිත කාලය පුරාවටම ස්ත්‍රියක් ලෙස ජීවත්වන්නට උත්සාහ දරන්නේ නැත.Crossdressing යනු එම පුරුෂයන්ගේ ජීවිතයේ එක් කොටසක් පමණි.බොහෝවිට එවැනි පුරුෂයන් එම රහසිගත ජීවිතය සමාජයෙන් වසන් කරගෙන සිටියි.Drag-queen /transformist යනු නර්තකයන්ය.ඔවුන් ඉතරලිංගික පුරුෂයන් හෝ විය හැකිය.තවද ඔවුන් ස්ත්‍රීන් ලෙස  සැරසෙන්නේ තම රැකියාව ලෙසය.



ඔවුන්ව Transgender/Transsexual නමින් හඳුන්වන්න



ඔබට ඔවුන්ව ශිෂ්ඨ සම්පන්න බසින් හඳුන්වන්න හෝ අමතන්න අවශ්‍ය නම් Transgender woman යන වදන භාවිතා කරන්න.තවත් නිරවද්‍යව ඔවුන්ව ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය නම් Male to Female Transgender /MTF trans woman /Trans woman යන වදන් යොදාගන්න.එය දිග වැඩි යැයි සිතේ නම් Tgirl ,TS girl යන යෙදුම් භාවිතා කරන්න.නිවැරදි වචන භාවිතා කිරීම මගින් Transgender/Transsexual පුද්ගලයන්ට ඔබ දක්වන්නේ ගෞරවයකි.

ඔබ Transgender/Transsexual පුද්ගලයෙක්ව ආශ්‍රය කරන්න බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් අමනාප නොවන අයුරින් නිවැරදි වදන් භාවිතා කරන්න උගත යුතුය.

Post a Comment

0 Comments