අසභ්‍ය අඩවිය යළි දියත් කෙරේ.


අසභ්‍ය අඩවියේ ලිපි දිගින් දිගටම සොරා ගැනීම වැළක්වීමට දින කිහිපයකට පෙර ලිපි කිහිපයක් හැරෙන්නට අනෙක් සියලු ලිපි Unpublish කරන්නට ක්‍රියා කලෙමි.මේ නිසා මෙම බ්ලොග් අඩවියට පැමිණෙන පිරිස අපහසුතාවයට පත් වුනේ නම් මගේ කණගාටුව.ලිපි සොරා ගන්නා චෞරයෙකු නිසා එවැනි දැඩි තීරණයකට එළඹෙන්නට සිදු විය.කෙසේ නමුත් මෙතෙක් ගත් කිසිදු ක්‍රියා මාර්ගයක් මාගේ පරිවර්තන ලිපි සහ මාගේම නිර්මාණ රැකදීමට සමත්ව නැත.ඒ නිසාම අසභ්‍ය අඩවිය මුලුමනින්ම දියත් කරන්නට තීරණය කෙලෙමි.මේ තීරණය lankaegossipbook.blogspot.com බ්ලොග් අඩවිය පවත්වාගෙන යන නපුංශකයාට නම් මහත්වූ සතුටක් ගෙන දෙනු නියතය.මන්ද දැන් ඒ චෞරයාට හිතේ හැටියට මගේ ලිපි සොරා ගත හැකි නිසාය.නමුත් ඕනෑම අයෙකුට හෘද සාක්ෂියක් තිබේ.තමා කරන්නේ අන්සතු දෙයක් සොරා ගෙන පළ කිරීම බව එම චෞරයාගේ හෘද සාක්ෂිය දනියි.වසරකට වැඩි කාලයක් ඔබ හා රැඳී සිටි මා බ්ලොග් නිර්මාණකරනයෙන් සමුගන්නේ දැඩි වේදනාවෙනි.ඔබත් බ්ලොග්කරුවෙක් නම් මෙවැනිම අප්‍රසන්න අත්දැකීම වලට ඔබත් මුහුණ දී ඇතැයි සිතමි.අසභ්‍ය අඩවියේ බහුතරයක් ලිපි කර තිබූ දින කිහිපය තුල මා දුටු එක් දෙයක් නම් lankaegossipbook.blogspot.com නම් බ්ලොග් අඩ්විය එම කාලය තුල කිසිදු යාවත්කාලීන වීමක් නැතිවීමයි.අන්‍යන්ගේ නිර්මාණ වලින් යැපෙන මෙවැනි වෙබ් අඩවි පිළිකුල් සහගතය.යම් දිනෙක අසභ්‍ය අඩවියෙන් ලබාගත හැකි සියලුම ලිපි සොරා ගෙන පළකල පසු lankaegossipbook.blogspot.com බ්ලොග් අඩවිය කරගෙන යන චෞරයා ඔබේ වෙබ් අඩවිය ගොදුරු කරගනිවි.එය මා හට සහතිකවම කිව හැකිය.ඔබේ නිර්මාණවලට අන්තර්ජාලය තුල කිසිදු ආරක්ෂාවක් නොමැත.ඕනෑම අයෙකුට ඔබේ නිර්මාණ සොරාගෙන තමාගේ යැයි පෙන්විය හැකිය,නමුත් තමන් හැකියාවක් නැති අනුන්ගේ දේ සොරාකන්නෙක් ,අනුන්ගේ පහනින් එළිය බලන්නෙක් බව තමන්ගේ සිත දනියි.

Post a Comment

0 Comments