Transgender Drama Movies - 39


Melting Away යනු (හිබෲ බසින් נמס בגשם‎ ) Billy Ben-Moshe විසින් රචිත Doron Eran විසින් අධ්‍යක්ෂණය කල ඊශ්‍රායල චිත්‍රපටයකි.ප්‍රධාන චරිතයට පණපොවන්නේ Hen Yanni ය.


Movie Poster

අධ්‍යක්ෂණය:Doron Eran
නිෂ්පාදනය:Doron Eran
Moshe Edery
Leon Edery
Billy Ben-Moshe
Micky Dotan
තිරරචනය:Billy Ben-Moshe

රංඟනය: Hen Yanni
Ami Weinberg
Limor Goldstein
Oded Leopold
Eyal Rozales
Yonatan Barak
Hannan Suissa
Shosha Goren
Arnon Zadok

සංගීතය:Michael Harpaz
කැමරාකරණය: Daniel Kedem
සංස්කරණය:Reut Han
නිකුත්කල දිනය:January 12, 2012
ධාවන කාලය:86 minutes
රට:Israel
භාෂාව:Hebrew





කතා සාරාංශය


ගැටවර වියේ සිටින තම පුත්‍රයා Asaf , ගැහැණුන්ගේ ඇඳුම් අඳින බව දිනක් Shlomo Shapira විසින් හෙළි කරගනියි.තම බිරිඳ Galia ගේද අනුමැතිය සහිතව තම පුත්‍රයාට පාඩමක් උගන්වන්නට තීරණය කරයි.වැසි සහිත දිනෙක Asaf ඔහුගේ දෙමාපියන්ගේ නිවසට එන්නේ සාදයකට සහභාගී වීමෙන් පසුයි.නමුත් ඔහුට නිවසට ඇතුලු වන්නට දෙමාපියන් ඉඩ නොදේ.ඔහු අඬා වැටුනත් ඊට ඉඩක් නොලැබේ.සමාජයට ගොස් එහි රළු බව අත්විඳි විට ඔහු යළි නිවසට පැමිණ ඒ සියලුම විකාර වැඩ නතර කර දමාවි යැයි Shlomo ,Galia හට පවසයි.නමුත් ඔහු වැරදිය.වසර 4කට පසු Shlomo පිලිකාවක් නිසා මිය යමින් සිටියි.Galia පෞද්ගලික රහස් පරීක්ෂකවරයෙක් වන Eytan හමුවන්නේ ඇගේ පුත්‍රයා සොයාගෙන පියා සිටින තත්ත්වය ඔහුට හෙළි කරන්නටය.Eytan,  Asaf ව සොයා ගන්නේ නගරයේ පිරිමි සමලිංගිකයන්ට වෙන්වූ රාත්‍රී සමාජ ශාලාවකදීය.Asaf දැන් තම ලිංගිකත්වය වෙනස් කරගෙන Anna නමින් පෙනී සිටින ගායිකාවකි.එක් දිනක් Anna නම් කාන්තාවක් Shlomo සිටින රෝහලට එන්නේ රක්ෂණ සමාගමකින් එවන ලද පුද්ගලික හෙදියක් ලෙසයි.ක්‍රමයෙන් Anna සහ ඇගේ පියා එකිනෙකා හඳුනා ගනියි.ඇගේ සිත් ඇද ගන්නා සුලු ස්භාවය නිසා ඇය පහසුවෙන් Shlomoගේ හදවත දිනා ගනියි.එම කාලයේම Galia ඇගේ දියණිය බලන්නට දින කිහිපයක්ම යයි.අවසානයේ ඇය Anna පිලිගනියි.



Melting Away (2011) Movie Trailer





මෙම චිත්‍රපටයේ නොමිලේ නැරඹිය හැකි පිටපතක් හෝ බාගත කරන්නට හැකි ටොරන්ට් එකක් හෝ සොයා ගැනීමට නොහැකි විය.

Post a Comment

0 Comments