මොකද්ද මේ Crossdressing ?


සරලවම කිවහොත් Crossdressing යනු අයෙක් තමන්ගේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳීමයි.එනම් පිරිමියෙක් හෝ ගැහැණියෙක් තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ ඇඳුම් ඇඳීමයි.Crossdressing යන්නට සිංහල භාෂාවේ නියම වචනයක් සොයා ගැනීමට නොහැකි මුත් අන්තර්ජාලය තුල ඊට "හරස් විලාසිතා" සහ "ප්‍රති විලාසිතාකරණය" යන වචන යොදාගන්නා බව දක්නට තිබේ.කෙසේ නමුත් මෙරට සමාජයේ බහුතරයක් දෙනා Crossdressing යන වචන පවා අසා නොමැති වග මා හට අවබෝධ වූයේ සමාජ ජාලය ඔස්සේ හමුවන විවිධ පුද්ගලයන් හා අදහස් හුවමාරු කරගන්නා අතරේය.ඒ අතර සිටින සමහරු තුල Crossdressers කෙරෙහි ඇත්තේ පිලිකුලකි.නමුත් ඔබ සමාජ ජාල ඔස්සේ හෝ දකින කොමු පිළි පමණක් ඇඳගත් පිරිමින් බොහෝවිට නියම crossdressers නොව transvestic fetishism යන මානසික තත්ත්වයෙන් පෙළන පිරිස්ය.මෙම transvestic fetishists නිසා නියම crossdressers කෙරෙහි සමාජය තුල දැඩි පිළිකුල සහගත ප්‍රතිරෝධයක් ඇති බව මෙහිදි සඳහන් කල යුතුය.අද ලිපිය crossdressing යන්න පිලිබඳව කිසිදු වැටහීමක් නොමැති අයගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි.


Crossdressersලා නොවෙන්නෝ



Crossdresser සමාජයෙන් අති බහුතරය ඉතරලිංගික පිරිමින්ය.ඔවුන් සමාජයේ ඒකාකෘතික වන අතර සුළුතරය වෙනත් හේතු මත crossdressing කරන අය වේ.Drag queens යනු සාමාන්‍යයෙන් සමලිංගික හෝ ද්විලිංගික පිරිමින් වන අතර ඔවුන් ගැහැණුන්ගේ ඇඳුම් පළඳින්නේ ස්ත්‍රීත්වයට අවමන් කිරීමට සහ ඔවුන් සමලිංගිකයන්ගේ ඒකාකෘතියකි, නැත්නම් තම ලිංගික සහකරු සොයා ගැනීමටය.Female impersonators (ගැහැණුන් අනුකරණය කරන්නන්) ගැහැණුන්ගේ ඇඳුම් අඳින්නේ විනෝදාස්වාදය වෙනුවෙනි.Male-to-Female transsexuals පුද්ගලයන් සිතා සිටින්නේ ඔවුන් විරුද්ධ ලිංගිකයන්ගේ සිත ඇතිව පිරිමි දේහයකට කොටු වූවන් බව සහ ඔවුන් ලිංගිකත්වය වෙනස් කර ශල්‍යකර්මයක් බලාපොරොත්තුවෙන් සිටියි.




ස්ත්‍රී අභ්‍යන්තරය තේරුම් ගැනීම


Woman inside a Man
ජන්මයෙන් උරුම වන පෞරුෂත්ව විභවයන් කට්ටලයක් මිනිසෙකු තුල තිබේ.නමුත් සමාජය මගින් ඔහුව "ස්ත්‍රී ස්භාවයන්" සහිත අයෙක් ලෙස නම් කර ඔහු යටපත් විය යුතු යැයි කියයි.crossdressers ලා මෙම විභවයන් හා ගැටී තිබෙනවා සහ ඔවුන් තමන්ගේ අභිනයනයන් ඉටු කරගැනීමට ක්‍රමයක් සොයාගෙන තිබේ.මේවා ඔවුන්ගේ පෞරුෂත්වයන් තුලට අනුකලනය කිරීමෙන් crossdressers ලාට හැකියාව තිබෙනවා  ඔවුන්ගේ ශික්ෂණය මගින් පිරිමියෙකුගේ සමහර දැඩි ස්භාවයන් ඔප දැමීමට.එහි ප්‍රථිඵලය සතුටුදායි,සෞඛ්‍යදායි සම්පුර්ණ පුද්ගලයෙකි.




නමුත් ඇයි ඔවුන් crossdressing කරන්නේ?



පුද්ගලයන් crossdressing කරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් බොහෝ සම්පේක්ෂණයන් යොමු වී තිබෙනවා.නමුත් කිසිවෙක් හරියට හේතුව දන්නේ නැත.සමහරුන්ගේ මතය හෝමෝන හෝ ජානමය සාධක වන අතර තවත් සමහරු පාරිසරික සාධක හේතුවේ යැයි කියයි.




Crossdressing යනු ලිංගිකමය සංසිද්ධියක්ද?

transvestic fetishist
මනුෂ්‍යයන් යනු ලිංගික නිර්මාණයන්ය.මුල් කාලයේදී බොහෝ crossdressersලා ලිංගික උත්තේජනය ඇතිකරන ක්‍රියාකාරකම් සඳහා උනන්දුවන පිරිසක් ලෙස සලකන ලදි.කෙසේවෙතත් පර්යේෂණ පෙන්වාදෙන්නේ ලිංගික කරුණු නැඹුරුව වැඩි කාලයක් කැපී පෙන්නේ නැතිබවයි.crossdressing යනු ලිංගිකත්වයට වඩා පෞරුෂත්වය සම්බන්ධ කරුණකි.බොහෝදෙනාට අවශ්‍ය වන්නේ තමන්ගේම වීමටය.එය හරියට සංගීතඥයෙකුට වාදනය කිරීමට අවශ්‍යතාව තිබෙනවා මෙන් ලේඛකයෙකුට ලිවීම අවශ්‍ය වෙනවා මෙන්,ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට අවශ්‍ය වෙනවා මෙන්ය.ඔවුන්ට crossdressing වලින් තොර ජීවිතය, වාදනය නොමැතිව ජීවත් වෙන්නට සංගීතඥයෙකුට බලකරනවා මෙන්ය.




කුමන මාදිලියේ පුද්ගලයන්ද crossdressing කරන්නේ?



Crossdressers ලා ඕනෑම ජාතියකින්,ආගමකින්,ආර්ථික පසුබිමකින් පැමිණිය හැකිය.වසර දහස් ගණනකට ඉපිටදී විශේෂයෙන්ම සමහර ස්වදේශීය ඇමෙරිකානු ගෝත්‍රිකයන් crossdressersලාට යකැදුරන්ට සමාන ගෞරවයක් දක්වා තිබේ.බොහෝමයක් crossdressersලා උගත් සහ ගතානුගතික/ සාම්ප්‍රදායික පවුල් පසුබිම් තුලින් පැමිණි අය වේ.බහුතරය ඉතරලිංගික වන අතර වැඩි පිරිසක් විවාහකයන්ය.බහුතරය ඔවුන්ගේ පිරිමිබව සම්බන්ධයෙන් සතුටින් සිටින අතර ඉතා සුළු ප්‍රතිශතයක් ජීවිත කාලය පුරාවට ගැහැණියක් ලෙස ජීවත්වීමට තීරණය කරයි.ඉතා සුළු පිරිසක් ගැහැණුන් වන අතර ඔවුන් පුරුෂ crossdressers(male crossdressers) ගේ ප්‍රමාණය හා සැසඳීමේදී අතිශය කුඩා සමාජයකි.මෙයට හේතුව සමාජය විසින් ගැහැණුන්ට කැමති ආකාරයකට අඳින්න පළඳින්න සහ ස්වයං ප්‍රකාශනයට දී තිබෙන අසීමිත නිදහසය.



Crossdressing සුව කල හැකිද?



Crossdressers මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නය සමාජමය ආකල්පයි.බොහෝ crossdressersලා පවුල්වලට,රැකියාවන්ට සහ මිතුරන්ට මුහුණ දෙන්නට වන ප්‍රතිවිපාක පිලිබඳව සලකා තමන්ගේ මේ දෙබිඩි ජීවිතය සමාජයෙන් වසන් කරගෙන ජීවත් වෙයි.සමහර crossdressersලා ඔවුන්ගේ ස්ත්‍රීමය අංශය ප්‍රතික්ෂේප කර තමන්ගේ ඇඳුම් අහුරා තබයි.ඒත් ඒ පසුකාලයක යළිත් crossdressing වෙත පිවිසීමේ අරමුණින් යුතුවයි.සමහරු ප්‍රතිකාර අපේක්ෂා කරන මුත් බොහෝ චිකිත්සකයන්ට crossdressing සම්බන්ධව දැනුමක් නොමැත.සමහර crossdressersලා විට වෙනත් අයෙකුගෙන් උදව් බලාපොරොත්තු වෙනවාට වඩා පහසුවෙන් ස්වයං අධ්‍යනය ඔස්සේ විසඳුමක් සොයා ගනියි.ඒ අනුව crossdressing සඳහා ප්‍රතිකාරයක් නොමැත.එසේම බොහෝ crossdressersලා ප්‍රතිකාර අපේක්ෂා නොකරයි.



Crossdresser සහ ඔහුගේ භාර්යාව


Crossdresser and his wife
Crossdresser කෙනෙකුගේ බිරිඳ ඔහුව පිළිගැනීම(ඔහුගේ crossdressing ජීවිතය) තීරණය වන්නේ ඔහුගේ ප්‍රඥාවේ තරම ස්වකීය පරිණත බව,ඔවුන්ගේ සබඳතාවයේ ප්‍රබලත්වය සහ ඇය crossdressing යන්න අවබෝධ කරගන්නා ආකාරය මතයි.ඔහුගේ රහස එළිවීම නිසා ඇය තරහවටත්,බියටත්,ප්‍රතික්ෂේප කිරීමත් සහ දුකටත් පත් විය හැකිය.තම ස්වාමිපුරුෂයාගේ රහස් ජීවිතය තමන්ගේ ස්ත්‍රීත්වයට සහ ඔවුන්ගේ සබඳතාවයේ අනාගතයට තර්ජනයක් විය හැකි යැයි ඇයට දැනෙනු ඇත.මේ සඳහා විවෘත සහ අවංක සන්නිවේදනයක් අවශ්‍ය වේ.බිරිද හෝ සහකාරිය ඇගේ පුරුෂයා ඇයව අත්හැර වෙනත් පුරුෂයෙක් කරා නොයන හෝ ගැහැණියක් ලෙස නව ජීවිතයක් ආරම්භ නොකරන බව හෝ ඔවුන්ගේ ආර්ථිකය සහ පවුල් ජීවිතය අනතුරේ හෙළන අවදානමක් නොගන්න බව අවබෝධ කරගත් පසු දෙදෙනාටම ඒ සඳහා සමබර විසඳුමක් ඔවුන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් සොයාගත හැකිය.තත්ත්වය සමනය වන්නේ ඇගේ සහකරුවා සහ crossdresser යනු තමන් පෙර සිට දන්නා එකම පුද්ගලයාම බව  බිරිඳ හෝ සහකාරිය අවබෝධ කරගත් පසුවයි.



Crossdresser සහ ඔහුගේ දරුවන්



Crossdressing යන්න දරුවෙක් තුල බලහත්කාරයෙන් රෝපණය කල හැකි සංසිද්ධියක් නොවේ.crossdressing කිරීම කෙනෙක් ආරම්භ කරන්නේ බොහෝවිට ඔහුගේ ළමා කාලයේදී බව බොහෝමයක් crossdressers ප්‍රකාශ කරන කරුණකි.නමුත් ඔවුන් එසේ කිරීමට පෙළඹෙන්නේ තම පියා crossdresser කෙනෙක් වූ නිසාද? නැත.නමුත් පියා ලෙස ඕනෑම පුරුෂයෙක් දරුවන් ඉදිරියේ තම පීතෘත්වයට හානි කර ගත යුතු නොවේ යැයි මගේ විශ්වාසයයි.ඔබ crossdresser කෙනෙක් බව දරුවන්ට එළිකිරීමට අවශ්‍ය නම් ඊට නිසි වයස තිබේ.එනම් දරුවන්ට විවෘතව සිතීමට හැකි තනිව තීරණ ගත හැකි අවස්ථාවක් එළඹි විට ඒ බව එළිකිරීම හොඳය.ගැටවරවියේ පසුවන සමාජය සහ ලිංගික අනන්‍යතාව පිලිබඳ හරි හැටි අවබෝධයක් නැති (විශේෂයෙන්ම ඔවුන් පිරිමි දරුවන් නම්)දරුවන්ට ඔබේ crossdressing ජීවිතය පිලිබඳව කිසිවක් අනාවරණය නොකර සිටින්නේ නම් හොඳය.විශේෂයෙන් පිරිමි ළමුන්ට ඒ බව කියන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන් වැඩිහිටියන් වන තුරු සිටින්නට සිදුවේවි.තම ළමා කාලයේදීම crossdressing යන්න පිලිබඳ විවෘත මතයක සිටින දරුවෙකුට නම් එම එළිදරව් කිරීම එතරම් විශ්මය දනවන දෙයක් නොවන්නට ඉඩ තිබේ.


Post a Comment

0 Comments