ප්‍රීතිමත් Bottom සහකරුවෙක් - ගුද සංසර්ගයට උපදෙස්


පුරුෂ සමලිංගිකයන්ගේ ප්‍රධානතම ලිංගික ක්‍රියාකාරකම ගුද සංසර්ගයයි.නමුත් ඒ ගැන කතා කරන්නේ සුලු පිරිසකි,පළමුවරට එය සිදුකරන විට ඒ සම්බන්ධව කතා කරන පිරිස ඊටත් වඩා අඩුය.කෙසේවෙතත් ගුද සංසර්ගය සඳහා තිබෙන මාර්ගෝපදේශන සීමිතය.මෙම සීමිත දැනුම සමග ගුද සංසර්ගයට පිවිසිය හොත් එය යළි නොකරන තරමටම අමිහිරි අත්දැකීමක් බවටද පත්විය හැකිය.


සමලිංගික පුරුෂයන්ගෙන් වැඩි පිරිසක් ගුද සංසර්ගයට අකැමති සහ එය නොමැතිව සතුටින් සිටින සහ තම ලිංගික දිවිය සම්පුර්ණ කරන්නන්ය.(බොහෝ ඉතරලිංගික පුද්ගලයන්ද ගුද සංසර්ගයෙන් සතුටු වන මුත් එය සමලිංගික දෙයක් නොවේ.)ගුද සංසර්ගය  ඔබට සුවපහසු දෙයක් නොවේ නම් කිසිදා ඔබ එය සිදුනොකරාවි.

නමුත් ඔබ ගුද සංසර්ගය පිළිබඳව වැඩිපුර දැනගත් විට ඊට තිබෙන බිය පහව යාවි.ඒ භීතිකාව පරාජය කල පුරුෂයන්ට ගුද සංසර්ගය යනු ඔවුන්ගේ ලිංගික දිවියේ වැදගත්ම සහ සතුටුදායකම කොටසයි.ඔබත් එම පුරුෂයන්ගෙන් එක් අයෙක් හෝ එවැන්නෙක් වන්නට අවශ්‍ය නම් මේ ඉදිරිපත් කරන්නට යන ප්‍රයෝජනවත් කරුණු සහ උපදෙස් වඩාත් හොඳ ගුද සංසර්ගයට මග කියාවි.


කෙටි ජීව විද්‍යා පාඩමක්


ගුද මාර්ගය සහ ගුදයේ පිහිටීම
මෙය ඔබේ ගුදය / ගුද මාර්ගය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න උදව් වේවි.මෙය ගුද සංසර්ගයේ ගුප්ත ස්වභාවය අවම කරාවි.එසේම ඔබේ ගුද මාර්ගය තුල ශිශ්නයක් ඇතිවිට ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි කියා ඔබට අවබෝධයක් ලැබේවි.

ගුද චක්‍ර පිධාන

ගුදය විවෘත වන්නේ ඔබේ තට්ටම දෙක අතරින්ය.ගුදය යනු 6 cm පමණ දිග මාර්ගයකි.එය දේහය තුලදී ගුද මාර්ගය නම් විශාල මාර්ගයකට සම්බන්ධය.ගුදයේ පේශී වක්‍ර 2ක් ඇත.ඒවා පිටත/බාහිර සහ අභ්‍යන්තර /ඇතුලු චක්‍රපිධාන නම් වේ.සාමාන්‍යයෙන් ඔබට පිටත/බාහිර චක්‍රපිධානය පාලනය කල හැකි මුත් අභ්‍යන්තර චක්‍රපිධානය පාලනය කල නොහැකිය.ගුද සංසර්ගයක යෙදෙන විට ශිශ්නයක්  මෙම චක්‍රපිධාන දෙකම පසු කරගෙන යා යුතුය.එම චක්‍රපිධාන පේශින් බුරුල් නැති දැඩි ස්වභාවයක් ගන්නේ නම්(සමහර විට ඔබ කලබල සහිත හෝ ආතතියකින් යුක්ත නම් )සංසර්ගයට ලක්වන කෙනාට එය වේදනාකාරී අත්දැකීමක් වනු ඇත.


ශිශ්නය වරක් චක්‍රපිධාන සහ ගුදය  ඔස්සේ ගමන් කල පසු එය ගුද මාර්ගය වෙත පිවිසෙයි.එය 20 cm තරම් දිගය.ගුදයට සහ ගුද මාර්ගයට ඕනෑම ප්‍රමාණයක ශිශ්නයක් වෙනුවෙන් ප්‍රසාරණය වීමට සහ ඇදීමට හැකිය.ගුද සංසර්ගයේ යෙදීම හෝ එය වැඩිවශයෙන් සිදු කිරීම තුලින් ගුදය ස්ථිරවම ලිහිල් විය හැකිබවට කිසිදු සාක්ෂියක් නැත,විශේෂයෙන්ම සංසර්ගය නිවැරදිව සහ සුදුසු තරම් ස්නේහක/ලිහිසිකාරක යොදාගෙන කරන්නේ නම් ප්‍රශ්නයක් ඇතිවිය නොහැකිය.




ගුද සංසර්ගය සතුට ගෙන දෙන ක්‍රියාවක් වන්නේ ඇයි?


පුරහ්ස්ථ ග්‍රන්ථියේ පිහිටීම

ඔබේ ශිශ්නය මෙන්ම ගුදයද ස්නායු අන්ත රැසක් සහිත සංසර්ගයේදී ඉහළ ලිංගික සතුටක් ගෙන දෙන ස්ථානයකි.ඔබ සංසර්ගයට ලක්වන විට ඔබේ පුරහ්ස්ථ ග්‍රන්ථිය (එය ඔබේ මුත්‍රාශය අසල පිහිටා තිබේ)ශිශ්නයෙන් උත්තේජනය වෙන අතර බොහෝ පිරිමින්ට එය අතිශය ලිංගික තෘප්තියක් ගෙන දෙන අවස්ථාවකි.

සහකරු තමා තුලට ශිශ්නය ඇතුලු කිරීම ,අනෙක් පිරිමියෙක් විසින් සංසර්ගයට ලක් කිරීම  සහ සංසර්ගයට ලක්වීම නිසා ඇතිවන ප්‍රීතිය නිසා ගුද සංසර්ගය සතුටුදායක ක්‍රියාවක් ලෙස සලකයි.




ඔබේ ගුදය සමග මිතුරු වීම



ඔබේ ගුදය top සහකරු වෙත ඉදිරිපත් කිරීමට පෙර ,ඒ සම්බන්ධයෙන් හොඳින් දැනුවත්ව සිටීම හොඳය.ඔබට උණුසුම් ලිහිල් කරන ස්නානයකින් ආරම්හ කල හැකිය.ගුදයේ පිටත මෘදුව අතුල්ලන්න.ලිහිසිකාරකයක් යොදාගෙන ඇඟිල්ලක් හෝ දෙකකින් ඇතුලු කරන්න.ඔබට සුවපහසු බවක් දැනේ නම්  sex toy එකක් යොදාගන්න butt plug එකක් හෝ anal bead එකක් dildo එකක් ප්‍රමාණවත් ලිහිසිකාරක සමග පාවිච්චි කර බලන්න.

Butt plug

නිවසේ තිබෙන උපකරණ වෙනුවට යෝග්‍ය sex toy එකක් භාවිතා කිරීමෙන් ,ඇතිවිය හැකි සංකූලතා ආදියෙන් වැළකිය හැකිය.(සබන් සහිත උණු ජලයෙන් සෝදන්න.අමතර ආරක්ෂාවක් අවශ්‍ය නම් එය උපත් පාලන කොපුවක් සමඟ පාවිච්චි කරන්න)

Dildos
වඩාත් වැදගත්ම දෙය වන්නේ ඔබට එය සුවපහසු සහ තෘප්තිමත් දෙයක් වන තුරු අවශ්‍ය තරම් කාලය වැය කර සිදුකිරීමයි.අවශ්‍ය තරම් ලිහිසිකාරක යොදාගන්න.ඔබ ඉන් ඔබටම රිදවා ගත යුතු නොවේ,එසේම කඩිමුඩියේ වේගයෙන් සිදුකල යුතු නොවේ.ඔබට අවශ්‍ය විටෙක එය නවතා දමන්න.

Anal beads




පිරිසිදු වීම



මෙය බොහෝදෙනා සැලකිලිමත් වන සහ කලබල වන අවස්ථාවකි.ගුද සංසර්ගය අතරේ ගඳ සුවඳ බැලීම ඔබේ bottom සහකරුව අපහසුවට පත්කල හැකිය.සංසර්ගය අතර තුර මළපහ පිටවීම හදිසියේම ඕනෑම අයෙකුට සිදුවිය හැකිය.නමුත් පිරිසිදු ගුද සංසර්ගයක් සහ අපහසුතාවයන් අවම අත්දැකීමක් සඳහා ඔබට කල හැකි දේවල් තිබේ




* ගුද සංසර්ගයකට පෙර නාන කාමරයට යන්න.

* සාමාන්‍යයෙන් ගුදයේ හෝ ගුද මාර්ගයේ අසූචි ගබඩා කරගන්නේ නැත.සමහර විටෙක කුඩා කැබැල්ලක්(අසූචි) ඉතිරිව තිබිය හැකිය.

* ඔබේ ගුදය සහ අවට හොඳින් පිරිසිදු දැයි ඔබ සහතික විය යුතුය.

* ගුදය තුල යමක් තිබෙන බව දැනේ නම් ඇඟිලි යොදාගෙන පිරික්සා බලන්න.

* ඔබට අවශ්‍ය නම් ඔබේ ඇඟිලි යොදාගෙන ගුදය තුල අවශේෂයන් තිබේ දැයි පරීක්ෂා කර එය සෝදා දමා සම්පුර්ණයෙන්ම පිරිසිදු වන්න.

* සමහරුන් වස්තියක්(enema) යොදාගෙන තමන්ගේ ගුදය සහ ගුද මාර්ගය පිරිසිදු  කරගන්නට වඩා කැමතිය.



* වස්තියක්(enema) යනු ඔබේ ගුදයට සහ ගුද මාර්ගය තුලට දියරයක් ඇතුලු කර පිරිසිදු කල හැකි උපකරණයකි.ඉන් පසු ඔබ යලිත් දියරය ඉවතට ගත යුතුය.

* ඔබට enema කට්ටලයක් ගෙන එහි සඳහන් උපදෙස් අනුව ක්‍රියා කල හැකිය.

* සමහර වෛද්‍යවරුන් ගුදය අවට පරිසර අසංතුලනය වීම වැලැක්වීමට වස්තිය සමග උණු ජලය යොදා ගන්නට නිර්දේශ කරයි.

* ප්‍රමාණය ඉක්මවා වස්ති පාවිච්චි කිරීම ගුද විවරයට හානි පැමිණවිය හැකිය.

* ඔබ උපත් පාලන කොපු යොදා නොගන්නේ (bareback) නම් වස්ති භාවිතය HIV ආසාදනය වීමේ අවදානම වැඩි කලහැකිය.




සංසර්ගය ඇරඹීම



* පළමුවරට ගුද සංසර්ගයේ යෙදෙන විට ,ඔබේ කාලය ගන්න,අවශ්‍ය විටෙක එය නතර කරන්න.

* ඔබට යම් ආකාරයක ආලිංගනයක් සමග (ඔබේ top සහකරුට ඔහුගේ ඇඟිල්ල ගුදයට ඇතුලු කිරීමට ඉඩ දීම වැනි දෙයක් ) ආරම්භය ගැනීමට අවශ්‍ය නම් ඔබ සන්සුන් ඉරියව්වකට එන තෙක් එය කරන්න.(හැකිතරම් ලිහිසිකාරක යොදාගන්න ).

Gay fingering
* ඔබ සංසර්ගයට සූදානම් නම් ,ඔබට උත්සාහ කල හැකි ඉරියව් රැසක් තිබේ.ඔබට වඩාත් සුවපහසු ඉරියව්වක් හෝ කිහිපයක් උත්සාහ කර බලන්න.

Some of Gay Positions
* හැකිතරම් ලිහිසිකාරක භාවිතා කරන්න.ඔබට ඒවා ඔබේ ගුදය ඇතුලතත් ඔබේ සහකරුවාගේ ශිශ්නයේත් ගැල්විය හැකිය.



* ශිශ්නය ඔබේ ගුදය තුලට ඇතුලු කල පසුව සංසර්ගය සෙමින් අරඹන්න යැයි සහකරුට දැනුම් දෙන්න,විශේෂයෙන් ඔබ ගුද සංසර්ගය කරන්නේ පළමුවරට නම්.

* ආශ්වාස ප්‍රශ්වාසය සාමාන්‍යය පරිදි සිදුකරන්න මතක තබා ගන්න.

* මොනයම් හෝ අවස්ථාවක ඔබට වේදනාවක් දැනේ නම් ඔහුට එය නවතා දමන්න කියන්න.ඔහුගේ ශිශ්නය ඇතුලත තිබියදී නිසොල්මන්ව ටික වේලාවක් සිටින්න.ඉන් පසු යළි සංසර්ගය අරඹන්න යැයි ඔහුට පවසන්න.(ක්‍රමයෙන් වේදනාව වැඩි වේ නම් එය නවතා දමන්න )

* ඔබ ඉන් සතුටට පත් නොවේ නම් ඔබේ සහකරුට එය නවතා දමන්න කියන්න.ඔබට පසුව යළි උත්සාහ කල හැකිය.ඔබට එය සුවපහසු බවක් ඇතිකිරීමට ප්‍රයත්නයන් කිහිපයක් වුවද දැරිය හැකිය.

* ඔබ සංසර්ගයේ යෙදෙන විට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක්  දැනීමට හැකිය.එය ස්භාවිකය.කාලයත් සමග ගුද සංසර්ගයත් වැසිකිලි යැමත් අතර වෙනස ඔබ ඉගෙන ගනිවි.




ආරක්ෂා සහිතව ලිංගික එක්වීමක් සඳහා සහකරුවන්ට මාර්ගෝපදේශනයක්



* ගුද සංසර්ගය යනු HIV ආසාදනයේ අවදානම වැඩිම ලිංගික ක්‍රියාකාරකමකි.ඒ නිසා ප්‍රවේශම්වන්න.

* ගුද සංසර්ගය ඔස්සේ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පවා ඔබට ආසාදනය විය හැකිය.(උදා:හෙපටයිටිස් )

* HIV ආසාදනය වීමේ වැඩිම සම්භාවිතාව ඇත්තේ Top සහකරුට වඩා Bottom සහකරුටය.



* HIV හෝ වෙනත් ආසාදන වලින් වැළකීමට හැකි හොඳම මඟ උපත් පාලන කොපු භාවිතය සහ ජලමය ලිහිසිකාරක යොදා ගැනීම(ස්නේහමය/තෙල් ලිහිසිකාරක උපත් පාලන කොපු බිඳ දමයි.) top සහකරුට ඔබව තෙරපන්න ඉඩ නොදෙන්න - එය ඔබව තවත් අවදානම් සහගත ත්ත්වයට පත් කරාවි.


water-based lubrication
* ස්ත්‍රී උපත් පාලන කොපු යොදාගන්න.සංසර්ගයට පෙර එය ගුදයට ඇතුලු කරන්න.එය ඔබව ආරක්ෂා කරාවි.


ගුදයේ පැලුම්
* ඔබ ගුද සංසර්ගයේදී උපත් පාලන කොපු පාවිච්චි නොකරන්නේ නම්(මෙය Bareback නමින් හඳුන්වයි) වඩාත් ආරක්ෂාකාරී වන්නේ ස්නේහමය(තෙල්) ලිහිසිකාර අධිකව යොදා ගැනීමයි.(එමගින් ගුදයේ පැළීම් මගහරිවි)

* ඔබ උපත් පාලන කොපු රහිතව සංසර්ගයේ යෙදෙන්නේ නම් වස්ති(enema) භාවිතා නොකල යුතුය.(එය සංසර්ගයේදී ඉරීම් ඇති කරනවා සේම HIV ආසාදනය විමේ හැකියාවද ඉහළ දමයි )


* ඔබ  උපත් පාලන කොපු රහිතව සංසර්ගයේ යෙදේ නම් සංසර්ගය සිදුකිරීම දැඩිව කරන්නට top සහකරුට ඉඩ නොදෙන්න.ඔහුට ශුක්‍රාණු පිට වීමට පෙර ශිශ්නය ගුදය තුලින් ඉවත් කරගන්න කියන්න.එය ඔබේ අවදානම් සහිත බව අඩු කරාවි.

* ඔබේ සහකරුට බලහත්කාරයෙන් සංසර්ගය සිදු කරන්න ඉඩ නොදෙන්න .එය ගුදයේ පැලුම් ඇතිකර HIV ආසාදන වීමේ හැකියාව වැඩි කරාවි.



* HIV ආසාදනයක් තිබේ දැයි පරීක්ෂා කරගන්න .ආසාදනයක් තිබේ නම් ප්‍රතිකාර සඳහා යොමුවන්න.අන් අයව ආසාදනය වන ආකාරයෙන් හැසිරෙන්න එපා.


* ඔබ අනාරක්ෂිත ලිංගික සබදතාවක යෙදුනේ නම් හෝ සහකරුවා වෙතින් ආසාදනය වූවා යැයි වද වෙන්නේ නම් වහාම පරීක්ෂාවක් සිදු කරගන්න.මෙය PEP (Post Exposure Prophylaxis) නමින් හඳුන්වයි.අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදු කර පැය 72ක් තුල ඔබ සඳහා PEP යොමුවන්නේ නම් ඵලදායි වේ.



ගුද සංසර්ගය යනු සමලිංගිකයෙක් ලෙස ඔබ ප්‍රියකරනම ලිංගික ක්‍රියාකාරකම විය හැක්කේ ඔබ එය නිවැරදිව සිදු කරන්නේ නම්ය.ඒ සඳහා ඔබට  යම් කාලයක් අවශ්‍ය වේ.අත්දැකීම් සමග ඔබට එය වඩාත් තෘප්තියක් ගෙන දෙන දෙයක් බවට පත්වේ.අවසන් වශයෙන් කියන්නට ඇත්තේ එය ආරක්ෂිතව සිදුකරන්න කියාය.


Post a Comment

0 Comments