අසභ්‍ය අඩවියේ පළවූ ලිපි සොරා ගැනේ



වසරකට වැඩි කාලයක් ඔබට ලිපි සැපයූ අසභ්‍ය අඩවිය මෙලෙස නවතා දමන්නට සිදුවීම සම්බන්ධව ඔබ සැමට මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.ඒ අතර සිත් රිදවන දෙයක් අද මා හට දක්නට ලැබුණි. ඒ වෙහෙස මහන්සි වී කරුණු රැස් කර නිර්මාණය කරන ලිපි කිසිදු අවසරයකින් තොරව සොරාගෙන තමන්ගේම නිර්මාණ ලෙස පළකරන බ්ලොග් අඩවියක් සම්බන්ධවයි.




මේ ලැජ්ජාසහගත ක්‍රියාවේ යෙදෙන්නේ නම් lankaegossipbook.blogspot.com බ්ලොග් අඩවියේ හිමිකරුය.දැනටමත් අසභ්‍ය අඩවියේ පළකර තිබෙන ලිපි කිහිපයක් මාගේ කිසිදු අවසරයකින් තොරව බ්ලොග් අඩවියේ පළ කර තිබේ.අඩුම තරමේ මෙම ක්‍රියාවේ යෙදෙන්නා ලිපිවල මුල් පිටපත් ලබා ගත් මූලාශ්‍රය පළ කිරීමෙන් හෝ මුල් කතෘට ගෞරවයක් හෝ ලබා දී නැත.මෙය මෙරට පමණක් නොව බොහෝ රටවල  බ්ලොග්කරුවන්ට අත්විඳින්නට වන නීරස අත්දැකීමකි.නිර්මාණ සොරා ගැනීම ඔස්සේ සිදුවන්නේ එම නිර්මාණවල මුල් අයිතිකරුවන් නිර්මාණකරණයෙන් ඈත්වීමයි.


බ්ලොග්කරුවෙක් ලෙස මෙවැනි පිළිකුල් සහගත ක්‍රියා හෙළාදකිමි


මෙතෙක් කාලයක් අසභ්‍ය අඩවියෙන් ඔබ දැනුමක් ලැබුවේ නම් හෝ වින්දනයක් ලැබුවේ නම් මා ඔබ සැමගෙන් ඉල්ලන්නේ මෙවැනි චෞරයන් පිළිකුලෙන් යුතුව හෙළා දකින ලෙසයි.

Post a Comment

0 Comments