අසභ්‍ය අඩවියේ නිල ෆේස්බුක් පිටුව අක්‍රීය වේ


අසභ්‍ය අඩවියේ නිල ෆේස්බුක් පිටුව ලෙස තිබූ Blue Site පැයකට පමණ පෙර Facebook වෙබ් අඩවිය මගින් අක්‍රීය කර දමා තිබේ.බ්ලොග් අඩවියේ ලිපියක් පළකල සැනින් බහුතරයක් පාඨකයන් ඒ බව දැන ගත්තේ Blue Site ෆේස්බුක් පිටුව ඔස්සේය.කෙසේ වෙතත් මේ වන විට බ්ලොග් අඩවියේ නිල ෆේස්බුක් පිටුව අක්‍රීය තත්ත්වයේ තිබේ.පසුගිය අප්‍රේල් මස තුන්වන  ෆේස්බුක් පිටුව වූ සමලිංගික ද්විලිංගික සහ අන්තර්ලිංගිකයෝ පාලනයෙන් ගිලිහී ගිය පසුව Blue Site නමින් යළි Facebook සමාජ ජාලයට පැමිණි අසභ්‍ය අඩවිය ඊයේ දින බිඳ වැටෙන විට 3200කට වැඩි පිරිසක් සාමාජිකයන්ව සිටියෝය.යළිත් වරක් නව ෆේස්බුක් පිටුවක් නිර්මාණය කිරීමට තරම් උනන්දුවක් හෝ ධෛර්යයක් මා සතුව දැන් නොමැත.අවසන් වශයෙන් මෙතෙක් කාලයක් පිටුව සමග රැඳී සිටි සියලු දෙනාට මගේ ස්තුතියය.එසේම කාලයක් තිස්සේ මගේ උදව් නොමැතිව ෆේස්බුක් පිටුව මෙහෙයවූ අලුත් ඇඩ්මින්වරයාට විශේෂ ස්තුතිය පුදකරමි.

Post a Comment

0 Comments