Transgender Drama Movies - 31


2013 වසරේ තිරගත වීම ඇරඹූ Rupture චිත්‍රපටය Nitin Upadhyaya විසින් අධ්‍යක්ෂණය කල සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වූවකි.ප්‍රධාන චරිතයට පණපොවන්නේ transsexual නිලියක වන Sophia Abella ය.





කතා සාරාංශය


බිරිඳ මිය යෑමත් දියණියට මවකගේ අවශ්‍යතාවයත් නිසා හුදකලා පිරිමියෙක් ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් සඳහා යොමුවේ.ඔහු හැමවිටම තම ලිංගිකත්වය සම්බන්ධයෙන් ව්‍යාකූලව සිටින අතර ශල්‍යකර්මයෙන් පසුව ඔහුව ස්ත්‍රියක් ලෙස පිලිගන්නට දියණිය අකැමැතිවේ.මේ නිසා තවත් ව්‍යාකූල තත්ත්වයට පත් වන ඔහු ස්ත්‍රියක් ලෙස ගැහැණු-පිරිමි දෙපක්ෂය සමගම ලිංගිකව එක්වන්නේ ඊට පිලිතුරක් සොයා ගැනීමටය.ඉන්පසු ඔහු නැවත ශල්‍යකර්මයක් මගින් පිරිමියෙක් බවට පත් වේ.ඔහුට දියණියගේ කැමැත්ත ලබා ගත හැකිවේද?ඔහු අවසානයේ තෘප්තිමත්ද? ඔහුගේ ජීවිතය යළි සාමාන්‍යය තත්ත්වයට පත් වේද?



Rupture චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයක් හෝ පිටපතක් හෝ අන්තර්ජාලයන් සොයා ගැනීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න.

Rupture චිත්‍රපටයේ ෆේස්බුක් පිටුව:Rupture the Film
අධ්‍යක්ෂකවරයා:Nitin Upadhyaya
ප්‍රධාන නිළිය:Sophia Abella

චිත්‍රපටය සම්බන්ධ වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්නට තරම් මූලාශයන් හමුනොවූ අතර මෙහි පිටපතක් ඔබ සතුවේ නම් අප වෙත දන්වන්න.


Sophia Abella


Sophia Abella



Sophia Abella 1981 වසරේ පිලිපීනයේ Bislig City නම් ගම්මානයක් උපත ලැබීය.Transsexual(Male to Female)කෙනෙක් වන ඇය Transliving ආදී සඟරා රැසක පෙනී සිට තිබේ.නිරූපිකාවක් වන ඇය සිනමාවට ප්‍රවිස්ථ වන්නේ  "Rupture" චිත්‍රපටය ඔස්සේය.



Post a Comment

0 Comments