Transgender Drama Movies - 29


Soldier's Girl යනු 2003 වසරේ තිරගත වීම ඇරඹූ කැනේඩියානු-ඇමෙරිකානු චිත්‍රපටයකි.Showtime රූපවාහිනි ආයතනය විසින් මෙය නිෂ්පාදනය කරන ලදි.චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරන ලද්දකි.රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන කෙනෙක් හා ආදරයෙන් බැදෙන හමුදා සෙබලෙක් ඊට ජීවිතයෙන් වන්දි ගෙවන අයුරු මෙම චිත්‍රපටයෙන් පෙන්වා දෙයි.තිරපිටපත Ron Nyswaner විසින් වන අතර අධ්‍යක්ෂණය Frank R. Pierson විසිනි.


Soldier's Girl - 2003 Movie Poster


අධ්‍යක්ෂණය:Frank Pierson
තිරරචනය:Ron Nyswaner
රංඟනය:Troy Garity
Lee Pace
Andre Braugher
Shawn Hatosy
Philip Eddolls
Merwin Mondesir
Dan Petronijevic
සංගීතය:Jan A.P. Kaczmarek
කැමරාකරණය:Paul Sarossy
සංස්කරණය:Katina Zinner
නිකුත්කල දිනය:January 20, 2003
ධාවන කාලය:112 minutes
රට:United States, Canada
භාෂාව:English






කතා සාරාංශය


Barry යනු ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ 101st Airborne Division හි සෙබළෙකි.ඔහු සේවය කලේ Kentucky නගරයේ Fort Campbellහිය.showgirl කෙනෙක් ලෙස Nashville, Tennessee හි සේවය කල  Calpernia නම් transgender , Barry හට මුණ ගැසෙන්නේ 1999 වසරේදීය.Barryගේ මිතුරෙක් වූ Justin Fisher ,Calpernia සේවය කල රාත්‍රී සමාජ ශාලාවට Barryව රැගෙන එයි.Barry සහ Calpernia එකිනෙකා නිතර හමුවීමත් සමග Fisher ඔවුන්ගේ සබදකම පිළිබඳව හමුදාව තුල කටකතා පතුරවා හරියි.මේ නිසා Barry හමුදාව තුලදී විවිධාකාරයෙන් අපහාසයන්ට,හිරිහැර කිරීම් වලට මුහුණු දෙයි.නිදහස් දිනය දා එම අඩන්තේට්ටම් වල උපරිමයට ලඟාවෙයි.Calpernia Nashville හි ප්‍රසංගයක රඟද්දී , Calvin Glover නැමැත්තා විසින් නිදාසිටි Barry හට බේස්බෝල් පිත්තකින් මැරෙන තුරු පහර දෙයි.එම අපරාධය Fisher ගේද පෙළඹවීම මත සිදුවේ.



Soldier's Girl - 2003 Movie Trailer 




Soldier's Girl - 2003 චිත්‍රපටය නොමිලේ නරඹන්න






Soldier's Girl - 2003 හි සත්‍ය කතාව 

Soldier's Girl චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ සත්‍ය කතාවක් පදනම් කරගෙන බව මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කලෙමු.මෙහි එන Transgender ගේ නියම නම Calpernia Sarah Addams ය.ඇය උපන්නේ 1971 පෙබරවාරි මස 20 දාය.ඇමෙරිකානු ජාතික ලේඛිකාවක්,නිළියක්,සංගීතඥයෙක් සහ Transgender අයිතීන් සම්බන්ධ ක්‍රියාකාරිනියකි. Nashville, Tennessee හි හැදී වැඩුනු ඇය එක්සත් ජනපද නාවික සහ යුද හමුදාවල සේවය කර තිබේ.ඇය හමුදාවේ ගෙවූ අවසන් වසරේ Transgender Woman කෙනෙක් ලෙස සමාජයට පැමිණියාය.එසේම තම නමට Calpernia යන්නද ඈදාගන්නා ලදි.1999 වසරේදී ඇය සෙබලෙක්  Barry Winchell වූ සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය නමුත් අවසානයේදී තම සහෝදර සෙබලුන් දෙදෙනක් අතින් Barry Winchell ඝාතනයට ලක් වෙයි.


පෙම්වතාගේ ඝාතනය සහ Calpernia ගේ ජීවිතය ගැන තොරතුරු www.calpernia.com නම් ඇගේ වෙබ් අඩවියේ ඇතුලත් වේ.

www.calpernia.com



Calpernia ගේ ෆේස්බුක් පිටුව

www.facebook.com/calpernia



Calpernia Sarah Addams


ඝාතනයට ලක්වූ Barry Winchell


Justin Fisher (1999)

Calvin Glover (1999)


Post a Comment

0 Comments