Transgender Drama Movies - 27


Cambio de Sexo ලෙස ස්පාඤ්ඤය නමින් නිකුත් වූ මෙහි ඉංග්‍රීසි පරිවර්තනය Change of Sex/Sex Change ලෙස දැක්විය හැකිය.නමුත් සමහර තැනක එය Forbidden Love ලෙසද දක්වා තිබේ.ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන මෙය 1977 වසරේදී නිකුත් කල අතර අධ්‍යක්ෂණය සහ තිරරචනය Vicente Aranda විසිනි.මෙම චිත්‍රපටයෙන් පුරුෂ ගතියෙන් හීන පිරිමි දරුවෙක් නගරයට ගොස් කාන්තාවක් බවට පත්වීමේ ආසාව ඉෂ්ඨ කර ගැනීමට දරන උත්සාහය පෙන්වා දෙයි.


Cambio de Sexo -1977 Movie Poster


අධ්‍යක්ෂණය:Vicente Aranda
නිෂ්පාදනය:Jaime Fernandez Cid
තිරරචනය:Vicente Aranda

රංඟනය:Joaquin Jordá
Carlos Durán
Starring Victoria Abril
Lou Castel
Fernando Sancho
Rafaela Aparicio
Bibí Andersen

සංගීතය:Ricardo Miralles
කැමරාකරණය:Néstor Almendros
José Luis Alcaine
සංස්කරණය:Maricel Bautista
බෙදාහැරීම:Morgana Films
නිකුත්කල දිනය:Spain May 13, 1977
ධාවන කාලය:108 minutes
රට:Spain
භාෂාව:Spanish







කතා සාරාංශය


 කුඩා නගරයක ජීවත්වන José Maria නම් යෞවනයාට විශාල ප්‍රශ්නයක් තිබේ.ඔහු සිතන්නේ තමා ඇතුලතින් නියම ස්ත්‍රියක් බවයි.නමුත් ඔහුගේ පවුල් පසුබිමෙන් එල්ල වන දේ හමුවේ ඔහු අසීරුතාවයට පත් වේ.ඔහුගේ පියා නම් තම පුත්‍රයාගේ කෝමල ගතිවලට බොහෝ අකැමැතිය.ඔහු උත්සාහ කරන්නේ තම පුත්‍රයා ගණිකාවක් සමග ලිංගික සම්බන්ධකමක් පවත්වනවා දකින්නටය.කෙසේනමුත් එම වරදකාරී හැඟීම් වලින් පලායන්නට සමත් වන ඔහු නගරයට පැමිණ කාන්තාවක් ලෙස ජීවත්වන්නට උත්සාහ කරයි.කරණවෑමියෙක් ලෙස සේවය කරන අතරතුරේදී ඔහුට Bibi නම් cabaret එකක සේවය කරන transvestite කෙනෙක් හමුවේ.José Maria ඇය හා සේවයට යයි.ඔහු තවදුරටත් José Maria නොව Maria José ය.ඔහු cabaret එකෙහි හිමිකරුවා වන Durán සමග ආදරයෙන් බැදෙයි.මුලදී Durán Mariaට අකැමැති වුවත් පසුව සම්බන්ධය හොදින් දිව යයි.දෙදෙනාම ලන්ඩන් නගරයට යන්න සැලැසුම් කරන්නේ ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් වෙනුවෙන්ය.



Cambio de Sexo -1977 Movie Trailer




Cambio de Sexo -1977  චිත්‍රපටය මෙතනින් නරඹන්න



Post a Comment

0 Comments