මාධ්‍ය ඔස්සේ දිනපතාම පාහේ අලුත් නිරූපිකාවන් බිහිවේ.නමුත් ඔවුන්ගෙන් අතිබහුතරය මධ්‍යම ප්‍රමාණයේ ඇඳුම් ප්‍රමාණවලට සීමා වූවන්ය.එහෙත් සාමාන්‍යය ජීවිතයේ අප දකින කාන්තාවන් එවැනි සිහින් හැඩැති සිරුර දරන්නේ කලාතුරකිනි.නිරූපණ ක්ෂේත්‍රයේ ඉඩක් හිමිව ඇත්තේ මධ්‍යස්ථ දේහධාරී ස්ත්‍රීන්ට පමණක්ද?නැත.අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ සාමාන්‍යය දේහ ප්‍රමාණය ඉක්මවා ගිය දේහයන්ට හිමිකම් කියන මුත් සරාගී බවෙන් අඩුවක් නොමැති නිරූපිකාවන් කිහිපදෙනෙක් පිලිබඳවයි.
Size 12
Size 12 යනු කාන්තාවන්ගේ ඇඳුම් වල ප්‍රමාණයකි.මිම්මකි.මෙම මිනුම් නිර්මාණය වන අයුරු සහ ඒවා දේහයේ ළමැද,ඉඟටිය සහ උකුල සමග සම්බන්ධ වන අයුරු වගුවල දැක්වේ.
එක්සත් ජනපද මිනුම්කරණය අනුව size 12 හෝ ඊට වැඩි යනු විශාල දේහ ප්‍රමාණ දරන කාන්තාවන්ට ගැලපෙන ඇඳුම් වල ප්‍රමාණයයි.
size 12 |
size වල විවිධත්වය |
1.Tara Lynn
Tara Lynn යනු plus-size(විශාල දේහයක් සහිත) නිරූපිකාවකි.ඇය වඩා ප්‍රසිද්ධ Elle සඟරාවේ කවරය වෙනුවෙන් පෙනී සිටි නිසාය.ඇය පිලිබඳව කල ලිපියක් නිසා නිරූපණ ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් ව ඊට Tara වැනි real-size කාන්තාවන්ටද පිවිසෙන්නට අවස්ථාව වැඩිපුර ලැබී තිබේ.ඇයට ගැළපෙන්නේ UK size 18 /US අනුව 14/16 විලාසිතාය.
2.Justine Legault
කැනඩාවේ Quebec පළාතේ උපන් නිරූපිකාවක් ලෙස plus-size නිරූපණ ක්ෂේත්‍රය තුල පසුගිය වසර කිහිපයේ උණුසුමක් ඇති කලාය.ඇය 5'9'' උසය.ඇගේ ප්‍රමාණය US size අනුව 14කි.
3.Christina Mendez
Christina Mendez යනු plus-size නිරූපණ ක්ෂේත්‍රයේ ඉතිහාසය තුල බිහිවූ ස්පාඥ්ඥ බස කතා කරන පළමු real-size(තාත්ත්වික ප්‍රමාණයේ) නිරූපිකාවයි.
4.Barbara Brickner
Barbara Brickner යනු වසර 10ක පමණ කාලයක සිට plus-size නිරූපිකාවක් ලෙස කටයුතු කරන අයෙකි.ඇය plus-size ඇඳුම් මෝස්තර නිර්මාණකරුවන් රැසකට තම සේවය සපයන අතර 2000 වසරේ Elena Miro නම් ඉතාලි සමාගම වෙනුවෙන් දින දර්ශනයකට පෙනී සිටීම ඇය වඩාත් කැපී පෙනුනු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
5.Silvia Rho
Silvia Rho යනු කොරියානු-ඇමෙරිකානු නිරූපිකාවකි.5'9'' උස ඈට ගැළපෙන්නේ size 16 ප්‍රමාණයේ ඇඳුම් විලාසිතාය.ඇය වැඩි කාලයක් catalog model කෙනෙක් ලෙස කටයුතු කල අතර වසර 3කට ඉහත දී මෝස්තර නිරූපණ සමාගමක් හා ගිවිසුම් ගත විය.
6.Anansa Sims
Anansa Sims ක්ෂේත්‍රයට පැමිණියේ ඇගේ සුන්දරත්වය නිසාය.ඇගේ මව Beverly Johnson, American "Vogue" සඟරාවේ පෙනී සිටි පළමු කාන්තාව වූවාය.
7.Natalie Laughlin
Natalie Laughlin යනු ටයිම්ස් චතුරස්‍රයේ දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය වූ පළමු plus-size model නිරූපිකාවයි.5'9'' උස ඇය 12/14 ප්‍රමාණයේ විලාසිතා සඳහා සුදුසු නිරූපිකාවකි.
8.Ashley Graham
Ashley Graham යනු කොමුපිළි නිරූපිකාවක් ලෙස ප්‍රසිද්ධ plus-size model කෙනෙකි.උස 5'9'' වන ඇයට ගැළපෙන්නේ Size 16 ප්‍රමාණයේ විලාසිතාය.
9.Kate Dillon
Kate Dillon යනු පළමු plus size supermodelsගෙන් එක් අයෙකි.ඇය 2000 වසරේදී People Magazine සඟරාවේ ලොව සුන්දරතම පුද්ගලයින් 50 දෙනා අතරද සිටියාය.ඇය 5'11'' උසය.
10.Fluvia Lacerda
නිව්යෝර්ක් නගරයේ දරුවන් බලාගන්නියක් ලෙස සිටි Fluvia Lacerda වෙත පැමිණි සඟරාවක කතෘවරයෙක් කල ඉල්ලීමට අනුව ඇය plus-size නිරූපිකාවක් බවට පත් විය.දැන් Fluvia Lacerda යනු ජාත්‍යත්තර මට්ටමේ නිරූපිකාවකි.
0 Comments