කාමයේ වරදවා හැසිරීමේ විපාක - 2


කම්සැප විඳින්න මනුෂයන් මෙන්ම අන් සත්වයන්ද කැමතියි.නමුත් කාමයේ වරදවා හැසිරීමෙන් සිදුවන අකුසල් ලේසියෙන් පහසුවෙන් ගෙවා දැමිය නොහැකිය.අද "කාමයේ වරදවා හැසිරීමේ විපාක" ලිපියේ දෙවන නැත්නම් අවසන් කොටසින් ඔබ වෙත ගෙන එන්නේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයන් ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ සහ මනුෂය ලෝකයේ ඉපිද අකුසලයන්ට විපාක විඳින අයුරුය.

 සමහර ප්‍රේතයන් අන් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වෑස්සෙන ස්‍රාව ආහාරය කොට ගනියි

කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමයි ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්.

සමහර ස්ත්‍රී ප්‍රේතයන් විශාල පුරුෂ ලිංගයක් මුඛය තුල ඇතිව උපදියි

සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ  ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා.

ඇතැම් පුරුෂ ප්‍රේතයන්ගේ ලිංගය නිතරම ගින්නෙන් දැවෙමින් තිබේ

එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා.





 සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමයි.ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා.ස්වරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවයි උපත ලබන්නේ.

ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ.

ප්‍රේත ලෝකයෙන් චුත වී අසූචි වලක හෝ වෙනත් අපිරිසිදු ස්ථානයක පණුවෙක් ලෙස උපත ලබයි

ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමයි මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ.

බහු පුරුෂ බහු ස්ත්‍රී සේවනය නිසා සුනඛ උපතක් ලැබිය හැකිය.

සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා.

අනුන්ව රැවටීම නිසා වඳුරු භවයක් ලැබිය හැකිය.

බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා.

තම සහකරු හෝ සහකාරියව තම අනියම් බැඳීම් හෝ නොමනා ක්‍රියා නිසා ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීමෙන් බූරුවෙක්ව ඉපදීමට ඉඩ තිබේ

ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා.....

වෙනත් කෙනෙකුගේ බිරියක් හෝ සැමියෙක් හා අනාචාරයේ හැසිරීමෙන් ගව උපතක් ලැබිය හැකිය

වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්....

මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුල වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා.

ස්ත්‍රී ලක්ෂණ සහිත හෝ ස්ත්‍රියක් සේ හැසිරෙන්න ආසා කරන පිරිමියෙක් ලෙස උපදියි

තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්.නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ වුනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා.ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමයි. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමයි උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ.නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ.මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමයි.

පිරිමියෙක් ලෙස උපන්නත් ස්ත්‍රියක් සේ අඳින්න පළඳින්න ආසා කරයි

මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලිංගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා.



හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම  නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩියි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් (පුරුෂ සමලිංගිකයන් නාමකරණයේදී මොවුන් Bottom ලෙස හඳුන්වයි) ලෙස උපත ලබනවා.


ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම්  ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලිංගිකයෙක් (පුරුෂ සමලිංගිකයන් වර්ගීකරණයේදි මොවුන් Top ලෙස හඳුන්වයි)ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමණයි....


පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන (ස්ත්‍රී සමලිංගිකයන් වර්ගීකරණයේදී Butch ලෙස මොවුන් හඳුන්වයි) අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා ....


ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි  වාර ගණනක් නම්  එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් (ස්ත්‍රී සමලිංගිකයන් වර්ගීකරණයේදී Femme ලෙස මොවුන් හඳුන්වයි) ලෙසයි උපත ලබන්නේ.

ගණිකාවක් ලෙස දිවිගෙවයි.

ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා.

විශ්වාසය බිඳ දමන සැමියෙක් ලැබේ

ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමයි ඇයට ලැබෙන්නෙත්. එනිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා...

සතුටුදායක පවුල් ජීවිතයක් සහ විශ්වාසවන්ත සැමියෙක් ලැබේ

කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්ධතිය හා ප්‍රජනන පද්ධතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසයි....

කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසයි සැලකෙන්නේ...

සිල්වත් කාන්තාවක් ලෙස උපත ලබයි

කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසයි. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්...

නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා...


මුල් ලිපිය :http://sasarasadapahara.weebly.com

Post a Comment

0 Comments