Transgender Drama Movies - 23


Dog Day Afternoon යනු 1975 වසරේ තිරගත වීම ඇරඹූ  Sidney Lumet අධ්‍යක්ෂණය කල Frank Pierson රචනාකල Martin Bregman සහ Martin Elfand නිෂ්පාදනය කල චිත්‍රපටයකි.මෙහි Al Pacino, John Cazale, Charles Durning, Chris Sarandon, Penelope Allen, James Broderick, Lance Henriksen, Carol Kane ආදීන් රංඟනයේ යෙදිනි.මෙම චිත්‍රපටයට තේමා වී තිබෙන්නේ John Wojtowicz සහ Salvatore Naturale යන අය විසින් 1972  අගෝස්තු මස 22 දා  Brooklyn හි බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක් මුල් කරගෙන P.F. Kluge විසින් ලියූ ලිපියක්ය.එම ලිපිය 1972 වසරේ ප්‍රසිද්ධ කල එකකි.මෙම චිත්‍රපටය Academy සම්මානයක් දිනා ගැනීමට සමත් විය.




අධ්‍යක්ෂණය:Sidney Lumet
නිෂ්පාදනය:Martin Bregman, Martin Elfand
තිරරචනය:Frank Pierson
රංඟනය:Al Pacino
John Cazale
James Broderick
Charles Durning

කැමරාකරණය:Victor J. Kemper
සංස්කරණය:Dede Allen
බෙදාහැරීම:Warner Bros.
නිකුත්කල දිනය:September 21, 1975
ධාවන කාලය:125 minutes
රට:USA
භාෂාව:English
වියදම:$1.8 million
ආදායම:$50.0 million






කතාව


මෙය 70 දශකයේ මුල් කාලයේ ඇමෙරිකාවේ Brooklyn හි සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වූවකි.(නමුත් චිත්‍රපටයේ ඇතුලත් බොහෝ දේ සත්‍ය සිද්ධිය හා නොගැලපෙන බව පසුව හෙළිවිය.).සමලිංගිකයෙක් තම ප්‍රේමවන්තයාගේ ලිංගිකත්වය වෙනස් කරගැනීමේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට හි බැංකුවක් මංකොල්ල කෑමට සැලසුම් කරයි.නමුත් බැංකුවේ තිබූ මුදල් පෙර දිනෙක රැගෙන ගොස් තිබූ නිසා බැංකුවේ ඔවුන්ට අවශ්‍ය තරම් මුදල් නොමැතිබව ඔවුන්ට වැටහේ.පොලිස් නිලධාරීන් බැංකුව වට කර ඔවුන්ට යටත් වන ලෙස අණ කරයි.නමුත් ඔවුන්ගේ සැලසුම ගුවන් තොටුපොල වෙත ගොස් ඒ ඔස්සේ වෙනත් රටකට පලා යෑමටයි.ඔවුන් උත්සාහය සාර්ථක වෙයිද?


Dog Day Afternoon (1975) Movie Trailer 




Dog Day Afternoon (1975) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න


Post a Comment

0 Comments