Transgender Drama Movies - 22


I Want What I Want යනු 1972 වසරේ තිරගත වීම ඇරඹූ බ්‍රිතාන්‍යය චිත්‍රපටයකි.මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ John Dexter විසිනි.ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ Anne Heywood Harry Andrews සහ Jill Bennett විසිනි.චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ I Want What I Want නම් නවකතාවයි.කාන්තාවක් ලෙස ජීවත් වන්නට තීරණය කරන තරුණයෙකුට අත් විදින්නට වන කටුක අත්දැකීම් මෙම සිනමා නිර්මාණයෙන් ඉදිරිපත් කෙරේ.




අධ්‍යක්ෂණය:John Dexter
නිෂ්පාදනය:Raymond Stross
තිරරචනය:Geoff Brown (novel), Gillian Freeman

රංඟනය:Anne Heywood
Harry Andrews
Jill Bennett
Paul Rogers
Michael Coles
Sheila Reid
Virginia Stride
Jill Melford
Philip Bond
Rachel Gurney

සංගීතය:Johnny Harris
කැමරාකරණය:Gerry Turpin
සංස්කරණය:Peter Thornton
නිකුත්කල දිනය:2 June 1972
ධාවන කාලය:91 min
රට:UK
භාෂාව: English





කතාව


 Roy නම්  තරුණයා තමා පිරිමි සිරුරකට කොටු වූ ගැහැණියක් බව අවබෝධ කරගෙන ගැහැණියක් සේ හැසිරෙන්න පටන් ගනියි.ඔහුට සුවපහසු බවක් දැනෙන්නේ ගැහැණු ඇඳුම් ඇඳීමෙන් පසුවයි.නමුත් දිනෙක ඔහු තම නපුරු පියාගේ අතටම හසුවෙන්නේ කාන්තාවක් මෙන් ඇඳ පැළදෙගෙන සිටින අවස්ථාවකයි.වහාම තම පියාගෙන් මිඳී ආරක්ෂා සහිත ස්ථානයකට පළා යයි.ඉන් පසු ඔහු Wendy යන නමින් කාන්තාවක් ලෙස ජීවත් වෙයි.නමුත් Wendy ගේ නියම ස්වරූපය කුමක්දැයි අනාවරණය කරගන්නා ඇගේ අසල්වැසියා ඇයට දරුණ ලෙස පහර දෙයි.එම ප්‍රහාරයෙන් පසු මෙම කරුමක්කාර පිරිමිකම මුලුමනින්ම ඉවත් කරගන්නට තීරණය කරයි.

I Want What I Want (1972) - Movie Trailer



මෙම චිත්‍රපටයේ පිටපත් සොයාගැනීමට නොහැකිවූ බව කරුණාවෙන් සළකන්න

Post a Comment

0 Comments