Transgender Drama Movies - 20


Another Woman යනු 2002 වසරේදී නිකුත් කල TV Movie එකකි.මෙහි නියම නම Une Autre Femme වේ.මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ Jérôme Foulon විසිනි.තිරරචනය Jackye Fryszman සහ Didier Lacoste විසිනි.ප්‍රංශයේ නිෂ්පාදිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන Post-Op Transwoman ලෙස Nathalie Mann නම් නිළිය රංඟනයේ යෙදේ.චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ MTFකෙනෙක් තම පවුල ලබාගැනීමට කරන අරගලයකි




අධ්‍යක්ෂණය:Jérôme Foulon
තිරරචනය:Jackye Fryszman, Didier Lacoste

රංඟනය:Nathalie Mann
Micky Sébastian
Antoine Duléry
Lizzie Brocheré
Jerry Lucas
Aladin Reibel
Morgan Perez
Raphaël Personnaz
Pierre Poirot
Hervé Falloux

නිකුත්කල දිනය:29 May 2002 (France)
ධාවන කාලය:106 min
රට:France
භාෂාව:French







කතාව


Nicolas,තරුණ වෛද්‍යවරයෙක් ව සිටි කාලයේ ඔහුට පවුලක් සහ දරුවන් සිටියේය.ඒ වසර 10කට පෙරය.අද Nicolas, Lea බවට පත්ව තිබේ.ඒ ශල්‍යකර්ම ඔස්සේ ස්ත්‍රීත්වය හිමිකරගෙනය.ඇය ජීවත්වන්නේ ඖෂධ නිෂ්පාදන නියෝජිතවරියක් ලෙස ජිනීවා හීය.ඇයට තම දරුවන් දැකගැනීමේ ආසාවක් ඇතිවේ.නමුත් කෙලින්ම තමන් කවුද යන වග ඔවුන්ට හෙලිකරන්න ඇය තුල නිර්භීතභාවයක් නැත.මේ නිසා පියානෝ වාදන ශිල්පිනියක් වන තම දියණිය හා මිත්‍රවන්නේ ව්‍යාජ පුවත්පත්කලාවේදිනියක් ලෙස පෙනී සිටිමින්ය.එම සැලැස්ම ක්‍රමයෙන් සාර්ථක වෙමින් ඉදිරියට යන්නේ ඇයව පවුලේ අන් අයටද හඳුන්වා දෙමින්ය.නමුත් කිසිවෙක් ඇගේ මෙම ව්‍යාජ රංඟනය හඳුනාගන්නේ නැත.අවසානයේදී තමා කවුද යන්න පවුලේ අය ඉදිරියේ හෙළි කරන්න ඇය තීරණය කලත් ඒ අනාවරණය හමුවේ ඔවුන් තිගැස්මට ලක්වේ.අවාසනාවට ඔවුන් ඇයව ප්‍රතික්ෂේප කරනු ලබයි.තම පවුල නැවත ලබා ගැනීමට ඇය අධිකරණය වෙතද යයි.අවසානයේදී ඇය සියල්ල ජය ගනීද?



Another Woman (2002) - Movie Trailer 




මෙම  චිත්‍රපටයේ නැරඹිය හැකි කිසිදු පිටපතක් සොයා ගැනීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න.


Post a Comment

0 Comments