Transgender Drama Movies - 19


The Christine Jorgensen Story යනු 1970 වසරේදී තිරගත වීම ඇරඹූ transwoman කෙනෙක් වන Christine Jorgensen ගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය කල චිත්‍රපටයකි.මෙය අධ්‍යක්ෂණය කලේ  Irving Rapper විසිනි.චිත්‍රපටය නිර්මාණය වන්නේ Christine Jorgensenගේ ස්ව‍යං චරිතාපදානය මූලික කරගෙනය.මෙහි Christine ලෙස රංඟනයේ යෙදුනේ John Hansenය.


The Christine Jorgensen Story (1970) Movie Poster



අධ්‍යක්ෂණය:Irving Rapper
නිෂ්පාදනය:Edward Small
තිරරචනය:Robert E. Kent,Ellis St Joseph ,Christine Jorgensen ගේ ස්වයං චරිතාපදානය

රංඟනය:John Hansen
Joan Tompkins
Quinn K. Redeker
John Himes
Ellen Clark

බෙදාහැරීම:United Artists
නිකුත්කල දිනය:1970
ධාවන කාලය:98 mins
රට:United States
භාෂාව:English
වියදම: $1 million
ආදායම:$1.5 million





කතාව


පිරිමියෙක් වූ George නැමැත්තා ලිංගිකත්වය වෙනස් කර Christine බවට පත් වූ අයුරු





The Christine Jorgensen Story (1970) Movie  trailer 





The Christine Jorgensen Story (1970) සම්පුර්ණ චිත්‍රපටය 








Christine Jorgensen 



Christine Jorgensen යනු ශල්‍යකර්මයකින් ලිංගිකත්වය වෙනස් කරගත් පළමු ඇමෙරිකානු transwoman ය.ඇයගේ මුල් නම George William Jorgensen නම් විය.George හැදී වැඩුනේ නිව්යෝර්ක් නගරයේ හිදීය.උසස් අධ්‍යාපනය අවසන් කල වහාම ඔහු එක්සත් ජනපද හමුදාවට එක්වී දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ විය.හමුදා සේවයෙන් පසුව ඔහු පාසල් කිහිපයකට ඇතුල්විය.එම කාලයේදී ඔහුට ලිංගිකත්වය වෙනස් කල හැකි ශල්‍යකර්මය ගැන අසන්නට ලැබිණි.ඉන්පසු ඔහු ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයට ගියේය.1951 දී ඔහු එහිදී ශල්‍යකර්ම මාලාවක ප්‍රථිපලයක් ලෙස බවට පත්විය.යළි 1950 දශකයේ මුල් කාලයේදී එක්සත් ජනපදයට පැමිණි ඇය ලිංගිකත්වය වෙනස් කර ගැනීම හේතුවෙන් විශාල ප්‍රසිද්ධියක් ලබාගන්නා ලදි.ඇය නිළියක් සහ රාත්‍රී සමාජ ශාලාවල විනෝදාස්වාදයක් සපයන්නියක් විය.ඊට අමතරව ගීත  කිහිපයක්ද ඇය නිකුත් කර තිබේ.ඇගේ අභාවය 1989 වසරේදී සිදුවිය.


Christine Jorgensen 


Post a Comment

0 Comments