Princesa යනු 2001 වසරේ ප්‍රදර්ශනය ආරම්භ කල ඉතාලි චිත්‍රපටයකි.මෙය Henrique Goldman විසින් අධ්‍යක්ෂණය කරන ලදි. Fernanda නම් transsexual කෙනෙක් මිලාන් නගරයට පැමිණ තම ලිංගිකත්වය වෙනස් කරගන්නා ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ගණිකා වෘත්තියේ යෙදෙන අයුරු මෙම චිත්‍රපටය ඔස්සේ දිගහැරේ.මෙම චිත්‍රපටය එම නමින්ම පළවූ Maurizio Janelli, Fernanda Farias de Albuquerque යන දෙදෙනා විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරින් නිර්මාණය කර තිබේ.
![]() |
| Princesa -2001 Movie Poster |
අධ්‍යක්ෂණය:Henrique Goldman
නිෂ්පාදනය:Rebecca O'Brien
තිරරචනය:Ellis Freeman,Henrique Goldman
රංඟනය:Ingrid de Souza
Cesare Bocci
Lulu Pecorari
Mauro Pirovano
Biba Lerhue
Sonia Morgan
Alessandra Acciai
Egidio Cardillo
සංගීතය:Giovanni Venosta
කැමරාකරණය:Guillermo Escalon
සංස්කරණය:Kerry Kohler
බෙදාහැරීම:BIM Distribuzione
නිකුත්කල දිනය:23 January 2001 (Sundance),1 June 2001
ධාවන කාලය:96 minutes
රට: Italy,Spain
භාෂාව:Italian,Portuguese
කතාව
බ්‍රසීලියානු transvestite කෙනෙක් වන Fernanda (Princesa)ඉතාලියේ මිලාන් නගරයට යන්නේ ඇගේ මිතුරෙක් වන Charlo සොයාගෙනය.එහිදී ඇය විදී ගණිකාවක් ලෙස සේවය කරන්නේ තම ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ ශල්‍යකර්මය සිදුකර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමටය.Fernanda සිහින දකින්නේ තම ලිංගිකත්වය වෙනස් කරගෙන පෙම්වතෙක් සොයාගෙන සාමාන්‍ය විවාහක යුවලක් ලෙස දිවි ගෙවීමටයි.Gianni නම් විවාහක නීතීඥයෙක් හමුවීමත් සමග ඇගේ සිහිනය සෑබෑවක් වන ලකුණු පහල වේ.ඇය සමග ආදරයෙන් බැදේ.ඔහු ඒ වෙනුවෙන් තම බිරිඳ Lidia පවා අතහරියි.Gianni සහ Fernanda තමන්ගේම නිවසකට පදිංචියට යති.කෙසේවෙතත් Gianniගේ බිරිඳ Lidia,Fernanda වෙත පැමිණ ඇය ගැබ් ගෙන ඇතිබව කියයි.තමාට පරිපුර්ණ ස්ත්‍රියක් බවට පත් වන්නට නොහැකි බවත් සමග ඇති සම්බන්ධය නොනැසී පවතින්නේ නැති බවත් Fernanda අවබෝධ කර ගනියි.
Princesa -2001 Full Movie
![]() |
| Princesa Book |




0 Comments