20 centímetros (20 Centimeters)2005 වසරේදී තිරගත වීම ආරම්භකල ස්පාඤ්ඤය චිත්‍රපටයකි.නින්දත් - අවදිවී සිටීමත් පාලනය කර ගත නොහැකි ආබාධයකින් පෙළෙන(narcoleptic) transgender woman කෙනෙකුගේ ජීවිතයත් ඇගේ "සෙන්ටිමීටර් 20" ප්‍රශ්නය විසඳා ගැනීමට ශල්‍යකර්මයක් සිදු කිරීමට දරන වෑයමත් මෙම චිත්‍රපටය ඔස්සේ දිගහැරේ.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය Ramón Salazar විසින් සිදු කර තිබේ. Mónica Cervera ලෙස Marieta ද Pablo Puyol ලෙස Raúlද මෙහි චරිත නිරූපණය කරති.
20 centímetros -2005 Movie Poster
අධ්‍යක්ෂණය:Ramón Salazar
නිෂ්පාදනය:José María Calleja,Iker Monfort
තිරරචනය:Ramón Salazar
රංඟනය: Mónica Cervera
Pablo Puyol
Miguel O'Dogherty
Rossy de Palma
සංගීතය:Najwa Nimri
කැමරාකරණය:Ricardo de Gracia
සංස්කරණය:Teresa Font
නිකුත්කල දිනය:June 10, 2005
ධාවන කාලය:112 min.
රට:France/Spain
භාෂාව:English/Spanish/French
ආදායම:$428,635
කතාව
Marieta, transgender woman කි.ඇය උපත ලැබුවේ Adolfo නමින්ය.ගණිකාවක් ලෙස මැඩ්රිඩ් හි සේවයේ යෙදෙන ඇය තම ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයට මුදල් ඉතිරි කරයි.නමුත් ඇය ඉතිරි කරන මුදල් ඇගේ නිවසේම වෙසෙන ,හොඳම මිතුරා වන Tomás විසින් නාස්ති කරයි.පසුව ඇයට Raúl නැමැත්තා හමුවේ.ඔහු ඇයට කැමැති මුත් ඇයට ඉවත්ව කර ගැනීමට අවශ්‍ය ශරීරාංගයදට ඔහු කැමැත්තෙන් පසුවේ.ඇයට නින්දත් අවදිවීමත් පාලනය කර ගත නොහැකි ආබාධයකින් පෙළේ.මෙලෙස හදිසියේම ඇය නින්දට වැටුණු විට ඇය ගීත ගායනා කරමින් සහ නර්තනයේ යෙදෙන සංගීත සංදර්ශන සිහිනෙන් පෙනේ.
20 centimeters 2005 Movie Trailer
thepiratebay වෙබ් අඩවිය අක්‍රීය කර දැමීමෙන් පසුව ලොව ජනප්‍රියතම ටොරන්ට් වෙබ් අඩවිය බවට පත් https://kickass.so/ අඩවියටත් මේවන විට අක්‍රීය කර දමා ඇතිබව වාර්තා වේ.මීට පෙර ලිපිවල චිත්‍රපට බාගත කිරීමට ලබා දුන් ටොරන්ට් ලින්ක් බොහෝමයක් kickass.so වෙබ් අඩවියේ බැවින් ඒවා අක්‍රීය තත්ත්වයට පත් ව ඇත.
අක්‍රීය කර දැමූ kickass.so වෙබ් අඩවිය මේවන විට https://kickass.to නම් නව ඩොමේන් නාමයකින් අන්තර්ජාලයට නැවත පිවිස තිබේ.එම නිසා පසුගිය සමයේ ඉදිරිපත් කල චිත්‍රපට ටොරන්ට් ලෙස ලබා ගැනීමට https://kickass.to වෙබ් අඩවියට පිවිසෙන්න




0 Comments