මම Ladyboysට කැමතියි,මම සමලිංගිකයෙක්ද?


ඔහුගේ නම Simonය.ඔහු දැන්  29 වන වියේ පසුවන තරුණයෙකි.නව යොවුන් වියේ සිට ඔහු transsexual women පිලිබඳව ආකර්ෂණයක් දැක්වීය.ඔහු නියම ස්ත්‍රීන්ට වඩා transsexual women ඇසුරු කර තිබේ.ඔහු පළවන වතාවට ladyboy පෙම්වතියක් ඇති කරගන්නේ වයස අවුරුදු 18 දීය.මේ වන විට ඔහු පිලිපීන ජාතික  ladyboy කෙනෙක් සමග දිගුකාලීන සම්බන්ධයක් පවත්වාගෙන යනු ලබයි.ආසියාව පුරා කරන ලද සංචාරයන්ගෙන් පසු ඔහු පිලිපීනයේ මැනිලා නගරයට සේන්දු විය.දැන් ඔහුත් ඔහුගේ ladyboy පෙම්වතියත් එහි එකට ජීවත් වේ.ඔබ ladyboy කෙනෙක් කෙරෙහි ආකර්ෂණය වූ පමණින් හෝ ඇසුරු කල පමණින් ඔබ සමලිංගිකයෙක් වෙයිද? ඔබත් ladyboy කෙරෙහි ආකර්ෂණයක් දක්වන අයෙක් නම් මෙවැනි ප්‍රශ්නයක් ඔබටද යම් දිනෙක මතුවන්නට ඇති.මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ එම ප්‍රශ්නය සම්බන්ධව Simon දක්වන අදහසයි.


මම Ladyboysට කැමතියි,මම සමලිංගිකයෙක්ද? - Simon ගේ පිළිතුර



මගේ වර්තමාන පෙම්වතිය වන්නේ පිලිපීන ජාතික Ladyboy කෙනෙකි.වසර තුනක් තිස්සේ මම මගේ Ladyboy පෙම්වතිය හා එකට ජීවත්වෙමි.අපි දෙදෙනා දැන් පිලිපීනයේ මැනිලා නගරයේ ජීවත් වෙමු.මෙතෙක් කාලයකට ඇය පිරිමියෙක් යන හැඟීම මාගේ සිත තුල ඇතිවී නොමැත.මා ඇයව දකින්නේ පරිපුර්ණ ගැහැණියක් ලෙසයි.මා එසේ කියන්නේ මම ඇයට ආදරේ නිසා හෝ ඒ නිසාම ඇයට පක්ෂව කතා කලයුතුය යන අදහසින් නොවේ.සියලුම transsexualsලා(MTF transsexuals) මා දකින්නේ ගැහැණුන් ලෙසයි,ඒ ඔවුන් ජීව විද්‍යාත්මකව පිරිමින් ලෙස උපන්නත් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ගැහැණියක් ලෙස ජීවත්වන නිසාය.එසේම ඔවුන් එම ජීවිතය සතුටින් ගත කරයි.ඔවුන් ගත කරන ජීවිතය ඔවුන්ගේ හදවතින් එන හැඟීමට ඉඩදීමකි.වඩාත් වැදගත්ම දේ කාන්තාවක් පිරිමියෙකුට ආදරය කරනවා සේම ඔවුන්ගේ හදවතේද පිරිමින් කෙරෙහි ආදරය ඇතිවේ.





මම සමලිංගිකයෙක්ද ?



නැත.සම්පුර්ණයෙන්ම නැත.මම මාව සමලිංගිකයෙක් ලෙස නොදකිමී.මම විවෘත මනසකින් සිතන කෙනෙක් නිසා අන් අය කියන දේ පිලිබඳව මම වදවන්නේ නැත.මම දන්න එකම දේ මම මගේ Ladyboy පෙම්වතිය සමග සතුටින් ජීවත්වන බව පමණි.මම ඇයට ස්ත්‍රියකට සමානව ආදරය කරමි.මම ඇගේ ස්ත්‍රීත්වයට ආදරය කරමි.ඇය ස්වභාවිකවම ස්ත්‍රී පෙනුමක් සහිත නිසා මගේ පෙම්වතිය Ladyboy කෙනෙක් බව කිසිවෙකුට කිව නොහැකිය.මට සමලිංගිකයෙක් ලෙස අමතන්නට කිසිම පදනම් කිසිවෙකුට ඇතැයි මා නොසිතමි.අප දෙදෙනා වීදියක් ඔස්සේ ඇවිද යද්දී එය දකින ඔබට පෙනෙන්නේ සාමාන්‍ය යුවලක් ලෙසයි.ඒ නිසා මම සමලිංගිකයෙක් නොවේ.



මම Ladyboysට කැමතියි,මම සමලිංගිකයෙක්ද? 



මෙය පොදු සහ අවසානයක් නැති ප්‍රශ්නයක් බවයි මගේ විශ්වාසය.එසේම ඔබේ Ladyboy සිහින කුමරිය සොයාගැනීම නවතා දැමීමටද මෙය හේතුවකි.මෙම ප්‍රශ්නයට පිලිතුරු සහ උපදේශන රැසක් අන්තර්ජාලය ඔස්සේ සොයා ගැනීමට ඔබට හැකියාව තිබෙන මුත් මගේ විශ්වාසය නම් ඔබට තනිවම මේ සරල ප්‍රශ්නයට පිලිතුර සොයා ගත හැකිබවයි.වෙනත් කිසිවෙකුට වඩා ඔබ ඔබ ගැන දනියි.ඔබ ඉඩදෙන්නේ නම් මෙයට පිලිතුර සොයාගැනීමට උදව් කිරීමට මට පුලුවනි.ඔබ Ladyboysලා කෙරෙහි ආකර්ෂණය වන්නේ ඔවුන්ගේ ස්ත්‍රීභාවය නිසාය.ඔබ ඔවුන් ස්ත්‍රී පාර්ශ්චවයේ ඇඳුම් පැළඳුම් ඇඳීම පැළඳීම අගය කරයි,ඊට ආසා කරයි.ඔවුන් සර්ව සම්පුර්ණ ස්ත්‍රියක් සේ දැකීමට ආසා කරයි.ඔවුන් මුලු ජීවිත කාලයම ස්ත්‍රියක් ලෙස දිවිගෙවන නිසා සමහර වෙලාවට ඔවුන් Ladyboys බව දැන ගැනීම පවා අසීරුය.ඔවුන් ගැහැණු ලෙස රඟන පිරිමින් නොවේ.එසේම ඔබට ඔවුන්ව Cross-dresser ලෙස වර්ගීකරණය කල නොහැකිය.හේතුව ඔවුන් Cross-dressers නොවීමයි.මනෝවිද්‍යාත්මකව Crossdressers යනු ලිංගික තෘප්තිය උදෙසා ස්ත්‍රීන් ලෙස හැසිරෙන අඳින පළඳින පිරිමින්ය.Ladyboys ජීවත් වන්නේ ගැහැණියක් ලෙසයි.ඔබ ඔවුන්ට කැමැති ඔවුන්ගේ ස්ත්‍රීභාවය නිසා මිස ඔවුන් පිරිමින් ලෙස පෙනෙන නිසා නොවේ.ඔවුන්ගේ පුරුෂ ලිංගය තවමත් තිබිය හැකිය, එහෙත් එය ඔවුන්ගේම කොටසකි සහ ඔබට එය පිලිගන්න වෙනවා ඒ එය Ladyboysලා විශේෂ පිරිසක් කරන නිසාවෙනි.ඔබ ඔවුන්ව අගයන්නේ ස්ත්‍රීභාවය නිසා නම් ඔබ රීත්‍යානුකූලව සමලිංගිකයෙක් නොවේ.මම දැඩිවම කියන්නේ ඔබ එවැන්නෙක් නොවේ.එසේම මෙය ඔබේ ලිංගිකත්වය සහ ලිංගික දිශානතියේ පදනම නොවේ.අනෙක් අතට ඔබ ආකර්ෂණය වන්නේ රෝම,මාංශපේෂීන්,රැවුල ආදී පුරුෂ ලක්ෂණ වලට නොවේ නම් ඔබ සමලිංගිකයෙක් නොවේ.එම නිසා මෙම ප්‍රශ්නය හේතුවක් කරගෙන ඔබේ සතුට  නැති කරගන්න එපා.




මම ජීවත්වන්නේ මගේ Ladyboy පෙම්වතිය සමග පිලිපීනයේය.මෙය රෝමානු කතෝලික රාජ්‍යයකි.එසේම ගතානුගතික මිනිසුන් ජීවත්වන රටකි.නමුත් මා මෙහි ජීවත්වන්නේ මගේ Ladyboy පෙම්වතිය සමගයි.ඒ සාමාන්‍යය ගැහැණියක් සහ පිරිමියෙක් ලෙසයි.අනෙක් අය මට කියන දේ ගැන මා වද නොවෙන්නේ Anne වැනි Ladyboy පෙම්වතියක් හා ජීවත්වන මා ලොව සතුටින්ම සිටිම පිරිමියා බව දන්නා නිසාය.


Post a Comment

0 Comments