18+ සිනමාව - 02


2000 වසරේ නිකුත් කල Malèna ගෘංගාරාත්මක ඉතාලි චිත්‍රපටයකි.කලට ඉහත දී මෙම චිත්‍රපටය මෙරට නව යොවුන් වියේ පිරිස අතර බෙහෙවින් කතාබහට ලක්විය.මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන්නේ වැඩිවිය පැමිණි පිරිමි දරුවෙක් සහ සැමියා යුද සේවයට ගිය පසු තනිවම ජිවත් වන සුරූපී කාන්තාවකි.චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ  Giuseppe Tornatore විසිනි.


Movie Poster


අධ්‍යක්ෂණය:Giuseppe Tornatore
නිෂ්පාදනය:Harvey Weinstein
තිරරචනය:Giuseppe Tornatore

රංඟනය:Monica Bellucci
Giuseppe Sulfaro
Luciano Federico
Matilde Piana
Pietro Notarianni
Gaetano Aronica
Gilberto Idonea
Angelo Pellegrino
Gabriella Di Luzio

සංගීතය:Ennio Morricone
කැමරාකරණය:Lajos Koltai
සංස්කරණය:Massimo Quaglia
බෙදාහැරීම:Miramax Films
නිකුත්කල දිනය:October 27, 2000 (Italy)
ධාවන කාලය:109 minutes
රට: Italy
භාෂාව:Italian
ආදායම:$14,493,284







කතාව


1940 වසරේදී ඉතාලිය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධවේ.Renato යනු සිසිලියේ වෙසෙන 12  හැවිරිදි පිරිමි ළමයෙකි.එම නගරයේම වෙසෙන රූමත් කාන්තාවක් වන Malena සැමියා යුද සේවයට යෑම නිසා තනිවම ජීවත්වෙන අයෙකි.ඇගේ රූමත් පෙනුම නිසාම නගරයේ පිරිමින්ගේ කාමයෙන් පිරුණු ඇස්වලත් වෛරයෙන් පිරුණු සිත් ඇති ඔවුන්ගේ භාර්යාවන්ටත් ඇය කදිම ගොදුරකි.Renatoද ඇගේ සුන්දරත්වයට වශී වෙයි.සැමියා සටන් බිමේදී මිය ගිය බවට බොරු ආරංචියක් එයි.ඉන්පසු ඇය ඇගේ පියා සමග ජීවත්වෙයි.බෝම්බ ප්‍රහාරයකින් පියා මිය යෑමෙන් පසු ඇය තනිවේ.ආදායම් මාර්ගයක් නොමැති ඇයට අවසානයේ සිදුවන්නේ ගණිකාවක් බවට පත්වන්නටයි.ජර්මානුවන් නගරයට පැමිණි පසුව ඇය ඔවුන්ටද තම සේවය ලබාදෙයි.ඇය පතිනියක්ව සිටි සමයේ ඇ‍ය පිලිබදව නොසතුටින් සිටි නගරවාසීන් දැන් ඇය සිටින තත්ත්වය සම්බන්ධයෙන් සතුටින් පසුවේ.Malena පිලිබඳව සිහින මවමින් සතුටුවේ.ඔහුට ඇය  පිලිබඳව ඇතිවන ආශාව පාලනය කරගත නොහැකිව යෑම නිසා පියා ඔහුට ගණිකාවකගේ ඇසුර ලබාදෙයි.එහිදී ඔහු එක් ගණිකාවක් හා ලිංගිකව එක්වන්නේ ඇය Malena ලෙස සිතේ මවාගෙනය.යුද්ධය අවසන් වූ වහාම ඇමෙරිකානුවන් නගරයට පැමිණේ.එතෙක් කලක් ජර්මානුවන්ට සේවය කල Malenaට නගරවාසීන් දරුණු ලෙස පහර දෙයි.ඉන්පසු Malena වෙනත් නගරයකට පළායයි.ඇගේ ස්වාමිපුරුෂයා Nino Scordia ආබාධිතයෙක් ලෙස නැවත නගරයට එන්නේ Malenaව සොයාගෙනය.නිර්නාමික ලිපියකින් Ninoහට ඇය පිලිබඳව දන්වන්නේ Renatoය.අවසානයේ Nino ඇයව සොයාගෙන යළි නගරයට පැමිණේ.





 Malèna (2000) - Movie Trailer




Malena (2000) චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න


Malena (2000) චිත්‍රපටයේ සිංහල උපසිරැසි baiscopelk වෙබ් අඩවියෙන් ලබාගන්න



Post a Comment

0 Comments