පහත් කුලයක් නියෝජනය කරන Transgender ගැහැණියක් පසුගිය ඉරිදා දිනයේදි ඉන්දියාවේ පළමු Transgender නගරාධිපති ලෙස තේරී පත් විය.Madhu Bai Kinnar නම් වන ඇය Chhattisgarhහි Raigarh නගරයේ නගරාධිපති තනතුරට තේරී පත්විය.ඒ භාරතීය ජානතා පක්ෂයෙන් ඉදිරිපත් වූ ඇගේ ප්‍රතිවාදි අපේක්ෂකයා මනාප 4500කින් පරාජය කරමින්ය.
Madhu Bai Kinnar ජීවත් වූයේ දුම්රියවල ගීත ගායනා කිරීමෙන් සහ නර්තනයේ යෙදීමෙන් බව සඳහන්වේ.ඇය මෙම ජයග්‍රහණය හිමිකරගන්නේ Transgender ප්‍රජාව, තුන්වන ලිංගිකයන් ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන මාස 9ක් ගත වු තැනයි.Transgender හෙවත් හිජ්රාවරු ඉන්දියාව තුල ජීවත්වූයේ සමාජයේ දැඩි නොසලකා හැරීම් සහ ගැරහුම් ,තර්ජන ,හිංසාවන්ට භාජනය වෙමින්ය.
" මිනිසුන් මා කෙරෙහි විශ්වාසය තැබුවා.මිනිසුන්ට මා කෙරෙහි තිබූ ආදරය සහ සෙනෙහස මෙම ජයග්‍රහණයට හේතුවයි.ඔවුන්ගේ සිහින සැබෑ කරවන්න මම මගේ උපරිම උත්සාහය දරනවා" Kinnar කියා සිටියේය.
0 Comments