Second Serve යනු චරිතාපදානයක් පදනම් කරගෙන නිර්මාණය කල චිත්‍රපටයකි.ඒ Renée Richards නම් වෘත්තීය ටෙනිස් ක්‍රිඩිකාවක් සහ අක්ෂි ශල්‍යවෛද්‍යවරියක් වූ male-to-female transgender woman කෙනෙක් සම්බන්ධවයි.Second Serve චිත්‍රපටය 1983 දී විකාශය වූ Second Serve: The Renée Richards Story නම් රූපවාහිනී ප්‍රදර්ශනයට නිර්මාණය කල චිත්‍රපටයක් මුල් කරගෙන නිෂ්පාදනය කර තීබේ.එම චරිතාපදානය John Ames විසින් ලියන ලද්දකි.තිරරචනය Stephanie Liss සහ Gavin Lambert විසිනි.අධ්‍යක්ෂණය Anthony Page විසිනි.මෙම චිත්‍රපටය 1986 මැයි 13 දා CBS නාලිකාවේ ප්‍රදර්ශනය කරන ලදි.එහි Richards ලෙස Vanessa Redgrave නම් නිළිය පෙනී සිටියාය.
අධ්‍යක්ෂණය:Anthony Page
නිෂ්පාදනය:Linda Yellen
තිරරචනය:Renée Richards , John Ames (book), Stephanie Liss , Gavin Lambert (screenplay)
රංඟනය:Vanessa Redgrave
Martin Balsam
Richard Venture
Louise Fletcher
සංගීතය:Brad Fiedel
කැමරාකරණය:Robbie Greenberg
සංස්කරණය:John C. Horger
බෙදාහැරීම:CBS
නිකුත්කල දිනය:May 13, 1986
ධාවන කාලය:120 minutes
භාෂාව:English
කතාව
චිත්‍රපටය ඇරඹෙන්නේ Renée Richards, Richard Radley නමින් අක්ෂි ශල්‍යවෛද්‍යවරයෙක්ව සිටි කාලය ආවර්ජනය කරමින්ය.එසමයේ Radley තම වෘත්තියේ සාර්ථක නියෙලෙමින් සිටි අතර පෙම්වතෙක්ද විය.නමුත් ඔහු රාත්‍රියේ රහසේ cross-dressing(විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇදීම) කිරීමට යොමුව සිටියේය.නමුත් ඒ බව ඔහු මනෝචිකිත්සකයෙක් වූ තම මවට කීවේ නැත. ඒ වෙනුවට ඔහු තම රහසිගත දෙබිඩි ජීවිතය ගැන කීවේ වෙනත් මනෝචිකිත්සකයෙකුටය.එහිදී ඔහුට ලැබුණු උපදෙස වූයේ "රැවුල වැවීමයි" එම උපක්‍රමය ඔහු නාවික හමුදාවට බැඳෙන තුරු cross-dressing වලින් ඈත් කර තබන්නට හේතුවිය.ඒ හමුදාව තුල රැවුල වැවීමට ඉඩ නොලැබෙන නිසාය.හමුදාවෙන් පහ කිරීමත් අසාර්ථක විවාහයත් නිසා Radley , ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයකට යොමු වී Renée නමින් පෙනී සිටීම ආරම්භ කරන ලදි.
කැලිෆෝනියාවේ පදිංචියට යන Renée එහි සිට තම පුරුදු රැකියාව කරගෙන යයි.La Jollaහි දේශීය ටෙනිස් තරඟාවලියකට සහභාගී වන ඇයව රූපවාහිනී වාර්තාකරුවෙක් විසින් transgender අයෙක් බව අනාවරණය කරයි.ඉන්පසු ඇතිවන මතබේදකාරී වාතාවරණය හේතුවෙන් ඇය එක්සත් ජනපද ටෙනිස් සංගමය අධිකරණය ඉදිරියට ගෙන යයි.ඒ වර්ණදේහ පරීක්ෂාවකින් තොරව තමාට ස්ත්‍රියක් ලෙස ටෙනිස් තරඟාවලියට සහභාගී වීමට අයිතියක් තිබේ යැයි ඔප්පු කිරීමටයි.
Second Serve - Movie Trailer
මෙම චිත්‍රපටයේ ටොරන්ට් හෝ වෙනයම් ආකාරයකින් නැරඹිය හැකි පිටපතක් සොයා ගැනීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න



0 Comments