Normal යනු 2002 වසරේදී HBO Films මගින් නිෂ්පාදනය කල චිත්‍රපටයකි.චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ එහි තිරරචනය Jane Anderson විසිනි.මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ වසර 25ක් තිස්සේ විවාහ වී සිටි Roy නම් අයෙක් තම ලිංගිකත්වය වෙනස් කිරීමේදී පවුලෙන් සහ සමාජයෙන් අත්විදීමට සිදුවන බාධා නොසලකා හැරීම් සහ කොන් කිරීම සම්බන්ධවයි.
![]() |
| Normal 2003 Movie Poster |
අධ්‍යක්ෂණය:Jane Anderson
නිෂ්පාදනය:Thomas J. Busch,Cary Brokaw,Lydia Dean Pilcher
තිරරචනය:Jane Anderson
රංඟනය:Jessica Lange
Tom Wilkinson
Clancy Brown
Hayden Panettiere
Joe Sikora
Richard Bull
Mary Siebel
සංගීතය:Alex Wurman
කැමරාකරණය:Alar Kivilo
සංස්කරණය:Lisa Fruchtman
බෙදාහැරීම:HBO Films
නිකුත්කල දිනය:January 21, 2003
ධාවන කාලය:110 minutes
රට:United States
භාෂාව:English
කතාව
ඇමෙරිකා එක්සත් ජනපදයේ පිටිසරබද පෙදෙසක වෙසෙන Irma Applewood සහ ඇගේ සැමියා ( Roy ) වසර 25ක් තිස්සේ ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කළහ.ඒ නිසාම ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සමාජය තුල අන් අයට ආදර්ශවත් යුවලක් ලෙස හැඳින්විය.විවාහයෙන් වසර 25කට පසු තමන් පුරුෂ ශරීරයකට කොටුවූ ස්ත්‍රි මනසකින් හෙබි අයෙක් බව Roy තම බිරිඳට කියා සිටියි.තමන් ජීවිතයේ ඉතිරි කාලය ස්ත්‍රියක් ලෙස ජීවත් වන්නට ලිංගිකත්වය වෙනස් කරගත යුතුබව ඔහු අවධාරණය කරයි.නමුත් ඔහුගේ එම තීරණයට පුත්‍රයාගෙන්,මිතුරන්ගෙන් මෙන්ම පල්ලියෙන්ද අප්‍රසාදය පලවේ.නමුත් තම ස්වාමිපුරුෂයාගේ නියම ස්වරූපය හෙළිවූ පසුත් ඔහුගේ බිරිද ඔහුට පෙර සේම ආදරය කරයි.ඇයත් ඇගේ දියණියත් සේම Roy ගේ ප්‍රධානියාත් ඔහුගේ තත්ත්වය අවබෝධ කරගෙන ඔහුට සහායට ඉදිරිපත් වේ.
Normal (2003) Movie Trailer
Normal (2003) සම්පුර්ණ චිත්‍රපට Youtube වෙබ් අඩවියෙන් නරඹන්න
Normal - 2003 චිත්‍රපටය ටොරන්ට් ලෙස මෙතනින් බාගත කරගන්න




0 Comments