ප්‍රධාන වශයෙන්ම අසභ්‍ය අඩවිය නිර්මාණය කලේ Transgenders/Transsexuals/Crossdressers පිළිබඳව සමාජය දැනුවත් කිරීම උදෙසාය.කාලයක් තිස්සේ විදේශීය Transgender ප්‍රජාව පිළිබඳව පමණක් මෙම බ්ලොග් අඩවිය ඔස්සේ කතා කරන ලදි.ඒ නිසාම මෙම අසභ්‍ය අඩවියේ පාඨකයන් කිහිපදෙනෙකු ඉල්ලා සිටියේ මෙරට Crossdressers සම්බන්ධයෙනුත් ලිපි කිහිපයක් පළ කරන්න කියාය.ඔවුන්ගේ ඉල්ලීම යම් තරමකට යථාර්තයක් බවට පත් කරන්න පසුගිය දිනෙක අවස්ථාව උදාවිය.ඒ මෙරට Male - Crossdresser කෙනෙක් සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙන්නට හැකිවීමයි.මෙම ලිපිය ඔස්සේ එම සම්මුඛ සාකච්ඡාව ඔබ වෙත සමීප කරන්නයි මේ සූදානම.
මෙරට තුල තිබෙන අවම ලිංගික නිදහස සහ ගතානුගතික අදහස් හේතුවෙන් බොහෝමයක් Male Crossdressers පිරිස් තමන්ගේ මෙම දෙබිඩි ජීවිතය සමාජයෙන් වසන් කරයි.ඒ නිසාම මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වු Male Crossdresser ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට තීරණය කළෙමි.
පළමුවරට අසභ්‍ය අඩවියට තම Crossdressing ජීවිතය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම ඉදිරිපත් වූයේ Felona crossy නමින් Facebook සමාජ ජාල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ Male-Crossdresser ය.
Felona Crossyගේ ජීව දත්ත සටහන
නම:Felona de Silva
වෙනත් නම්:Crossy Felona
උපන් දිනය:1992.12.10
වයස:22
ලිංගිකත්වය:පුරුෂ/Crossdresser
පදිංචිය:රත්නපුර
විවාහක / අවිවාහක බව:අවිවාහක
උස:5.6'
ඇස් වර්ණය:කළු
හිසකේ වර්ණය:කළු
Felona Crossy සමග අසභ්‍ය අඩවිය වෙනුවෙන් කල සම්මුඛ සාකච්ඡාව
1.ප්‍රශ්නය - ෆෙලෝනා ඔබ තුල
cross
dressing කිරීමට ආසාවක්
හටගත්තේ හෝ cross dressing කිරීම ආරම්භ
කලේ කොයි කාලයේද?
පිළිතුර - මම Crossdressing කිරීම
ආරම්භ කලේ වයස අවුරුදු 16 දී
2.ප්‍රශ්නය - කවදාහෝ ඔබ කිසිවෙකුට හෝ හසු වී තිබෙනවාද?( cross dressing කල අවස්ථාවකදී) ඒ කාටද? එසේ වී තිබෙනවා නම් එහි ප්‍රතිඵලය
වූයේ කුමක්ද ?
පිළිතුර - Crossdressing කරලා ඉන්න
වෙලාවක මම කිසිම කෙනෙකුට හසුවෙලා නැහැ.මම Dressing කරන්නේ බොහොම පරිස්සමින් සහ
ආරක්ෂිතවයි.මගේ Crossdressing වලට ඇඳුම් ගන්නෙත් මම පෞද්ගලිකවම හොඳින් දන්නා වෙළඳ සැල් වලින්
පමණයි.
3.ප්‍රශ්නය - ඔබේ දෙමාපියන් ඔබ cross dressing කරන බව දන්නවාද?
පිළිතුර - මගේ දෙමාපියන්
මම කරන බවක් දන්නේ නැහැ.නමුත් මම පාද වල
රෝම ඉවත් කරන(shaved legs) නිසා ඒ ඔස්සේ දෙමාපියන්ට මා පිළිබඳව සැකයක් ඇතිවීම වැළැක්වීම සඳහා නිවසේ සිටින අවස්ථාවලදී
අඳින්නේ දිග කලිසම් පමණයි.
4.ප්‍රශ්නය - ඔබ cross
dressing කල
පසු (එම ඇඳුමින්) නිවසින් පිටතට ගොස්
තිබේද?
පිළිතුර - මම Crossdressing කරලා වෙරළේ පැවැත්වෙන සාද (Beach Parties )වලට සහභාගි වෙනවා.
5.ප්‍රශ්නය - makeup සම්බන්ධව ඔබට දැනුමක් තිබේද?
පිළිතුර - මම
රූපලාවන්‍ය සම්බන්ධව පාඨමාලාවක් හදාරා තිබෙනවා.වේශ නිරූපණය ,ඇඳුම් ඇන්දවීම ආදී ඒ ආශ්‍රිත ඕනෑම දෙයක් කරන්නට මට හැකියාව සහ දැනුම තිබෙනවා.
6.ප්‍රශ්නය - ඔබ
කෘත්‍රිම නිය (fake nails ) පාවිච්චි කරනවාද? පාවිච්චි කර තිබෙනවාද?
පිළිතුර - මම
කෘත්‍රීම නිය භාවිතා කර තිබෙනවා.ඒ සාදවලදී.
7.ප්‍රශ්නය - ඔයා
cross
dressing කරද්දී රෝම ඉවත් කරනවාද?
පිළිතුර - ඔව්.මම රෝම ඉවත් කරනවා.පාද සහ ලිංගේන්ද්‍රීය ආශ්‍රිතව විශේෂයෙන්ම.
8.ප්‍රශ්නය - ඇයි
ඔබ crossdresser
කෙනෙක් වෙන්න හිතුවේ? Crossdresser කෙනෙක් වුනාම ඔබට දැනෙන හැඟීම් වචනයෙන් විස්තර
කලොත්?
පිළිතුර - මට මං ගැන
දැනෙන්නේ ස්ත්‍රියක් ලෙසයි.පිරිමින් දුටුවිට මට අමුතුම ආකාරයේ හැඟීම් ඇතිවෙනවා.මම පුරුෂයන් වෙතට ආකර්ෂණය වෙනවා යැයි
සිතෙනවා.සම්පුර්ණයෙන්ම Crossdressing කරල සිටින විට මම කාන්තාවක් යන හැඟීම මගේ සිතේ ඇතිවෙනවා.ඒ වෙලාවට මගේ ලිංගික හැඟීම් ප්‍රබල ලෙස මතුවෙනවා.එවැනි අවස්ථාවලදී සහකරුවෙක් සොයා ගන්න යැයි මගේ සිත කියනවා.
9.ප්‍රශ්නය - ඔබ
අනුගමන කරන හෝ අනුකරණය කරන ප්‍රසිද්ධ චරිතයක්(Crossdressing වලදී ) සිටිනවාද?
පිළිතුර - අනුගමනය කරන
හෝ අනුකරණය කරන චරිතයක් මගේ ජීවිතයේ නැහැ. මට අවශ්‍ය මම වෙන්නයි.
10.ප්‍රශ්නය - ඔබේ දවසෙන්
කොපමණ කාලයක් crossdressing සඳහා වැය කරනවාද?
පිළිතුර - නිවසේ
සිටින විට කරන්න ලැබෙන නිදහස අවමයි.බොහෝ වෙලාවට රාත්‍රී කාලය ඒ සඳහා
තෝරාගන්නවා.නමුත් මුලු දවසම Crossdressing වෙනුවෙන් වුවත් වැය කරන්න මම සූදානම්.
11.ප්‍රශ්නය - ඔබ
බොරු කොණ්ඩයක් පළඳිනවාද?
පිළිතුර - බොරු කොණ්ඩක්
පාවිච්චි කරනවා,ඒත් මම දැන් කොණ්ඩය වැවීම ආරම්භ කරලා තියෙන නිසා අනාගතයේදී බොරු
කොණ්ඩයක් අවශ්‍ය නොවේවි.
12.ප්‍රශ්නය - ඔබට
පෙම්වතියක් සිටිනවාද?
පිළිතුර - මට පෙම්වතියක්
නෑ.මම ස්ත්‍රීන් කෙරෙහි ආකර්ෂණයක් නැති අයෙක්.
13.ප්‍රශ්නය - විවාහය සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?
පිළිතුර - මම පුරුෂයන් කෙරෙහි ආකර්ෂණය වෙන කෙනෙක්.මම ප්‍රිය කරන්නේ සමලිංගික ඇසුරක්.නමුත් සමලිංගික සම්බන්ධතාවලට මෙරට නීතියෙන් ඉඩක් නැති නිසා මාගේ බලාපොරොත්තුව විදේශයකදී සමලිංගික විවාහයක් සිදු කරගෙන සතුටින් ජීවත් වෙන්නයි.
14.ප්‍රශ්නය - ඔබේ විනෝදාංශ මොනවාද?
පිළිතුර - විශේෂයෙන් සඳහන් කල හැකි විනෝදාංශ කිසිවක් නැහැ.මම හුඟක්ම ආස Crossdressing කරන්න.ඊට අමතරව ලිංගික සබදතා ඇති කරගන්න කැමතියි.
15.ප්‍රශ්නය - ඔබේ ලිංගික දිශානතිය කුමක්ද? සමලිංගික/ඉතරලිංගික
පිළිතුර - මම ස්භාවයෙන්ම සමලිංගිකත්වයට නැඹුරු වුවෙක්.
16.ප්‍රශ්නය - ඔබේ
අනාගත බලාපොරොත්තු මොනවාද?
පිළිතුර - මගේ අනාගත
බලාපොරොත්තුව නිරූපකයෙක්(CD Model ) විම.
අසභ්‍ය අඩවිය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම වෙනුවෙන් තම වටිනා කාලය කැප කිරීම වෙනුවෙනුත් ,දැක්වූ කරුණාවන්තබාවයටත් ප්‍රථමයෙන්ම Felona හට මාගේ ස්තුතිය පුදකර සිටිමි.
Felona Crossyගේ ඡායාරූප කිහිපයක්
කාලයක් තිස්සේ දුටු සිහිනයක් සැබෑ කරමින් Felona හට Male to Female Transgender (Transwoman)ලෙස ජීවත් වෙන්න පවුලේ සාමාජිකයන්ගෙන් අවසරය ලැබුණු බව දැන ගන්නට ලැබිණි.Felonaගේ අනාගතයට සුභ පැතුම් එක් කරමින් මෙම ලිපිය අවසන් කරමි.