ජාත්‍යන්තරයට ගිය ඉන්දියාවේ ප්‍රථම Transsexual නිරූපිකාව


Nikkiey Chawla යනු (26 හැවිරිදි - 2011 දී) ඉන්දියාවේ පළමු Transsexual නිරූපිකාවයි.ඇය පිරිමියෙක් ලෙස උපත ලබා ශල්‍යකර්මයක් ඔස්සේ ලිංගිකත්වය වෙනස් කරගෙන ස්ත්‍රියක් බවට පත් වූවෙකි.ඒ 2009 වසරේදීය.




" මම උපන්නේ පිරිමි දරුවෙක් ලෙසයි.නමුත් මට නිතරම දැනුනේ පිරිමි සිරුරකට බැදුණු ගැහැණියක් යන හැඟීමයි.ඒ නිසාම තමයි මම ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් සිදුකරවා ගත්තේ.මට හැමවිටම අවශ්‍ය වූයේ ගැහැණියක් ලෙස ලෝකයේ ජීවත් වීමටයි." ඇය UTV Bindass හි වැඩසටහනකට එක් වෙමින් කියා සිටියාය.


ඇය 2010 වසරේ දී මිලාන් විලාසිතා සතියේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස ක්‍රියා කලාය."මම පැමිණියේ සාම්ප්‍රදායික පවුලකින් .මට ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවශ්‍ය බව කියා සිටි පසු වසර 5ක් තිස්සේ මගේ පවුලේ අය මා සමග කතා කලේ නැහැ.මම පිරිමියෙක් ලෙස කවදාවත් හොඳ ජීවිතයක් ගත කලේ නැහැ."

මගේ පළමු විලාසිතා දැක්ම 2010 වසරේදී සිදු විය.නමුත් මා ලිංගිකත්වය වෙනස් කර ගත්තෙකු බව කිසිවෙකුත් දැන සිටියේ නැහැ.ඒ බව දැනගත් අය පුදුමයට පත්වුවා.


ඇයට දැන් පෙම්වතෙක් සිටියි.ඔහු Nirbhay නම් නිරූපන ශිල්පියෙකි.ඔහු තමන්ගේ අතීතය දන්නා බව ඇය කියා සිටියාය.ළඟදීම ඇය තමන්ගේ ස්වයංචරිතාපදානයක් ලියන්නට බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රකාශ කර තිබේ.ඇය බ්‍රසීලියානු නිරූපිකාවක් Lea T වන අනුගමනය කරන්නියකි."මම ඇය පිළිබඳව ආඩම්බර වෙනවා;මට මේ තත්ත්වයට පැමිණීමට ඇය පිටුවහලක් වුනා" කියා සිටියාය.







ඇගේ තවත් ඡායාරූප කිහිපයක්....








Post a Comment

0 Comments