ලොව සුන්දරතම Trans women - SHINATA SANGHA


Shinata Sangha යනු ජාත්‍යන්තර නිරූපිකාවක් සහ හිටපු රූපරාජිණියකි.දැන් විසිපස් වන වියේ පසුවන ඇය උපතින් ඇගෝල්-ඉන්දියන් සම්භවයක් සහිත වන අතර Miss Glamour Queen United Kingdom 2006 හි ජයග්‍රාහිකාව,Miss Alternative London 2007හි දෙවැනි ස්ථානය  Miss Mango Tree International 2007හි දෙවැනි ස්ථානය සහ  T'girl of the year 2008හි පළමුවැන්නාද ආකාරයෙන් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබේ. 'Transliving', 'Just TV/TS', 'More Mercury', 'T-girls Direct', 'Hindustan Times', 'HT CITY', 'Times of India','The Mail' magazine/newspapersආදී සඟරා සහ පුවත්පත්වල මුල් කවර/මුල් පිටු සැරසීමට පවා තෝරාගෙන තිබෙන අතිශය සුන්දර Trans woman කෙනෙකි.ප්‍රධාන ධාරාවේ සඟරා වන  'Asian Woman', 'Vanity', 'Anokhi Vibe', 'Ikonz' සහ 'VMzzz' Magazine ආදියේ පවා ඇය පෙනී සිට තිබේ.'Transliving'සහ 'More Mercury' magazines යන සඟරා දෙක මගින් ඇයව 2011 වසරේ ලෝකයේ සුන්දරතම Transsexual/Trans woman ලෙස නම් කරන ලදි.2013 මුල් කාලයේදී ඇය නිවේදනය කර සිටියේ විනෝදාස්වාදය සපයන කර්මාන්තයෙන් ඉවත්ව ජනමාධ්‍යවේදය වෙත යොමුවන බවයි.ඇය මේවනවිට ජිබ්‍රෝල්ටා හි පදිංචිව සිටින අතර Transliving සඟරාවේ විලාසිතා සහ Makeup සම්බන්ධව රූපලාවන්‍ය සංස්කාරක ලෙස කටයුතු කරයි.

Shinata Sangha තමා සහ තමන් පැමිණි ගමන්මඟ පිළිබඳව කතා කරයි..(මෙය 2012 වසරේ පළවු ලිපියක පරිවර්තනයක් බව සලකන්න)



ආයුබෝවන් හැමෝටම,මගේ නම Shinata Sangha !

මම බ්‍රිතාන්‍යයේ උපන් ඉන්දීය-ආර්මේනියානු සම්භවයක් සහිත Trans woman කෙනෙක් වෙමි.මගේ පියා ඉන්දියානුවෙක්(පන්ජාබ් සික් ජාතිකයෙක්)වන අතර මව ආර්මේනියානුවෙකි(ක්‍රිස්තියානු ).මගේ වයස අවුරුදු 23ක් වන අතර මේවන විට බර්මින්හැම් හි ජීවත්වේ.වෘත්තියෙන් නිරූපිකාවක් වන මම ඊට අමතරව 'Transliving International Magazine' සඟරාවේ විශේෂාංග රචකයෙක් ලෙසද කටයුතු කරනවා.මම රූපලාවන්‍ය/විලාසිතා උපදෙස් ලබාදෙන පිටුවක් Transliving සඟරාවේ සෑම කලාපයකදීම ඉදිරිපත් කරනවා.එමගින් Trans woman ලාට සුන්දර පෙනුමක් ලබාගැනීමට අවශ්‍ය උපදෙස් ඉදිරිපත් කරමි.

Shinata Sangha Transliving සඟරාවේ මුල් කවරය සැරසූ අයුරු

කුඩා කාලයේ පටන් මට අවශ්‍ය වූයේ ප්‍රසිද්ධවීමටයි.නමුත් එම තත්ත්වයට පත්වන්නේ කෙසේදැයි මම දැන සිටියේ නැහැ.මම පිරිමියෙක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයට පිවිසිය මුත් එය අසාර්ථක විය.උසින් අඩුවීම සහ නිමක් නොමැතිව ප්‍රතික්ෂේප වීම නිසා මගේ උත්සාහය අතහැර දමන්නට සිදුවුනා.මම නිතරම සිහින දැක්කේ ගැහැණියක් වීමටයි.මට හැමවිටම දැනුනේ මා ගැහැණු සිරුරකට බැදුණු පිරිමියෙක් බවයි.මම කුඩා කාලයේ බෝනික්කන් සහ මගේ කුඩා පෝනියා සමග සෙල්ලම් කලා.බෝනික්කන් කරත්තයක දමාගෙන පාර පුරා ඇවිද්දා.ප්‍රාථමික පාසලේදී මා ගැහැණු ළමුන් හා සෙල්ලම් කරන්න වඩාත් ආසාවක් දැක්වූවා.ඒ කාලයේ පටන් මා ගැහැණු ළමයෙක් මෙන් හැසිරුණා.මගෙන් ස්භාවිකවම ගැහැණු පෙනුමක් සහ හැසිරීමක් ප්‍රදර්ශනය වූ නිසා අපහාසයන්ටත් මුහුණ දුන්නා.


ඉන්දියානු පසුබිමක් සහිත Transgender කෙනෙක් වීම කරදර රැසක් ගෙන දෙන්නකි.ඉන්දීය Transgenders ගෙන් වැඩි පිරිසක් කිසිම සමාජ පිලිගැනීමක් ,අයිතිවාසිකම් රහිත,ඝාතනයට , අඩන්තේට්ටම් වලට ලක්වන හෝ ඒ නිසාම දිවි හානි කර ගැනීමට පෙළඹෙන අය වේ.නමුත් මා දැඩි අධිෂ්ඨානයකින් මගේ සිහිනය සහ අරමුණු සපුරා ගැනීමට සමත් විය.


මම නිර්භීතව ගැහැණියක් මෙන් ඇඳුම් ඇඳීමට යොමුවුනේ 2006 වසරේදීය.මම ගැහැණියක් කරන සියලුදේ කිරීමට ආසා කලා.මම ව්‍යාජ නිය සහ ඇහිපිහාටු මෙන්ම අඟල් 6 පාවහන් පැළඳුවා.ඒ ඔස්සේ මා පිරිමින්ගේ අවදානයට ලක්වූ අතර ඒ ඔස්සේ මාතුල යම් දියුණුකල හැකි දක්ෂතාවයක් ඇතිබව වැටහුණා.ඉන්පසු මා මගේ පළමු රූපරාජිනී තරඟය ලෙස  2006 වසරේදී  'Miss Glamour Queen UK' සඳහා ඉදිරිපත්ව එය ජයග්‍රහණය කලා.ඉන්පසු මාධ්‍ය මගේ පසුපස පැමිණියා,ඒ ඉන්දියානු සම්භවයක් සහිත Transgender කෙනෙක් රූපරාජිනි තරඟයක් ජයග්‍රහණය කල පළමු අවස්ථාව මෙය වීම නිසාය.ඉන්දියානු මාධ්‍යත් මගේ ජයග්‍රහණයෙන් පුදුමයට පත්වුනා.මම  'Hindustan Times', 'Times of India' , 'HT- CITY'ආදී ඉන්දියානු පුවත්පත්වල මුල්පිටු සරසන්නියක් බවට පත්වුනා.බොලිවුඩයෙන් පවා චිත්‍රපට වෙනුවෙන් රංඟනයේ නිරත වන්නැයි ආරාධනා ලැබුණා.නමුත් හැමදෙනාම මා දෙස බැලුවේ කුතුහලයෙන් යුතුවයි, ඒ මා හුඟක් වෙනස් කෙනෙක් නිසාය.


ඉන්පසු මා ක්‍රමයෙන් එංගලන්තය තුල ඉහළ ජනප්‍රියත්වයක් ලැබීය.2007 වසරේදී BBC මා වෙනුවෙන්  'Life's a drag' නමින් වාර්තා චිත්‍රපටයක් කලා.පසුව මා  'Miss Mango Tree International'හි දෙවැන්නාද  'Miss Alternative London' හි දෙවැන්නාද Queen of Nations beauty pageant (2007)හි පළමුවැන්නාද ලෙස ජයග්‍රහණ අත්පත් කරගන්නට සමත්වූවා.


මගේ අධිෂ්ඨානයත් මහන්සි වී වැඩ කිරීමත් නිසා මට කල නොහැකි යැයි සිතා සිටි දෙයක් වසරක් තුල යථාර්තයක් බවට පත් කරගන්නට හැකිවුනා.ඒ ඔස්සේ මා ලැබූ ජනප්‍රියත්වය අවසානයේදී මා සඟරා,පුවත්පත්,රූපවාහිනී වාර්තා වැඩසටහන් ,ගුවන් විදුලි වැඩසටහන් ,අන්තර්ජාල වෙබ් අඩවි පෙනී සිටීමටත් බොලිවුඩයේ අවධානයට ලක්වන්නටත් හේතු වූවා


2009 වසරේදී ජනප්‍රියතම transgender dating වෙබ් අඩවියක් වන Birchplace හි International Global Face ලෙස මා තෝරාගන්නා ලදි.එහි cover girl ලෙස මා 2009-2012 දක්වා වසර 4ක් පෙනී සිටියා.එය මා ලැබූ විශාල ජයග්‍රහණයකි.මේ ඔස්සේ මගේ රුව පළමු වරට සඟරාවක මුල් කවරය සැරසීම සඳහා දොරගුලු විවෘත කරන ලදි.ඒ 2010 වසරේදී Just TV/TS සඟරාවේ මුල් කවරය සැරසීමටයි.එය මා ලැබූ ගෞරවයකි.


2011 වසරේදී මා හොඳම රූපලාවන්‍ය ශිල්පීන් ,ඡායාරූප ශිල්පීන් සමග ජායාරූපගත කිරීම් ඇරඹුවා.මා ඡායාරූපගත කිරීමක් සඳහා ස්පාඤ්ඤයේ හි ගිය විට මගේ රූපලාවන්‍ය ශිල්පියා ලෙස සුප්‍රසිද්ධ Jawaad Ashraf කටයුතු කරන ලදි.


Transliving සඟරාවේ Shinata Sangha පෙනී සිටි කලාපය

ඉන්පසු මා මගේ දෙවන සඟරා මුල් පිටුව සැරසීම වෙනුවෙන් TRANSLIVING සඟරාව විසින් තෝරා ගන්නාලදි.ඔවුන් මා 2011,2012 වසරවල ලොව සුන්දරතම Transsexual ලෙස නම් කරන ලදි.

TRANSLIVING සඟරාව වෙනුවෙන් මුල් කවරය සැරසූ මගේ ඡායාරූපය නිසා එම සඟරාව එහි ඉතිහාසය තුල ලැබූ ඉහළම අලෙවිය වාර්තා කරන ලදි.මෙය මගේ නිරූපණ වෘත්තිය තුල මා පුදුමයට පත් කල අතර ඒ ඔස්සේ මගේ රුව තුන්වන වරටත් සඟරාවක මුල් කවරය සැරසීමට ඉඩ හසර විවෘත කර දුන්නේය.එනම් More Mercury සඟරාව ලොව සුන්දරතම Transsxual ලෙස ඔවුන්ගේ සඟරාවේ මුල් කවරය මගේ ඡායාරූපයකින් සරසන ලදි.

2012 වසරේදී TRANSLIVING වෙනුවෙන් රූපලාවන්‍ය සහ විලාසිතා සම්බන්ධ රචකයෙක් ලෙස මා තෝරාගන්නා ලදි.මෙය මගේ තවත් සිහිනයක්ව තිබූ පුවත්පත් කලාවට පිසීම යථාර්තයක් බවට පත් කල අවස්ථාවකි.


Transgender ප්‍රජාව හට මට කිමට තිබෙන්නේ කිසිම දෙයක් කල නොහැකි යැයි නොසිතන්න කියාය.මා සිතා සිටියේද වසර මිලියනයක් ගියත් මා හට මේ ලැබී තිබෙන ජනප්‍රියත්වයට ලගා විය නොහැකිය යැයි කියාය.


හුදකලාවම රූප රාජිණී තරඟයක ජයග්‍රාහිකාවක් වූ මා මේ වන විට මගේ සියලුම ෆේස්බුක් ගිණුම් ඔස්සේ 35,000කට අධික පිරිසකගේ අවධානයට පාත්‍රව තිබේ.මගේ youtube channel මිලියන 2කට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.මේ සියල්ල මගේ අධිෂ්ඨානය සහ මහන්සියේ ප්‍රතිඵලයන්ය.

මගේ සියලු සිහින වසර 6ක් තුල සපුරා ගත්තේ transgender woman කෙනෙක් ලෙසයි.. මට එය කලහැකි නම් ..ඔබත් පුලුවන්.

ඇය පිළිබඳ තවත් තොරතුරු පහත ලින්ක් වලින් ලබා ගන්න.

Email - Shinata_Sangha@hotmail.com


Shinata Sangha ගේ තවත් ඡායාරූප කිහිපයක්....












Post a Comment

0 Comments