Miss International Queen තරඟාවලියට සහභාගී වූ පළමු ඉන්දියානු transgender නිරූපිකාව


තවමත් ලෝකයේ වැඩිම සමලිංගිකයන්(පුරුෂ) සහ Transgendered පුද්ගලයන් ජීවත් වන රට වන්නේ ඉන්දියාවයි.ඔවුන් තවමත් සමාජයෙන් කොන් වූ ජීවිත ගත කරයි.නමුත් දකුණු ඉන්දියාවේ චෙන්නායි හි Malika මෙම බාධක බිඳගෙන ජාත්‍යන්තරයට ගිය Transgender කෙනෙකි.



Transgendered පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වෙන ලෝක රූරැජින තේරීම හා සමාන තරඟාවලියක් වන Miss International Queen තරඟාවලියට 2011 වසරේදී ඉන්දියාවේ පළමු නියෝජනය Malika ය.(මෙම තරඟාවලියට එම වසරේදීම ශ්‍රී ලංකාවෙන් Chamila Asanka ඉදිරිපත් විය )එය 2011 වසරේ නොවැම්බර් මස 4වෙනිදා තායිලන්තයේ පතායා හි දී පැවැත්විණි.මෙම තරඟාවලිය සංවිධානය කරන්නේ transsexual සහ transgender වෙනුවෙන් වන cabaret එකක් වන Tiffany Show Pattaya විසිනි.


පිරිමි දරුවෙක් ලෙස උපන් Malika (28 හැවිරිදි -2011 වසරේදී)  ශල්‍යකර්ම 4ක් සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ ස්ත්‍රී ස්වරූපයක් ලබා ගන්නා ලදි.ඇයට Miss International Queen තරඟාවලියට සහභාගී වීමට හැකියාව ලැබුණේ ඉන්දියානුවන් 18දෙනෙක් අතරින් තේරී පත්වීම නිසාම නොව ඇගේ කැපවීම හේතුවෙනි.Malika බ්ලොග් අඩවියක් පවත්වාගෙන අතර පුරුෂයන්ගේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් වන Sahodaran හි සාමාජිකාවක්ද වේ.එම සංවිධානය කියා සිටියේ ඇයගේ මෙම සහභාගීත්වය ඉන්දියාවේ Transgendered ප්‍රජාවට ගෞරවයක් ලබා දුන්බවයි.

තායිලන්තයට ගිය පසු ඇයට Transgendered පුද්ගලයන් හමුවී අදහස් බෙදා ගැනීමට හැකියාව ලැබිණි.ඔවුන් ඇයව තරඟාවලියට සහභාගී වීම සඳහා දිරිමත් කලහ.ඇය තමන්ව Queen සහ cross-dress ලෙස හඳුන්වා ගනියි.ගැහැණියක්ව ජීවත්වීම තමන්ගේ ආසාව බවයි ප්‍රකාශ කර සිටියේ.මම උපදින විට මට අවශ්‍ය ලිංගිකත්වය මගෙන් විමසුවේ නැහැ."මම පිරිමියෙක් ලෙස උපදින්න ඔවුන් තීරණය කර තිබුණා"ඇය එලෙස ඇගේ බ්ලොග් අඩවියේ සඳහන් කර තිබේ.


තමන් කැමති ගැහැණු දරුවෙකුගේ හැඟීම් ප්‍රකාශ කරන්න,බෝනික්කෙක් සමග සෙල්ලම් කරන්න සහ වැඩුණු පසු අම්මා කෙනෙක් මෙන් සිටින්න මිස තාත්තා කෙනෙක් වෙන්න නොවේ යැයි ඇය ඇගේ බ්ලොග් අඩවියේ හි සටහන් කර තිබේ.ඇය ඇගේ ස්ත්‍රීත්වය පෙන්වීමට බ්ලොග් අඩවියේ රූපලාවන්‍ය උපදෙස් පළ කර තිබේ.

Malika ගේ ඡායාරූප කිහිපයක්....


















Malika ගේ තායිලන්ත සංචාරයේ දී ලබාගත් ඡායාරූප..

















































































































































Post a Comment

0 Comments