ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය 2013 වසරේ අගෝස්තු මස 16 වෙනිදා රත්මලාන ප්‍රදේශයක නිවෙසක පවත්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සැබෑ මංගල උත්සවයක් ලෙසින්ම විවාහ චාරිත්‍ර මෙහි පැවැත්වීමයි. මෙහි මනාලිය වී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙකි. මෙහි මනාලියගේ පාර්ශවයේ වුයේ උපතින් පිරිමි වුවත් ගැහැණුන් ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීමට , කතා බහකිරීමට කැමති කොට්ඨාශයකි.
සමලිංගික විවාහයේ ඡායාරූප කිහිපයක්
ඉන් අනතුරුව මනාලයා හා මනාලිය විසින් මුදු හුවමාරුකරගෙනද ඇත. මුදු හුවමාරු කිරීමෙන් අනතුරුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලයාගේ ලඟම හිතවතෙකු කතාවක් පවත්වා ඇතිඅතර මනාලියගේ පාර්ශවයෙන් එම සමලිංගික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට මුලික රොහාන් නම් තැනැත්තා විසින් කතාවක් පවත්වා ඇත.
මේ සියලු කරුණු මෙසේ සිදුවෙද්දී ඉන්පසු දිනයේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් රත්මලානේ එම විවාහය සිදුකල දෙමහල් නිවස වටලා හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සමලිංගික විවාහය සම්බන්ධව නෙත් ගුවන් විදුලි නාලිකාවේ විකාශනය කල වැඩසටහන
ඒවා පරිහරනය කිරීමට මුදල් ගෙවා සාමාජිකත්වය ලබාගත යුතු අතර ඒ සඳහා නිතර පාසල් සිසුන් හා තරුණයින් විශාල පිරිසක් පැමිණෙන බවද හෙළි වී තිබෙනවා.එහිදී උපත්පාලන කොපු රාශියක් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී එම සමලිංගික විවාහයේ ජායාරූප ද සොයාගෙන ඇත.
මෙම විවාහයේ මනාලිය පසුව පැවිදිදිවියට ඇතුලත් වී තිබෙන බව මාධ්‍ය විසින් අනාවරණය කරන ලදි.මෙම මනාලිය නමින් ලසන්ත පුලිත වීරසිංහය.ඔහු පැවිදි දිවියට ඇතුලත්ව ඇත්තේ පානදුර,කෙසෙල්වත්ත,හොරේතුඩුව,ගංඟාරාම විහාරස්ථානයේදී මොරටුවේ ශුද්ධානන්ද නමිනි.කෙසේ නමුත් මොහු පැවිදි වූයේ පොලිසියෙන් ගැලවීමේ චේතනාවෙන් බව සමහරු කීවත් චීවරයක් දැරූ පමණින් ඔහුට ගැලවී යාහැකි යැයි විශ්වාස කල නොහැකිය.
සමලිංගික විවාහයේ මනාලිය පැවිදිවීම සම්බන්ධව නෙත් ගුවන් විදුලි නාලිකාවේ විකාශනය කල වැඩසටහන
කිසිදු කරුණක් සොයා නොබලා පානදුර ගංගාරාම විහාරයේ විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමියන් මොහුව පැවිදි කරවා ඇත්තේ ශාසන පිළිවෙත් පවා බිඳ දමමින්ය.මෙම විහාරාධිපති හිමියන් ළමා අපචාර සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙක් වූ අයෙකි.
මොරටුවේ ශුද්ධානන්ද පැවිදිවීමට පෙර ඡායාරූප මෙතනින් බලන්න
මෙම ලිපිය 33000 වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.
0 Comments