සමලිංගික ස්ත්‍රීන්ගේ ලිංගික අභ්‍යාස



සමලිංගික ස්ත්‍රීන්ගේ ලිංගික අභ්‍යාස යනු  ලිංගික දිශානතිය නොසලකා හැර ගැහැණුන්-ගැහැණුන් අතර සිදුවන ලිංගික ක්‍රියාකාරකම්ය.ගැහැණියක් තවත් ගැහැණියක් සමග ලිංගිකව එක් වේ නම් හෝ ඇය විශේෂයෙන්ම ගැහැණුන් කෙරෙහි ලිංගිකව ආකර්ෂණය වේ නම්  ඇය ස්ත්‍රී සමලිංගිකයෙක් ලෙසද ඇය විශේෂයෙන්ම ගැහැණුන් කෙරෙහි පමණක් ලිංගිකව ආකර්ෂණය නොවේ නම් ද්විලිංගිකයෙක් ලෙසත් හඳුන්වයි.ගැහැණියකගේ ලිංගිකතාවය හරි හැටි නිශ්චය කරගත නොහැකි නම් හෝ ඇයව හැඳින්වීමට ඉතරලිංගික හෝ අලිංගික යන යෙදුම් භාවිතා කරයි.



 හැසිරීම්


  • පොදු හෝ සාමාන්‍ය හැසිරීම්


පොදුවේ කාන්තාවන් අනුරාගය විදහා පෑමේදී කම්මුල් සිප ගැනීම සහ තදින් එකිනෙකා වැළඳ ගැනීම සිදුකරයි.තොල් සිප ගැනීම ,දිගු සිප ගැනීම් හෝ වැළඳ ගැනීම් හෝ අනෙකුත් ආකාරයේ ස්පර්ශයන් ලිංගිකමය හෝ එසේ නොවන බව සලකයි.ලිංග විද්‍යාව පිළිබඳ අධ්‍යනනය කරන ස්ත්‍රීවාදියෙක් වන Shere Hite ගේ අදහස වන්නේ " ගැහැණියක් සමග ලිංගික එක්වීම:ස්පර්ශය,සිප ගැනීම,සිනාසීම,ආලිංගනය,කතා කිරීම,digital intercourse(අත්වල හෝ පාදයේ ඇඟිලි යොදාගෙන ලිංගික අවයව උත්තේජනය කිරිම - වෛද්‍ය විද්‍යාවේදී පාදවල හෝ අත්වල ඇඟිලි නමින්හඳුන්වයි) ,ලාලනය,අවලෝකනය,භගලේහය(ස්ත්‍රියකගේ ලිංගික අවයව -භගමණිය,යෝනිය ,යෝනි මුව ආදී කොටස් මුඛය සහ දිව යොදාගෙන උත්තේජනය කිරීම ),නිරුවත් කිරීම,පසුව ආවර්ජනය,ශබ්ද නිකුත් කිරීම,සමහරවිට මෘදුව සැපීම,සමහරවිට හැඬීම සහ තදින් හුස්ම ගැනීම සහ ශබ්ද නගා ආශ්වාස ප්‍රශ්වාස කිරීම ආදියෙන් සමන්විත බවයි.

මුඛය යොදාගෙන තම සහකාරියගේ තනපුඩු උත්තේජනය කිරීම

සහකාරියගේ ඉදිරියේ නිරුවත් වීම,කායිකව සමීප ඇසුර,එනම් සහකාරියගේ ශරීරයේ අධි සංවේදී ස්ථාන අත් ,දිව හෝ මුඛයෙන් උත්තේජනය ඔස්සේ ලිංගික හැඟීම් ප්‍රබල ලෙස මතුකර ගත හැකිය.සහකාරියගේ පියයුරු සහ තනපුඩු උත්තේජනය මගින් ලිංගික ක්‍රියා සඳහා පෙළඹවීමක් ලබාගත හැකිය.

ගැහැණියකගේ තනපුඩු චූෂණයෙන් කිරි විසර්ජනය උත්තේජනය වන අයුරු

ගැහැණියකගේ මුඛය ,තොල් සහ දිව යනු සංවේදී ස්ථානයන්ය.මේවා සාමාන්‍යයෙන් සහකාරියන් මුල් අවස්ථාවේදී සහ ලිංගික ක්‍රියාකාරකමක් මුලුල්ලේම යොදාගනියි.එනම් සිප ගැනීම,චූෂණය, ලෙව කෑම හෝ විශේෂයෙන්ම මුඛය යොදාගෙන කරන ලිංගික ක්‍රියාවන් සඳහා.සහකාරියගේ පියයුරු මුඛයෙන් හෝ අතින් උත්තේජනය කිරීම එක්තරා ආකාරයක කිරීමකි.පියයුරු සහ තනපුඩු උත්තේජනය කාන්තාවකගේ ලිංගික අවධානය ලබා ගත හැකි ක්‍රියාකාරකමකි.ගැහැණියකගේ තනපුඩු උත්තේජනය කිරීම ඔක්සිටොසින් සහ ප්‍රොලැක්ටීන් යන හෝමෝන නිපදවීම සහ මුදා හැරීම සිදුකරවයි.තනපුඩු උත්තේජනය කිරීමේදී විශාල වශයෙන් ඔක්සිටොසින් නිකුත් කෙරේ.එම හෝමෝනය සාමාන්‍යයෙන් කරන්නේ කාන්තාවකගේ මවුකිරි නිෂ්පාදනය උත්තේජනය කිරීමයි.අමතරව කාන්තාවක් ඇය මවක් යන හැඟීම් ඇතිකරවයි.එසේම ඇගේ උද්වේගය අඩු කර විශ්වාසය සහ බැඳීම වැඩිකරවයි.


සුරතාන්තය පත්වීම අනිච්ඡානුගව / ඉබේ සිදුවන ක්‍රියාවන්ගෙන් සමන්විතය.ස්ථාන රැසක මාංශ පේශීන් ගැස්ම,දැඩි /ප්‍රබල හැඟීම් නිරන්තරව සිදුවන ශරීරයේ චලන සහ ලිංගික සතුට ශබ්ද ඔස්සේ ප්‍රකාශ කිරීම ආදිය මෙම ක්‍රියාවන්ට අයත් වේ.සුරතාන්තය පසු කාල සමය refractory period නම් වේ.එනම් යළි යථාතත්ත්වයට පත් වන සමයයි.නමුත් සමහර අධ්‍යනයන්ට අනුව කාන්තාවක් පළමු සුරතාන්තය පසු තවත් එවැනි අවස්ථාවකට මුහුණ දෙන බවත් ඔවුන්ට refractory period අවස්ථාවක් පිළිබඳව අත්දැකීම් නොමැතිව බවත් හෙළිවී තිබේ.



  • මුඛය ,ඇඟිලි යොදාගෙන කරන උත්තේජනයන් ,ලිංගික ක්‍රියා සහ tribadism


මුඛය යොදාගෙන තනපුඩු උත්තේජනය කරනවා මෙන් භගමණිය හෝ අනෙකුත් කොටස් වන යෝනි මුව,යෝනිය ආදිය උත්තේජනය කිරීමට අමතර වශයෙන් දත් සහ තොල් හෝ දිව යොදා ගැනේ.මුඛය යොදාගෙන මෙලෙස ගැහැණියකගේ භගමණිය සහ අනෙකුත් බාහිර ලිංගේන්ද්‍රියන් උත්තේජනය කිරීම cunnilingus නමින් හඳුන්වයි.මුඛය යොදාගෙන ගුදය උත්තේජනය කිරීම anilingus නමින් හඳුන්වන අතර එය ඉතා සුලු වශයෙන් ස්ත්‍රී සමලිංගිකයන් අතර භාවිතාවන අභ්‍යාසයකි.

මුඛය මගින් ගැහැණියකගේ ලිංගේන්ද්‍රියන් උත්තේජනය කිරීම cunnilingus නම් වේ

අත ගෑම එසේත් නැත්නම් ඇඟිලි යොදාගෙන කරන උත්තේජනය Fingering නමින් හඳුන්වයි.ඇඟිලි යොදාගෙන ගැහැණියකගේ භගමණිය හෝ අනෙක් කොටස් වන යෝනි මුව ,යෝනිය හෝ ගුදය සම්බාහනය කිරීම මෙහිදී සිදු කෙරේ.කාන්තාවක් සුරාන්තයට පත් කරවන බහුලවම භාවිතා කරන අභ්‍යාසය වන්නේ මුඛය හෝ ඇඟිලි යොදාගෙන යෝනිය සහ විශේෂයෙන්ම භගමණිය උත්තේජනය කිරීමයි.Fingering යන්න තනිවම,ඒක පාක්ෂිකව,අනෙයන්‍ය වශයෙන් ,ඇතුලු කිරීම හෝ නොකිරීම(sex toys) ලෙස ආකාර කිහිපයකින් සිදු කෙරේ.යෝනි මාර්ගය ඇතුලත සම්බාහනය කිරීම එනම් යෝනි මාර්ගයේ  G-spot නම් අධි සංවේදී ස්ථානය උත්තේජනය මගින් සමහර කාන්තාවන් පහසුවෙන්ම සුරතාන්තය පත් කල හැකිය.යෝනි ගුද හෝ මුඛ සංසර්ගය සඳහා ස්ත්‍රී සමලිංගිකයන්  බඳ පටිය සහිත Dildos (strap-on dildo)හෝ අනෙකුත් Sex toys යොදා ගනියි.

Tribadism - "scissoring" position

Tribadism යනු ස්ත්‍රී සමලිංගිකයන් අතර සිදුවන සංසර්ගයන්ගෙන් තොර(Sex toys යෝනි මාර්ගයට ඇතුලු කිරීම )ලිංගික ක්‍රියාය."scissoring" position යන්න මෙයට භාවිතා කරන ප්‍රසිද්ධ නාමයකි.එය ලිංගික ඉරියව්වකි.මෙහිදී කාන්තාවන් දෙදෙනා තමන්ගේ ලිංගේන්ද්‍රියන් එකිනෙක අතුල්වා ගනියි.ඔවුන් යෝනියට අමතරව කලවා,උදරය,සට්ටම්,පාද  හෝ ශරීරයේ අනෙකුත් කොටස් එකිනෙක අතුල්වා ගනියි.මෙහි ලිංගික ඉරියව් ගණනාවක් තිබෙන අතර missionary, a woman on top, doggy style, scissoring යනු ඉන් කිහිපයකි.



  • ආධිපත්‍යය,අවනතිය සහ BDSM


පුරුෂ සමලිංගිකයන් Top Bottom Versatile ලෙස බෙදෙන්නාක් මෙන් ස්ත්‍රී සමලිංගිකයන් අතරද  dominance , submission ලෙස බෙදීමක් තිබේ.Dominance - සක්‍රීය සහකාරියගේ චරිතයට පණ පෙවීමට කැමැති සහ Submission - අක්‍රීය සහකාරියගේ චරිතයට පණ පෙවීමේ කැමැති ලෙස ස්ත්‍රී සමලිංගිකයන් ඔවුන්ගේ ආසාව අනුව චරිත බෙදා ගනියි.උදාහරණය: doggy style ඉරියව්වෙන් සිටින ගැහැණිය අක්‍රීය සහකාරිය වේ.ඇය ඕනෑම ලිංගික ක්‍රියාවකට විවෘතව ඇත.එවිට සක්‍රීය සහකාරිය පිටුපසින් සිට ඇඟිලි මගින් සම්බාහනය හෝ අධිසංවේදී ස්ථාන උත්තේජනය කිරීම එනම් ලිංගේන්ද්‍රිය,තනපුඩු හෝ සට්ටම් සහ සට්ටම් වලට අතින් පහර දීම සිදු කරයි.ඊට අමතරව සක්‍රීය සහකාරිය Sex toys වන Dildo හෝ කම්පක යෝනි මාර්ගයට හෝ ගුද මාර්ගයට ඇතුලු කරයි.

ආධිපත්‍යය අවනතිය සහ BDSM

අක්‍රීයතාවය ගැඹුරින් යොදාගෙන ඒ ඔස්සේ ලැබෙන හැඟීම් වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ස්ත්‍රී සමලිංගිකයන් ස්ත්‍රී වහල්බාවය පුහුණු කරයි.මෙහිදී ස්ව‍යං කැමැත්ත මත එක් ගැහැණියක් මාංචු හෝ වෙනයම් ආකාරයකින් බැඳ දමා පූර්ණ අක්‍රීයභාවයට පත් කරයි.ඉන්පසු අනෙක් සහකාරිය විසින් පෙරකී වහල් බවට පත් කල අක්‍රීය සහකාරියව විවිධ ලිංගික ක්‍රියාවන් වලට භාජනය කරයි.BDSMහිදී විවිධ වද බන්ධනයන්ට ලක් කෙරේ.ඇයගේ ලිංගික තෘප්තිය තම සහකාරියගේ ක්‍රියාවන් මත රඳාපවතියි.ඇගේ කැමැත්ත මත Sex toys භාවිතා කිරීම හෝ නොකිරීම සිදු වේ.මෙහිදී සක්‍රීය සහකාරිය ලිංගික තෘප්තිය ලබාගන්නේ වහල්බවට  පත් වූ ගැහැණිය ලිංගික වස්තුවක් සේ සැලකීමෙන් ඇයට ලිංගික තෘප්තිය ලබාදීමෙන් සහ සුරතාන්තයට පත්කිරීමෙන්ය.


මෙම ලිපිය පළකරන්නේ අසභ්‍ය අඩවියට පාඨකයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙසයි.


                                                                                                                      දෙවන කොටසින් හමුවෙමු