සමලිංගික ස්ත්‍රීන්ගේ ලිංගික අභ්‍යාස - 2


මෙහි පළමු ලිපියෙන් ස්ත්‍රී සමලිංගිකයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව කෙටියෙන් කතා කලෙමු.දෙවන ලිපිය ඔස්සේ ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධව සිදුකල පර්යේෂණ සහ ලිංගික එක්වීමේ තිබෙන සෞඛ්‍ය අවධානම පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙමි.


පර්යේෂණ


1953 වසරේ නිකුත් කල Alfred Kinseyගේ Sexual Behavior in the Human Female නම් වාර්තාවේ සඳහන් පරිදි පසුගිය අවුරුදු 5ක කාලය තුල ඉතරලිංගික එක්වීම් වලදී කාන්තාවන් සුරතාන්තයට පත්වීම 55% වූ නමුත්  සමලිංගික ක්‍රියාකාරකම් වලදී කාන්තාවන්ගෙන් 78%ගෙන් 60%-100% ප්‍රතිශතයක් සුරතාන්තයට පත් වේ.Kinsey ට අනුව මෙම වෙනසට හේතුව පිරිමි සහකරුවෙකුට වඩා ස්ත්‍රී සහකාරියක් තවත් ස්ත්‍රියකගේ ලිංගිකතාවය සහ ඇය තෘප්තිමත් කල යුතු ආකාරය හොඳින් දැන සිටීමයි.පර්යේෂණ කණ්ඩායමක් වන Masters and Johnson ට අනුවද ස්ත්‍රී සමලිංගිකයන් ඉතරලිංගික එක්වීමකින් ලබනවාට වඩා ඉහළ තෘප්තියක්(ලිංගික තෘප්තියක්) සමලිංගික සම්බන්ධතා ඔස්සේ ලබයි.ස්ත්‍රියක් සතුටු කල හැක්කේ කුමන ක්‍රියා තුලින්ද,ශරීරයේ කවර ස්ථාන උත්තේජනයෙන්ද යන්න වඩාත් හොඳින්ම දන්නේ පිරිමියෙක් නොව තවත් ස්ත්‍රියකි.Masters and Johnson කණ්ඩායම 1979 දී කල අධ්‍යයනයන්ට අනුව ස්ත්‍රී සමලිංගික ක්‍රියාකාරකම් ඔස්සේ ඔවුන්ගේ සම්පුර්ණ ශරීරයම ආවරණය වන අයුරින් පහස ලැබේ.නමුත් ඉතරලිංගික එක්වීමකදී සිදුවන්නේ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත ප්‍රදේශ ඉලක්ක කරගත් සම්බන්ධයකි.ඉතරලිංගික එක්වීම් බහුතරයක් අවසන් වන්නේ ස්ත්‍රිය සුරතාන්තයට පත්වීමකින් තොරවයි.


Pepper Schwartz, Philip Blumstein (1983),Diane Holmberg, Karen L. Blair (2009) සිදුකල එකිනෙකට වෙනස් පර්යේෂවලින්ද පැහැදිලිව සනාථ වී තිබෙන්නේ කාන්තාවන්ගේ ඉතරලිංගික සම්බන්ධතාවලින් ඔවුන් ලබන ලිංගික තෘප්තියට වඩා වැඩි තෘප්තියක් සමලිංගික සම්බන්ධතා ඔස්සේ ලබන බවයි.ස්ත්‍රී සමලිංගිකයන් යුවලකගේ සම්බන්ධතාවයකදී වෙනත් ඕනෑම යුවලකට වඩා අඩුවෙන් ලිංගික එක්වීම අඩුබවත් ,ඔවුන්ගේ සම්බන්ධතාවය අවසන් වන තෙක් ලිංගික ඇඟලුම්කම සුළු වශයෙන් පවතින බවත් Schwartzගේ මතයයි.කෙසේවෙතත් මෙම මතය විවාදයට තුඩුදී ඇත්තකි.Holmberg and Blair'sගේ අධ්‍යයනයන්ට අනුව සමලිංගික සබදතාවලදී ගැහැණු ඔවුන්ගේ ඉතරලිංගික සබදතාවලදී ලබන ලිංගික ආශාවන්,ලිංගික සන්නිවේදනය,ලිංගික සංතෘප්තිය සහ සුරතාන්තය ඔස්සේ ලබන සතුට එලෙසම සමලිංගික සම්බන්ධතා ඔස්සේද අත් විදියි.ඊට අමතරව  Blair & Pukall (2014) විසින් වාර්තා කර තිබෙන්නේ මීට සමානම අධිගමනයකි.එනම් ස්ත්‍රී සමලිංගික සම්බන්ධතාවලදී සමාන මට්ටමේ ලිංගික සංතෘප්තියක් සහ අඩු මට්ටමේ ලිංගික එක්වීම් ප්‍රමාණයක්(වාර ගණනක්) තිබෙන බවයි.කෙසේවෙතත් මෙම මෑතකදී කරන ලද අධ්‍යයනය මගින් තවදුරටත් වාර්තා කරන්නේ ස්ත්‍රී සමලිංගික සබදතා වල පෞද්ගලික හමුවීම් තුලදී සැලකිය යුතු මට්ටමේ කාලයක් වැය කරන බවයි.එය පැය දෙකක් හෝ ඊටත් වැඩිවිය හැකිබවයි එහි සඳහන් වන්නේ.එහි ප්‍රතිඵලය ස්ත්‍රී සමලිංගිකයන් ලිංගිකව එක්වන වාර ගණන අඩුවිමයි.


සුරතාන්තයට පත්වීමේදී එය පහසු හෝ අපහසුබව සැලකිල්ලට ගෙන Hite කරන ලද  පර්යේෂණය පෙන්වා දී තිබෙන්නේ බහුතරයක් ගැහැණුන්ට සුරතාත්තයට පත්වීමට භගමණිය උත්තේජනය අවශ්‍ය බවත් එය පහසු සහ ශක්තිමත් .නියම උත්තේජනයක් ලබා දිය හැකි විදියක් බවයි.බොහොමයක් ගැහැණුන් ලෙහෙසියෙන්ම  සුරතාන්තයට පත් වන්නේ ස්වයංමෛථුනය ඔස්සේය.Kinseyගේ සොයාගැනීම ප්‍රතිවලිත කරන අධ්‍යයනයන්  Peplau, Fingerhut සහ Beals (2004) විසින් ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබෙන්නේ ඉතරලිංගික ගැහැණුන්ට වඩා සමලිංගික ගැහැණුන් නිතරම සහ ඉතා පහසුවෙන් සුරතාන්තයට පත්වන බවයි.


ස්ත්‍රී සමලිංගිකයන් අතර සිදුවන විශේෂිත ලිංගික අභ්‍යාස පවා අධ්‍යයනයන්ට ලක්කර තිබේ.Masters and Johnsonට අනුව dildo එකක්(ශිශ්නයක හැඩය ගන්නා උපකරණයක්) මගින් කරන යෝනි සංසර්ගය ස්ත්‍රී සමලිංගිකයන් අතර සුලභ නොවන අතර ඔවුන් සම්පුර්ණ ලිංගේන්ද්‍රිය උත්තේජනය කරනවාට වඩා භගමණිය උත්තේජනය කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි.මුඛය යොදාගෙන කරන ලිංගික ක්‍රියා සැලකීමේදී ,පොදු විශ්වාසය වන්නේ සියලුම සමලිංගික ස්ත්‍රීන් භගලේහය(cunnilingus-දිව ,තොල් හා මුඛයේ අනෙකුත් කොටස් යොදාගෙන යෝනිය සහ භගමණිය උත්තේජනය කිරීම )සිදුකරන බවයි.නමුත් සමහර සමලිංගික ස්ත්‍රීන් සහ ද්විලිංගික ස්ත්‍රීන් මානසික සහ සමාජීය සාධක නිසා මුඛීය ලිංගික ක්‍රියාවන්ට අකමැත්ත ප්‍රකාශ කරයි.සමහරුන්ට එය අපිරිසිදු ක්‍රියාවකි.අනෙකුත් සමලිංගික ස්ත්‍රීන් සහ ද්විලිංගික ස්ත්‍රීන්ට එය අත්‍යාවශ්‍ය මෙන්ම ලිංගික එක්වීමක අනිවාර්ය අංගයකි.ඉතරලිංගික යුවලක කාන්තාවක් මෙන් නොව ස්ත්‍රී සමලිංගික යුවලක කාන්තාවක් භගලේහයට(cunnilingus) අකමැතිනම් එය දැඩි සැලකිල්ලට භාජනය වන කරුණකි.පොදුවේ එවැනි තත්ත්වයක් සහිත සමලිංගික ස්ත්‍රීන් එය නිෂේධනය සඳහා ප්‍රතිකාර පවා ලබාගනියි.මෙය ගුද සංසර්ගයට අකැමැති සහ කැමැති සමලිංගික ස්ත්‍රීන් සිටීමට සමාන තත්ත්වයකි.

                  cunnilingus                                              Ass Licking 

1987 වසරේදී සිදුකල විද්‍යාත්මක නොවන අධ්‍යයනයකට කොලරාඩෝහි ස්ත්‍රී සමලිංගික සංවිධානයක සාමාජිකාවන් 100කට වඩා සහභාගී කරගන්නා ලදි.එහිදී ඔවුන්ගේ අවසන් ලිංගික හමුවීම් 10 තුල ඔවුන් භාවිතකල ලිංගික ශිල්ප ක්‍රම මොනවාදැයි විමසීය.

  • 100% දෙනා කියා සිටියේ සිප ගැනීම,පියයුරු චූෂණය කිරීම සහ අතින් භගමණිය උත්තේජනය කිරීම සිදුකල බවයි
  • 90% දෙනා වාර්තා කලේ  French kissing(ගැඹුරු සිපගැනීම ),මුඛීය ලිංගික ක්‍රියා සහ යෝනි මාර්ගයට ඇඟිලි ඇතුලු කිරීම සිදුකල බවයි
  • 80% දෙනා වාර්තා කලේ tribadism හෙවත් ලිංගේන්ද්‍රියන් අතුල්ලා ගැනීම සිදුකල බවයි.

වයස  30 ගණන්වල පසුවන සමලිංගික ස්ත්‍රීන් අනෙකුත් වයස් කණ්ඩායම් වල සමලිංගික ස්ත්‍රීන්ට වඩා දෙගුණයකින්  ගුදය උත්තේජනයට(ඇඟිලි හෝ dildos යොදාගෙන )යොමුව සිටිබවත් එහිදී හෙළිවිය.


2003 වසරේදී Julia V Bailey සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම ප්‍රසිද්ධකල දත්ත ලන්ඩන්හි සමලිංගික ස්ත්‍රීන්ගේ සෞඛ්‍ය සායනය දෙකකට පැමිණි සමලිංගික සහ ද්විලිංගික ස්ත්‍රීන් 803ක් සහ තවත් සමලිංගික ස්ත්‍රීන් 415ක්  වෙතින් ලබාගත් ඒවා විය.මෙම අධ්‍යයනය වාර්තාකලේ  සමලිංගික ස්ත්‍රීන් අතර පොදු ලිංගික අභ්‍යාස වන්නේ " මුඛිය ලිංගික ක්‍රියා,යෝනි මාර්ගයට ඇඟිලි ඇතුලු කිරීම,අනෙ‍යන්‍ය ස්වයංමෛථුනය සහ tribadism(ගැහැණුන් එකිනෙකාගේ ශරීර සහ විශේෂයෙන්ම ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් එකිනෙක අතුල්ලා ගැනීමයි )බවයි.මෙය සහභාගීවූ ප්‍රමාණයෙන් 85%කගේ මතය විය.පැරණි අධ්‍යයනයන් සේම මෙම පර්යේෂණයෙන්ද හෙළිවුනේ සමලිංගික ස්ත්‍රීන් අතර dildos හෝ වෙනයම් sex toys යොදාගෙන කරන යෝනි සංසර්ගය කලාතුරකින් සිදුවන බවයි




සෞඛ්‍යමය අවධානම


අනෙකුත් ලිංගික ක්‍රියාකාරකම් මෙන්ම ස්ත්‍රී සමලිංගික ක්‍රියාකාරකම්ද ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වන ලිංගික ඉන්නන් හෝ අනෙකුත් ව්‍යාධිජනකයන්ගේ ආසාදන සඳහා හේතුවේ.ස්ත්‍රී සමලිංගිකත්වය ස්භාවයෙන්ම සංසර්ගයෙන් තොර නිසා දේහ තරල හුවමාරුවීමේ හැකියාව සාමාන්‍යයෙන් පහළ මට්ටමක තිබේ.එම නිසාම ඉතරලිංගිකයන් සහ පුරුෂ සමලිංගිකයන්ට වැළඳෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහරක් රෝගවලට සමලිංගික ස්ත්‍රීන් ගොදුරුවීමේ හැකියාව අඩුය.එකම Sex Toy එකක් එක් පුද්ගලයෙකුට වඩා භාවිතා කරන්නේ නම් ආසාදානයන් සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉහළ යයි.කෙසේවෙතත් HI වෛරසය(HIV) ස්ත්‍රී සමලිංගික ක්‍රියාකාරකම් ඔස්සේ සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවය , ස්ත්‍රී-පුරුෂ  සහ පුරුෂ-පුරුෂ ලිංගික ක්‍රියාකාරකම් වලදීට වඩා බොහෝ අඩු මට්ටමක තිබේ.HIV පැතිරීම සිදුවන්නේ දේහ තරල වන රුධිරය(ඔසප් රුධිරයද ඇතුලුව ),යෝනි ස්‍රාව සහ තන කිරි හෝ තුවාල ආදී දේහ තරල නිරාවරණය වන එවැනි තත්ත්වයන් සහිත මුඛයක් මගින් කරන ලිංගික ක්‍රියා ඔස්සේය.

              ස්ත්‍රියකගේ යෝනිය ආශ්‍රිත ඉන්නන්                                                       උපදංශයෙන් පෙළෙන ස්ත්‍රියක්

The Centers for Disease Control and Prevention (CDC) හෙවත් රෝග පාලනය සහ නිවාරණය සදහා වූ මධ්‍යස්ථානය 1995 වසර වනතුරු පිළිගෙන සිටියේ ස්ත්‍රීන්-ස්ත්‍රීන් අතර ලිංගික සබදතා ඔස්සේ HIV ආසාදනය වීමේ හැකියාවක් නැතැයි කියාය.CDC වාර්තා කරන්නේ ගැහැණුන් අතර ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයන් පැතිරයාමේ අවදානම සම්බන්ධ දත්ත සුළු ප්‍රමාණයක් ඇතිබවයි.කෙසේනමුත් CDC සඳහන් කරන්නේ රෝගකාරක විෂබීජ වන metronidazole-resistant trichomoniasis, genotype-concordant HIV, human papillomavirus සහ උපදංශය කාන්තාවන් අතර ලිංගික ස්පර්ශය ඔස්සේ පැතිර යා හැකිබවයි.මෙම රෝගකාරකයන් ආසාදනය (සමලිංගික ස්ත්‍රීන් අතර ) පිළිබඳව අනුපාතයන් අප්‍රකට වුවත් එක් අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ සමලිංගික සහ ද්විලිංගික ස්ත්‍රීන්ගේ වෛද්‍ය වාර්තා අනුව ඔවුන්ගෙන් 30%ක් ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදනයන්ගෙන් පෙළෙන බවයි.සාමාන්‍ය ජනගහණයට සාපේක්ෂව ලිංගිකව සක්‍රීය ස්ත්‍රි සමලිංගිකයන් ඉහළ සෞඛ්‍යමය අවදානමක පසුවන බව මින් අදහස් නොවේ.


The American Family Physician සඟරාව සමලිංගික සහ ද්විලිංගික ස්ත්‍රීන්ට ඉදිරිපත් කරන අදහස වන්නේ "ආවරණය කල sex toys යොදාගෙන සංසර්ගයේ යෙදීමටත් යෝනි හෝ ගුද සංසර්ගයේදී එක් එක් පුද්ගලයා වෙනුවෙන් එකම කොන්ඩමය වෙනුවට වෙනත් කොන්ඩම් යොදා sex toys භාවිත කරන්න කියාය.තවද මුඛීය ලිංගික ක්‍රියාවන්හිදී ආරක්ෂණ බාධක( latex sheet, dental dam, cut-open condom ,plastic wrap) සහ සහකාරියගේ ඔසප් රුධිරය වහනය වන හෝ ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව තුවාල ඇති අවස්ථාවක  latex හෝ vinyl අත් ආවරණ යොදාගන්න" .නමුත් ස්ත්‍රී සමලිංගිකයන් අතර සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වලදී දන්ත ආවරණ යොදාගත්තා කියා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය අඩු කරන බවට සාක්ෂි හමුවී නැත.අධ්‍යයනයන්ගෙන් හෙළිව තිබෙන්නේ ආරක්ෂණ බාධකයක් ලෙස දන්ත ආවරණ(dental dam) යොදා ගැනීම සමලිංගික ස්ත්‍රීන් අතර ඉතා කලාතුරකින් සිදුවන බවයි.මීට හේතුව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වීමේ හැකියාව සම්බන්ධයෙන් පුද්ගලයන් වශයෙන් තිබෙන අඩු දැනුමයි.


මින් ඉදිරියට ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධව කිසිදු ලිපියක් මෙම බ්ලොග් අඩවියේ පළ නොවන බව කරුණාවෙන් සලකන්න

Post a Comment

0 Comments