Transgender නිරූපිකා Lea T Redken සමාගම සමග එක් වේ


Transgender නිරූපිකාවක් Tea T සහ සමාගම යටතේ සිටින හිසකෙස් සම්බන්ධ ඇමෙරිකානු නිෂ්පාදන සමාගමක් වන Redken සමග ගිවිසුමකට බැදී තිබේ.Lea T හැඳින්වෙන්නේ ලොව ප්‍රථම high fashion transgender නිරූපිකාව ලෙසයි.ඇයව සොයාගත්තේ Givenchy හි නිර්මාණ අධ්‍යක්ෂක Ricardo Tisci විසිනි.ඇගේ නිරූපණ දිවියේ මතභේදකාරී අවස්ථා ලෙස Kate Moss සිපගන්නා ඡායාරූපයක් සහිත Love සඟරාවේ මුල් කවරය,Vogue සඟරාව වෙනුවෙන් සම්පුර්ණයෙන්ම නිරුවත් වීම ආදිය දැක්විය හැකිය.


Lea T විසින් Kate Moss සිප ගැනීම
Vogue සඟරාව වෙනුවෙන් සම්පුර්ණයෙම නිරුවත් වූ අවස්ථාව

දැන් ඇගේ කාලවර්ණ කේශකලාපය නිසා ඇයට Redken හි beauty muse ලෙස පත්කර තිබේ." මෙය එකවර ලැබුණු ගෞරවයක් මෙන්ම වගකීමක්" -Lea T කියා සිටියේය.

"මගේ අම්මාටත් ලස්සන කේශකලාපයක් තිබුණා,මම ළමා කාලයේදී ඒකට බොහොම ඊරිෂ්‍යා කලා... ගැහැණියකට කේශකලාපය හරිම වැදගත්,මම හරිම වාසනාවන්තයි ඒ අතින් මොකද මට ස්වභාවික,ශක්තිමත් කෙස් කළඹක් තිබෙන නිසා "Lea T කියා සිටියේය.

Lea T. on Givenchy's autumn/winter 2010 campaign

Lea T දැන් 33 වන වියේ පසුවේ.ඇගේ සමකාලීන නිරූපිකාවක් වන Andreja Pejic මෙම ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටියි.Lea T හිසකෙස් ආරක්ෂණ නිෂ්පාදන සමාගමක් වන Redken සමග ගිවිසුම් ගත වීම ඔස්සේ LGBT සමාජයට ගෞරවයක් අත්කර දී තිබේ.




Post a Comment

0 Comments