Sex සෙවීමෙන් ලෝක වාර්තා



මාතෘකාව දැකපු ගමන් මතක් වෙන රටක් තියෙනවා.ඒ ශ්‍රී ලංකාව.හේතුව මම කියන්න ඕනේ නෑ මොකද පසුගිය කාලේ ඇස් කන් ඇරගෙන ෆේස්බුකියේ හිටපු හැමෝම ඒකට හේතුව දන්නවා ඇති.ඒ ගැන නොදන්න අයත් ඉන්න නිසා කෙටියෙන්ම කියන්නම්කෝ.SEX යන වචනය අන්තර්ජාලය තුල සෙවීමට භාජනය කල රටවල් අතර පළමුස්ථානය ශ්‍රි ලංකාව දිනාගෙන තිබෙන බව පසුගිය කාලයේ ලැව් ගින්නක් මෙන් පැතිර ගිය පුවතක් වුනා.ඒ ගැන ටිකක් වැඩිපුර විස්තර ඇතිව කතා කරන්න ඕනේ කියලා මට හිතුණා.මේ ලිපිය  ඒ ගැනයි.



ගූගල් සෙවුම් යන්ත්‍රය අද ලෝකයේ තිබෙන ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රයයි.එය සරල මෙන්ම භාවිතයට පහසු අතුරුමුහුණතක් සහිත නිසා එම තත්ත්වයට පත්ව තිබේ.අන් සියලු සෙවුම් යන්ත්‍ර අභිබවා ගොස් තිබෙන ගූගල් සෙවුම් යන්ත්‍රය එම තත්ත්වයට පත් වන්නේ එහි භාවිතාවන දියුණු සෙවුම් යන්ත්‍ර තාක්ෂණිය නිසාය.


ගූගල් සෙවුම් යන්ත්‍රයේ අතුරුමුහුණත

Google ලොව ජනප්‍රියතම මෙන්ම වැඩි පිරිසක් භාවිතා කරන සෙවුම් යන්ත්‍රය වන නිසාම එහි කාර්යක්ෂමතාව සහ අනෙකුත් ගුණාංග වැඩි දියුණු කිරීමට ගූගල් පරිශීලකයන්ගේ දත්ත එම සමාගම මගින් රදවා ගැනේ.ඒ අනුව ලෝකයේ සතර දෙසින් එන සෙනඟ කරන සෙවීම් පිළිබඳ විස්තර ගූගල් සමාගම සතුව තිබේ.SEX සොයා ලෝක ප්‍රසිද්ධ වන්නට ශ්‍රී ලංකාවට සිදු වුනේ මෙලෙස රැස් කරන දත්ත නිසාය.මෙලෙස ගූගල් සෙවුම් යන්ත්‍ර පරිශීලකයන් සිදු කරන සෙවීම් ගැන සැමදෙනාටම බලාගත හැකි ලෙස ප්‍රසිද්ධ කරන්නේ Google Trends ලෙස Google.com හිය .ගූගල් සමාගම මෙය සිදු කරන්නේ 2004 වසරේ සිටයි.

මොකක්ද මේ Google Trends 




මෙය ගූගල් සමාගම විසින් සපයන පොදු වෙබ් පහසුකමකි.ගූගල් සෙවුම් යන්ත්‍රය මූලික කරගත් එකකි.එමගින් සුවිශේෂී සෙවුම් පදයක් / පද කිහිපයක් ලෝකයේ විවිධ ප්‍රදේශ වල විවිධ භාෂාවලින් සෙවීමට බඳුන් වන අයුරු පෙන්වා දෙයි.මේ ඔස්සේ යම් සෙවුම් පදයක් ගෝලීය වශයෙන් ,රටවල් වශයෙන් සෙවීමට ලක්ව ඇති අයුරු පෙන්වයි.


Google Trends වෙබ් පිටුව

මෙතෙක් වේලාවක් අපි කලේ මාතෘකාවට ප්‍රවේශයක් ගත් පමණි.දැන් අපේ මාතෘකාවට අවතීරණය වෙමු.


2004 වසරේ SEX යන්න වචනය සෙවූ රාජ්‍යයන්ගේ ශ්‍රේණිගත කිරීම

කලින් සඳහන් කලාසේම Google Trends සේවාව ඇරඹුණේ 2004 වසරේදීය.2004 වසරේදී SEX යන්න සොයා පළමු තැනට පත් වූයේ සිරියාවයි.එම වසරේ SEX සෙවීම යටතේ කල ශ්‍රේණිගත කිරීමෙන් පළමු රටවල් 5 මුස්ලිම් ජාතීන් බහුතරය වෙසෙන රාජ්‍යයන් විය.මෙහි 6වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබිණි.



2005
වසරේ SEX සෙවීමෙන් පළමු තැන යේමනය ලබා ගනිද්දී ශ්‍රී ලංකාව 5 වන ස්ථානය දක්වා ඉහළට ගෙන එන්නට මෙරට අන්තර්ජාල පරිශීලකයන් සමත් විය.

සෙවුම් පදය: sex     Google Trends 2006

2006 වසරේදී පළමු තැන රැකගන්නට යේමනය සමත් වෙද්දී ශ්‍රී ලංකාව හතර වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණේ.

2007 වසරේදී මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන පාකිස්තානය විසින් හිමිකර ගනියි
2008 වසරේදී පළමු තැන එරිට්‍රියාවට හිමි වෙද්දී ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට පත් වෙයි.
2009 වසරේදී පළමු තැන මුස්ලිම් නොවන ජාතියකට හිමි කර දෙන්නට වියට්නාමය සමත් වේ.
2010 වසරේදී වියට්නාමය දෙවන තැනට ඇද දමමින් කාම්බෝජය පළමු  ස්ථානය පත් වේ.

2011 වසරේ පළමුවරට මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ.2011 වසරේ සිට මේ දක්වා එනම් 2014 වන තෙක් නොකඩවා පළමුස්ථානය රැක ගැනීමට මෙරට අසහනයෙන් පෙළෙන අන්තර්ජාල පරිශීලකයන් සමත්ව තිබේ.

2011 -2014 දක්වා sex සොයා පළමුස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය

පසුගිය වසර 5-6 කාලය තිස්සේ මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂ්‍රේතයේ සිදුවූ වර්ධනය නිසා මෙරට මෙවන් ප්‍රතිඵලය අත්කරගෙන තිබෙන බව පැහැදිලිය.


  • අන්තර් ජාලය තවදුරටත් ධනවතුන්ගේ සුඛෝපභෝගී භාණ්ඩයක් නොවීමත්
  • අන්තර්ජාල පහසුකම් වල මිල ගණන් සාමාන්‍ය ජනයාට දැරිය හැකි මට්ටමට පහළ යෑමත්
  • අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකථන සහ පරිගණක භාවිතය ඉහළ යෑමත්
  • අන්තර්ජාලය අසභ්‍ය දේ නැරඹීමට පහසුම ස්ථානය ලෙස ප්‍රසිද්ධියට පත් වීමත් ආදී කරුණු නිසා ශ්‍රී ලංකාව මෙලෙස අද සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තබමින් සිටියි.

ඔබත් Google Trends වෙත ගොස් කැමති යෙදුම් ඇතුලත් කර සෙවීමක් කර බලන්න .ඉන් ලබාදෙන සමහර ප්‍රතිඵල හාස්‍ය ජනක සේම ඔබ සිතන්නට දෙයක් ඉතිරි කරාවි.

උදාහරණය: Animal sex හෙවත් සතුන් සමග ලිංගිකව එක්වීම
සෙවුම් පදය: Animal sex




2004 වසරේ සිට 2014 දක්වා මෙහි පළමු තැන පාකිස්ථානය විසින්  ලබාගෙන තිබේ.හිතන්න පාකිස්තානුවන් සම්මත ස්ත්‍රී-පුරුෂ ලිංගික සම්බන්ධතා වලින් ඈත්ව මේ ගමන් කරමින් සිටින්නේ කුමන සැපතක් වෙනුවෙන්ද කියා.එහි පස්වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිව තිබේ.එහි අරුත අනාගතයේ දී ඔබට අවබෝධවනු ඇත.


Post a Comment

0 Comments