සැඟවුණු ජීවිත - මුම්බායි නගරයේ සමලිංගිකත්වය



Peter Caton සහ Cristiane (කතෘ ) ඉන්දියාවේ මුම්බායි නගරයේ පුරුෂ සමලිංගිකත්වය සහ Transgendered (TG)සමාජය ගැන වාර්තාවක් සකස් කරන ලදි.මෙම ව්‍යාපෘතියට ඔවුන් යොදාගත්තේ මුම්බායි සමාජයෙන් කොන් කර දැමූ ජීවිත සහ නිවාසයි.


Parry යනු සතියකට ඉන්දියානු රුපියල් 1600(ඇ.ඩො.32 පමණ )උපයන වෘත්තියමය නර්තකයෙකි.ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙක් සිටින පුරුෂයෙකි.ඔහු පුරුෂ සමලිංගිකයෙක් බවත් ,තමන්ගේ සේවාදායකයින් සොයා යන බවත් බිරිඳ නොදනියි.

මුස්ලිම් සහ හින්දු සංස්කෘති තුල හිජ්රා යනු නපුංසකයන්ය.අතීතයේ පවුල්වලින් එක පිරිමි දරුවෙක් හිජ්රා සමාජයට ප්‍රදානය කරන ලදි.ඒ දෙවියන් වෙනුවෙන් කරන පිදීමක් ලෙසයි.ඉන්පසු ඔවුන් අණ්ඩහරණය සිදුකරගෙන සාරි අඳින අතර ඔවුන් අඬ-පිරිමින් අඬ-ගැහැණුන් ලෙස පෙනී සිටියි.යම් අයෙක් විවාහ වූ විට හෝ අලුත දරුවෙක් ලැබූ විට සිරිතක් ලෙස හිජ්රා කෙනෙකුට මුදලක් දී අළුත් ජීවිතයට ආශිර්වාද ලබා ගනියි.නමුත් මෙහි තිබෙන අවදානම වන්නේ හිජ්රාවරයා සතුට පත් නොවුන හොත් ඇගේ සාපයට ලක්වීමට ඔවුන්ට සිදුවීමයි.හිජ්රාවරු Transgenders ගෙන් වෙනස් වන්නේ ඔවුන් ජිවත් වීමට සිඟා කෑම සහ අනෙකුත් පහත් ආකාරයේ රක්ෂා කරන නිසාය.නූතන ඉන්දියාවේ හිජ්රාවරු යනු පුරුෂ සමලිංගිකයන් හෝ Transgenders පුද්ගලයින් වන අතර ඔවුන් හිජ්රා සම්ප්‍රදාය ප්‍රයෝජනයට ගෙන වාහන තදබද සහිත අවස්ථාවලදී සහ         දුම්රියේදී සිඟාකෑමෙන් මුදලක් උපයා ගනියි.බහුතරය සමලිංගික පිරිමින්ට ලිංගික සේවා සපයන්නන් ලෙස කටයුතු කරයි.

මුම්බායි හි සමලිංගික පිරිමි තම ලිංගික ක්‍රියා සඳහා තෝරාගන්නා ස්ථානයක්

මෙම ඡායාරූප තුලින් හිජ්රාවරුන්ගේ සහ පුරුෂ සමලිංගිකයන්ගේ පොදු සහ පෞද්ගලික අවස්ථා දැක ගත හැකිය.ගැහැණියක් ලෙස ඇඳුම් ඇදීමටත්,එකිනෙකා මුණගැසී ඇඳුම් ඇඳ ,තම රූපලාවන්‍ය කටයුතු එකිනෙකාගේ උදව් ඇතුව කර ගැනීමටත් ,තමන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් ඔවුන් සතුටුය.සමලිංගික පිරිමින්ගෙන් වැඩි පිරිස සාමාන්‍ය පිරිමින් ලෙස ජීවත් වෙයි.ඔවුන් විවිධ රැකියාවල නිරත වේ.නමුත් ඔවුන්ගේ රාත්‍රිය ගෙවෙන අයුරු ඔවුන්ගේ පවුල්වලට සහ මිතුරන්ට රහසක් වශයෙන් තබාගැනේ.ඒ කාලයේ දී ඔවුන් තම පිරිමිකම තාවකාලිකව අමතක කරයි.ඔවුන් ගෙවන්නේ දෙබිඩි ජීවිතයකි.

Chirat දුම්රිය ඇතුලත,මෙවැනි දුම්රිය මැදිරි තුලදී පුරුෂ සමලිංගිකයෙක් සොයාගැනීම අපහසු නොවේ.

සමලිංගිකත්වයට ඉන්දියාව තුල තවමත් ප්‍රබල තහංචි පැනවී තිබේ. ඒ එහි තිබෙන ගතානුගතික සමාජය තුල සමලිංගිකත්වය,Transgenderism සහ ගණිකා වෘත්තිය ගැන තිබෙන දුර්මතය නිසාය.එහි පුරුෂ-පුරුෂ සේවනයේ යෙදෙන්නන් ඔවුන්ව සමලිංගිකයන් ලෙස නොදකියි.කෙසේනමුත් ඔවුන් තමන්ව සක්‍රීය(Active) සහ අක්‍රිය(Passive) ලෙස බෙදා වෙන් කර ගනියි.ඔවුන් තමන්ව ගණිකාවන්(ලිංගික වෘත්තිකයන් )ලෙස හඳුන්වා නොගන්නා මුත් ඔවුන් ලිංගිකව එක්වන්නට මුදල් අයකරයි.ඔවුන්ගේ කාර්යය ආරම්භවන්නේ වාහන තදබදය අතරතුර  වීදිවල ඇවිදින යදින්නන් ,ආපනශාලාවල සමලිංගික නොවන පිරිමි කණ්ඩායම් අතර,රාත්‍රියේ දුම්රිය මාර්ගවල,අතහැරදමන ලද හෝ  පාළුවට ගිය ගොඩනැගිලි අසලය. කිසිවෙකුට නොපෙනන ස්ථානවල ඔවුන් තහනම් ක්‍රියාවල නිරත  වේ.

මත්පැන් හලක සිටින Chirat ,මුම්බායි හි පුරුෂ සමලිංගිකයන්ට ඉඩදෙන  මත්පැන් හල් සුළු ප්‍රමාණයක් තිබේ

ඉන්දියානු රජය විසින්  HIV සහ ඒඩ්ස් ව්‍යාප්තිය අවම කිරිමට දියත් කල මහා පරිමාණයේ ව්‍යාපෘතියත්,රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කරන දැනුවත් කිරිම් ඔස්සේත් අනාරක්ෂිත ලිංගික සබඳතා ඔස්සේ සම්ප්‍රේෂණය වන බව පිරිමි සමලිංගිකයන් සහ ප්‍රජාව දැනුවත්ව සිටින අතර ඔවුන්ට නොමිලේ උපත්පාලන කොපුද ලබා දේ.කෙසේවෙතත් උපත් පාලන කොපු භාවිතය තවමත් පහළ මට්ටමක තිබේ.පුරුෂ-පුරුෂ සේවනයේ යෙදෙන්නන් වැඩි මුදලක් වියදම් කර උපත් පාලන කොපු රහිතව ලිංගිකව එක් වේ.ඔවුන් බාහිර පෙනුමෙන් රෝග විනිශ්චයට පැමිණෙන මෝඩයන් ලෙස ක්‍රියා කරයි.2004 වසරේ පිරිමි සමලිංගික රාජ්‍ය නොවන සංවිධානයක් මගින් කල සමීක්ෂණයකදී මුම්බායි නගරයේ පුරුෂ සමලිංගිකයන්ගෙන් 20%ක් HIV positive තත්ත්වයෙන් පෙලෙන බව අනාවරණය වී තිබේ.

Bansi ,Bandini බවට පත්විය.Bansi සතියේ දිනවල ලිංගික ක්ෂේත්‍ර සේවකයෙක් ලෙස සේවය කර රාජ්‍ය නොවන සංවිධානයකට ඉන්දි.රු.2400ක් උපයාදෙයි.සති අන්තයේදී ලිංගික සේවය සපයමින් මුඛ සංසර්ගය වෙනුවෙන් ඉන්දියානු රුපියල් 150 උපයාගනියි.

Bansi තත්ත්වය සහිත මුත් එය ඔහු ඔහුගේ මිතුරන්ගෙන් සහ සේවාදායකයන්ගෙන් වසන්කර තිබෙන්නේ ඉන් ඇතිවෙන අපකීර්තිය වළක්වා ගැනීමටය

Bansi සෙනසුරාදා දිනෙක් සවස් කාලයේ ,HIVනිසා මරණයට පත් තමන් ළඟින්ම දන්නා අයෙක් පිළිබඳව දුකෙන් පසුවේ.

Bansi ගේ මව වන Tisha හින්දු දෙවියෙක් වන Yellamma වෙනුවෙන් නර්තනයේ යෙදෙන අයුරු.ඉන්දියානු හිජ්රාවරු (TGs) සහ සමලිංගිකයන්ද මෙම දෙවියන් වන්දනාමාන කරයි.Nandu (දකුණුපස )32 හැවිරිදි සමලිංගිකයෙකි .ස්වාමිපුරුෂයා සහ පියා තත්ත්වයෙන් පෙළේ.සතියේ දිනවල ඔහු ආරක්ෂිතව ලිංගිකව එක්වන අයුරු දැනුවත් කරන්නෙක් ලෙස සේවය කරයි.සති අන්තයේදී ඔහු පිරිමින්ට ලිංගික සේවය සපයමින් අමතර මුදලක් උපයාගනියි.

Bansi, Yellamma දෙවියන් වෙනුවෙන් ආවේශයෙන් මෙන් පූජාවක් පවත්වන අයුරු

Bansi තම බිරිඳ සහ දරුවා සමග.බිරිඳ ඔහුගේ ද්විත්ව ජීවිතයට සහාය දෙයි.මෙම විවාහය ඇගේ මව විසින් පිළියෙල කල එකකි







පුරුෂ සමලිංගිකයන් සහ හිජ්රාවරු(Transgenders)දුම් රිය මාර්ගවල තිබෙන ඔවුන්ගේ ප්‍රියතම ස්ථාන වෙනුවෙන් නිතරම සටන් කරයි

පස්වරු 9.30 මුම්බායි දුම්රිය ස්ථානයක තම ගණුදෙනුකරුවන් එනතුරු සිටින පුරුෂ සමලිංගිකයන් පිරිසක්.ඉන්දියාව තුල සමලිංගික සම්බන්ධතා තහනම් වුවත් රහසිගතව සිදුවේ.මෙම සමලිංගිකයන් දවල් කාලයේ රැකියාවක නිරත වී රාත්‍රියේ තවත් පිරිමියෙක් සමග එක්වි යම් මුදලක්ද සොයාගෙන සතුටකුත් ලබයි.

සමලිංගික පිරිමින් ඔවුන් රැඳී සිටින ස්ථානයේ දී තම ගණුදෙනුකරුවන්ට තමන් සමලිංගික්යෙක් යැයි පෙන්වීමට විශේෂ සලකුණක් යොදාගනියි


Midnight Madonna :තම ගනුදෙනුකරුවන් එන තෙක් දුම් රිය මාර්ගයේ සිටින කෙනෙක්.රාජ්‍ය නොවන සංවිධානවල දැනුවත් කිරීම් නිසා දැන් දැන් මොවුන් උපත් පාලන කොපු භාවිතයට හුරුවෙමින් සිටියි.නමුත් එය ස්ථිර නොමැත


ව්‍යාජ හිජ්රාවරයෙක් සහ ඇගේ ගනුදෙනුකරුවා



වර්තමානයේ හිජ්රාවරුගේ ජීවිත අවසන් වන්නේ ගණිකා වෘත්තිකයෙක් බව පත් වීමෙන්ය. 19 හැවිරිදි Boom පොලිස් අත් අඩංගුවට පත් වූයේ තම සේවාදායකයා සමග දුරකතනයෙන් කතා කිරීම නිසාය.ඇයට නිදහස ලැබුණේ පොලිස් නිලධාරීන් 2කු අති දුෂණය පත්ව බලවත් වධ හිංසාවන්ට ලක්වීමෙන් අනතුරුවයි.මෙය ඉන්දියානු හිජ්රා සමාජයේ සුලභය.




තම සේවාදායකයා පිනවන්න සූදානම් වෙමින්..

තම සමාජයෙන් මිදී විදේශයක ජීවත් වන්නට සිහින දකින Tara

21 හැවිරිදි Barti 

Transgendered තරුණයින් හතරදෙනෙක්


මුම්බායි නගරයේ  මෙම සැඟවුණු උප සංස්කෘතියේ සුන්දර මෙන්ම අසුන්දර පැත්තකුත් තිබේ.Caton ගේ ඡායාරූප ඔස්සේ ඔබ වෙත කියා පාන්නේ ඒ යථාර්තයයි.

Post a Comment

0 Comments