මුම්බායි හිජ්රාවරු


මුම්බායි නගරයේ වෙසෙන Transgenders(TGs) හෙවත් හිජ් රාවරුන් පිළිබඳව ඡායාරූප ශිල්පී Alessandro Vincenzi විසින් කරන ලද ගවේෂණය අද ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරමි.


හිජ්රා Urmi තම නිවසේ



ඇස්තමේන්තුවලට අනුව ඉන්දියාවේ මුම්බායි නගරයේ පමණක් Transgenders හෙවත් හිජ්රාවරු 25,000කට වැඩි පිරිසක් නොනැසී ජීවත් වීමට වෙර දරති.ඔවුන්ගෙන් සමහරක් විශේෂ උත්සව අවස්ථාවලදී පවුල්වලට සහ ජෝඩුවලට ආශිර්වාද කිරීම, ආචාර දැක්වීම ආදියෙන් යම් මුදලක් උපයා ගනියි.තවත් සමහරු බීමහල් වල වෘත්තීය මට්ටමේ නාට්‍යාංගනාවන් ලෙස සේවය කරයි.සමහරු මාර්ගවල සිඟමනේ යමින් මුදලක් උපයා ගනියි.

සිඟමනේ යන හිජ්රා කෙනෙක්
පිහිනුම් තටාකයක් ඉදිරිපිට පිරිමි සතුටු කිරීමට නර්තනයේ යෙදෙන හිජ්රා කෙනෙක්
ඒඩ්ස් දිනය දා නර්තනයේ යෙදෙන හිජ්රා Payal

නමුත් බහුතරය,එනම් 60% ක ප්‍රතිශතයක් ලිංගික වෘත්තිකයන් ලෙස සේවය කරයි.මුම්බායි නගරයේ ජීවත් වන හිජ්රාවරුන්ගෙන් 20%ක් පමණ HIV වෛරසය ආසාදනය වූවන්ය.ඔවුන්ගේ ගණුදෙනුකරුවන්ගෙන් 70%ක් පමණ විවාහ වී දරුවන් පවා සිටින පිරිමින්ය.මුම්බායි අගනගරය වන මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් HIVවෛරසය ආසාදනය වූවන්ය.

Kamatipura හිජ්රා නිවසක්
ඉවත් දමා තිබෙන පාවිච්චි කල උපත් පාලන කොපු
හිජ්රා කෙනෙකුගේ පහස සොයා පැමිණි ට්‍රක් රථ රියදුරෙක්

 ලිංගික වෘත්තියේ යෙදෙන හිජ්රාවරුන්ගෙන් සමහරක් එම වෘත්තියට අවතීරණය වන්නේ වයස අවුරුදු 14-15ත් අතර කාලයේය. ඒ හිජ්රා ප්‍රජාවට එක්වීමටත් ප්‍රථමයෙන්ය.නමුත් අනෙක් අය ලිංගික වෘත්තියට යොමුවන්නේ හිජ්රා ප්‍රජාව සමග සම්බන්ධ වීමෙන් පසුවයි.බහුතරයක් හිජ්රාවරුන් ඔවුන්ගේම සමාජයකට එක්වන්නේ ඔවුන් විශේෂ සංස්කෘතියකට අයත් බව හැඟවීමටයි.මෙම සමාජයේ සහෝදරියන් සහ මවුවරුන් සිටියි.




Kamathipura හි පළමු වීදිය - සිතියම් බලන්න


මුම්බායි නගරයේ තිබෙන පැරණිම සහ විශාලතම Red-light district වන්නේ Kamathipura යි.Kamathipura හි පළමු වීදිය හිජ්රාවරුන්ගේ ලිංගික වෘත්තිය සඳහා වෙන්ව තිබේ.එහි ගණිකා නිවාස සහ වීදි ගණිකාවන් බහුලය.මෙහි තිබෙන හිජ්රා මඩමක එක් හිජ්රා පවුලක් බැගින් ජීවත් වේ.එහි හිමිකරු ගුරු නම් වේ.ඇය එහි සියලු කටයුතු පාලනය කරන අතර පවුලේ අනෙකුත් සාමාජිකයින් ලිංගික සේවයේ යොදවීමද සහ ඔවුන්ට මඟ පෙන්වීම සිදු කරයි.

Red-light district - යනු ලිංගික වෘත්තිය සහ ඒ ආශ්‍රිත කටයුතු වෙනුවෙන් කේන්ද්‍රස්ථානයක් වූ නගරබද ප්‍රදේශයක් පිහිටි බිමකි.


Kamatipura

Kamatipura හි පළමු වීදිය

Kamatipura හි පළමු වීදියේ පිහිටි ගණිකා මඩමක් ඇතුලත
ගණුදෙනුකරුවක් එනතුරු සිටින හිජ්රා කෙනෙක්


අනෙකුත් හිජ්රා ලිංගික වෘත්තිකයෝ කණ්ඩායම් හෝ ඔවුන්ගේ ගුරු එනම් ප්‍රධානීන් සමග නගරබද නිවාස වල වෙසේ.තමන් ජීවත්වන ස්ථානවල අසල්වැසියන් සමග ප්‍රශ්න ඇති නොකරගෙන තම වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය නිසා මොවුන් හුදකලා ස්ථාන සහ මුඩුක්කු වලදී තම ගණුදෙනුකරුවන් හමුවූ සේවය ලබාදෙයි.ඔවුන්ගේ සේවය ඇරඹෙන්නේ අපරභාගයේ පස්වරු 7-8ත් අතර කාලයේ වන අතර අවසන් වන්නේ ගණුදෙනුකරුවන් අවසන් වූ පසුවයි.එක් රාත්‍රියකට ඔවුන් සේවා සපයන ගණුදෙනුකරුවන්ගේ සාමාන්‍යය 10ක් පමණ වේ. නමුත් සමහර අවස්ථාවල ඔවුන් 20 ඉක්මවූ ගණුදෙනුකරුවන් ප්‍රමාණයක් සමග එක්වේ.


තම තාවකාලික සහකරුව සනසන හිජ්රා කෙනෙක්


ලැබෙන මුදලින් භාගයක්(එක් ගණුදෙනුකරුවෙක්ගෙන් ඩොලර් 4ක් මුදලක් අය කෙරේ)ගුරු සමග බෙදා ගැනේ.ගණුදෙනුකරුවන්ගේ පොදු විශ්වාසය වන්නේ HIV වෛරසය ආසාදනය වන්නේ කාන්තාවන් සමග අනාරක්ෂිතව ලිංගිකව එක්වීම ඔස්සේ මිස හිජ්රා කෙනෙක් සමග එක්වීමෙන් නොවන බවයි.



BLACK BEAUTY


Black Beauty යනු 24 හැවිරිදි Kamathipura හි පළමු වීදියේ ජීවත්වන හිජ්රා කෙනෙකි.ඊට පෙර ඇය ජීවත් වූයේ කේරළයේ ගම්මානයකයි.ඇය කාන්තාවක් ලෙස ජීවත් වීම වඩාත් පහසු යැයි සලකන අයෙකි.මුල් කාලයේ ඇගේ සිහිනය වූයේ සාරියක් ඇඳීමයි.නව යොවුන් වියේ පසුවු සමයේ ඇය මෙම හැඟීම් ගැන දෙමාපියන්ට කියා සිටියේය.ඉන් දෙමාපියන් කම්පනයට පත් විය.ඇය කියාසිටියේ තමන්ගේ නියම ස්භාවය සඟවාගෙන පිරිමි ළමයෙක් ලෙස ජීවත් විම නිෂ්ඵල දෙයක් බවයි.ඒ නිසා ඇය හිජ්රා සමාජයට එක්විම සඳහා මෙම විශාල නගරයට පැමිණියාය.

Black Beauty ගණිකා මඬම තුල
16 හැවිරිදි වියේදී ඇය මුම්බායි නගරයට සංක්‍රමණය වී නගරයෙන් පිටත  සිටින හිජ් රා සමාජයට සම්බන්ධ විය.එහිදී ඇය ලිංගික වෘත්තිය තම ජීවන වෘත්තිය ලෙස තෝරාගනියි.ඒ තම පුරුෂ ලිංගය ඉවත් කරගැනීමෙන් පසුවයි.ඉන්පසු ඇය ඇගේ පවුල වෙත ගිය නමුත් ඔවුන්ගේ පිළිගැනීම මුල් අවස්ථාවට වඩා නරක අත හැරිණි.ඊට හේතුව ඇයව භාරගැනීම නිසා අසල්වැසියන්ගෙන් විදින්නට වන අපකීර්තියයි.පවුලේ උදවිය ඇයව පිළිගත්තත් සමාජයට ඊට සූදානම් නැත.ඒ ඔස්සේ මුලු පවුලම ගමෙන් කොන් වීමට ඉඩ තිබේ.ඒ නිසා ඇය යළිත් මුම්බායි නගරයට පැමිණ Kamathipura ට යයි.

Black Beauty තම ගණුදෙනුකරුවෙකුට උපත් පාලන කොපුව පැළඳ ගැනීමට උදව් කරන අයුරු.මෙම කොන්ඩම් රාජ්‍ය නොවන සංවිධාන මගින් නොමිලේ ලබාදෙන ඒවාය

ඇය ප්‍රසිද්ධියට පත් වන්නේ ඇගේ සුන්දරත්වය සහ  අඳුරු වර්ණය නිසාය.ඒ නිසාම අනෙකුත් හිජ්රාවරුන් මෙන්ම ගණුදෙනුකරුවන්ද ඇයව Black Beauty නමින් හඳුන්වන්නට පටන් ගත්හ.ඇය මෙම වෘත්තියට අවතීරණය වි බොහෝ කල් නමුත් HIV ආසාදනයෙන් ගැලවී සිටීමට මේ දක්වා ඇයට හැකිවී තිබෙන්නේ කොතරම් මුදල් දෙනවා කිව්වත් ඇය උපත් පාලන කොපු රහිතව ලිංගකව එක්වන්නට එන ගණුදෙනුකරුවන්ට ඒ සඳහා බලකරන නිසාය.

ගණිකා මඩමක් තුල හිජ්රා කෙනෙක් සහ ඇගේ ගනුදෙනුකරුවා

තම වෘත්තියට සහ කීර්තියට හානිදායක නිසා  HIV-positive තත්ත්වයේ පසුවන හිජ්රා කෙනෙක්ව ඔවුන්ගේ යහළුවන් හෝ ගුරු විසින් ගණිකා මඬමට භාර නොගනියි.සමහර අවස්ථාවල ඔවුන් ඔවුන්ගේ රෝගී තත්ත්වය සඟවාගෙන තම වෘත්තියේ නියෙලෙන අතර සමහරු වෙනත් ස්ථානයකට සංක්‍රමණය වේ.ඔවුන් HIV ආසාදිතයන් බව අන් අය දැන ගත් පසු ඔවුන් වෘත්තියෙන් ඉවත් වේ.එවන් හිජ්රා කෙනෙකුට තිබෙන එක ජීවත් වීමේ මාර්ගය සිඟාකෑමයි.

Pooja (මැද ) සිඟමනේ යාමට සූදානම් වෙමින්
Payal, Chapati සාදමින් සිටින වේලේ ඇගේ ගුරු වන InaI නිවසට පැමිණේ
Rajeshree විසින් මුදල් ගනිද්දී Sonia ගිමන් හරිමින්.සාමාන්‍යයෙන් පැයක් හෝ පැය 5ක් සිඟාකෑමෙන් පසුව ඔවුන් ඉන්දියානු රුපියල් 50-60 උපයා ගනියි


Alessandro Vincenzi උපන්නේ ඉතාලියේ Bologna හිය.ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පයට පිවිසෙන්නේ ජීවිතයේ පසුකාලීනවයි.ජීව විද්‍යාව වෙනුවෙන් Bologna විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගන්නා ඔහු Médecins Sans Frontières (MSF) නම් මානුෂීය ආධාර සපයන නම් ආයතනය එක් වන්නේ 2005 දීය.Médecins Sans Frontières (MSF) හි සේවය කරන කාලයේ නිදහස් අවස්ථාවලදී විවිධ රටවල ආපදාවන් හිදී විපතට පත් පිරිස්වල සහ රෝගීන්ගේ ඡායාරූප ගැනීම ඔහු විසින් අරඹන්නේ 2008 වසරේදීය.පසුව ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පයට මුල් තැන දීම සඳහා Médecins Sans Frontières (MSF) ආයතනයෙන් ඉවත් වේ.ඔහුගේ එක් ව්‍යාපෘතියක් වන "Transgender in India”මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත සමීප කරන ලදි.


Post a Comment

0 Comments