ඔබේ පළමු සමලිංගික එක්වීමට සූදානම්ද


ප්‍රශ්නය:- මම වයස අවුරුදු විසි ගණන්වල පසුවන්නෙකි.තවමත් මම කුමර ඹබසර බිඳගෙන නොමැත.ගැහැණු පිරිමි දෙපක්ෂය වෙතම මගේ ආකර්ෂණයක් ඇති මුත් එය ලිංගික එක්වීමක් දක්වා ඉදිරියට ගෙනයන්න හැකිවුනේ නැත.දැන් මම මගේ පළමු සමලිංගික එක්වීමට සූදානම් වෙනවා.මා අත්දැකීම් රහිත නවකයෙක් බව මගේ සහකරුවා  කියන්නේ කෙසේද? මගේ මිතුරෙක් නම් කීවේ අහඹු ලෙස සහකරුවන් කිහිපදෙනෙක් සමග එක්වීමෙන් පසු මෙම මානසික පීඩාව දුරුවන බවයි.නමුත් ඔහුගේ එම උපදේශය මට නොගැළපෙන බවයි මගේ සිත නම් කියන්නේ.මට අවශ්‍ය මා ගැන ඇත්තටම පරිස්සම්වන විශ්වාසවන්ත කෙනෙක් සමග එක්වන්නටයි.දැන් මා සොයාගෙන සිටින හාදයා ඊට සුදුසුම කෙනා යැයි මා සිතමි.

පිළිතුර:- කලයුතු පළමු දේ නම් ඔබේ තත්ත්වය කෙළින්ම ඔබේ සහකරුවාට ප්‍රකාශ කිරීමයි.එය ඔබේ මනස තරමක් හෝ සැහැල්ලු කරනු ඇත.ඔබ ආගන්තුකයෙක් සමග සිටිනවාට වඩා දන්නා හඳුනන කෙනෙක් සමග සිටින්නේ නම් එය ඔබේ මනස සැහැල්ලු කරගැනීමට අමතර වාසියක් වනු ඇත.ඉක්මණින්ම සංසර්ගය වෙත යෑම අමතක කරන්න.ඔබේ අත්දැකීම් සහිත සහකරු ඔබට මඟපෙන්වන්න සූදානම් ඊට ඉඩ දෙන්න.


මෙන්න එය සිදුකරන අයුරු ...



මෙය ඔබේ පළමු වතාව බව ඔහුට පවසන්න.

එහි ඇති වැදගත්කම නම් ඔබේ සහකරුවා ඉක්මණින්ම ඔබ සංසර්ගය වෙත ගෙන යෑමෙන් වැළකී ඒ සඳහා සූදානම් වීමක් සිදුකිරීමයි.ඔහු ඔබව උණුසුම් කිරීම සිදුකරාවි ඊට ඉඩ දෙන්න.



එය ක්‍රීඩාවක් බවට පෙරළාගන්න.


ඔබ වැනි නවකයෙකුට ඉගෙනීමට බොහෝදෑ තිබේ.ලිංගික එක්විමට පෙර එකිනෙකාගේ ආත්මීය හැඟීම් උද්දීපනය කර ගැනීම ඉදිරි පියවර පහසු කරනු ඇත.ඔහුට ඔබේ දේහය ගවේෂණය කරන්න ඉඩ දෙන්න.ඔහුගේ තොල් දිව ඔබේ මනසේ ගැඹුරෙහිවූ  කාමය උද්දීපනය කර ඔබේ දේහය සූදානම් කරනු ඇත.ඔහු ඔබේ ශරිරයේ අඟලෙන් අඟල ස්පර්ශ කරාවි.එවිට ඔබේ අභ්‍යන්තර හැඟීම් උපරිමයෙන්ම උද්දීපනය වන තැනක් වේ නම් ඒබව ඔහුට කියන්න.දෙවන අවස්ථාව ඔබගේය.ඔබත් ඔහුව අනුගමනය කරමින් ඔහුගේ ශරීරය රසවිඳින්න.



ඔබේ කාලය ලබාගන්න

බොහෝ සමලිංගිකයන්ට ලිංගික එක්වීමක මූලික කාර්යය වන සංසර්ගය වඩා දෙයක් නොමැත.එනම් ඔවුන් පටන් ගැන්මේ සිට සොයන්නේ සංසර්ගය විනා අන් දෙයක් නොවේ.නමුත් දෙදෙනාම සමාන සතුටක් අපේක්ෂා කරන්නේ නම් සංසර්ගයට පෙර එකිනෙකා තම තමන්ගේ ආත්මීය හැඟීම් මානසිකව සහ කායිකව උද්දීපනය කරන ලිංගික ක්‍රියාවන් සිදුකල යුතුය.ලිංගික එක්වීමක මූලික පදනම වැටෙන්නේ එමගින්ය.එවිට දෙදෙනා මානසිකව මෙන්ම කායිකවත් සංසර්ගයට සූදානම්ව පසුවේ.



දැන් ආරම්භ කරන්න

මෙතෙක් වේලා බලා සිටිදේ දැන් අත්හදා බැලීමට කාලයයි.අධික උනන්දුවෙන් එය කරන්න යන්න එපා.ක්‍රමයෙන් එයට ගලායන්නට ඉඩ දෙන්න.ඔබ සක්‍රීය හෝ අක්‍රීය යන ලේබලය ලබා ගැනීමට පළමු එක්වීමම ප්‍රමාණවත් නොවේ.ඔබට අවශ්‍ය නැත්නම් ඒ චරිත දෙකම ක්‍රියාවේ යෙදවීමේ අවශ්‍යතාවයක් නොමැත.ඔබේ ශරීරය ඔබ යායුතු මඟ කියාවි.



අවසාන වශයෙන්,ප්‍රවේශම්වන්න

ඔබ ඔබේ සීමාවන් දැන ගන්න.බොහෝ පුරුෂ සමලිංගිකයන් HIV ආසාදනයට පහසුවෙන් ගොදුරු වේ.පෙනුමෙන් කිසිවෙකු විශ්වාස කරන්න එපා.ඔබ ඔබේ ආරක්ෂාව ගැන සිතන්න.


Post a Comment

0 Comments