සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් නිරූපිකාවෝ සඟරාවල පෙනී සිටින බවත් ලොව පුරාම ඔවුන් කාන්තාවන් මෙන්ම ජීවත්වන බවත් බොහොමයක් පුද්ගලයින් නොදනියි.මෙම සුන්දර නිරූපිකාවන් පෙනුමෙන් කාන්තාවන් මෙන් වුවත් ඔවුන් පුරුෂ ප්‍රජනනේද්‍රිය සහිතව උපන් අය වේ.අප ඔවුන්ගේ අතීතය ගැන නොදැනුවත් නම් ඔවුන් කාන්තාවන් ලෙස උපන්නේ යැයි රැවටෙනවා නොඅනුමානය.
1.Andreja Pejić
2.Lea T
බ්‍රසීලියානු ජාතික Lea T උපන්නේ 1981 පිරිමියෙක් ලෙස Leandro Medeiros Cerezo යන නමින්ය.නමුත් ඇය පසුගිය කාලයේ මෝස්තර නිරූපණ කර්මාන්තය තුල ප්‍රසිද්ධ සංක්‍රාන්තිලිංගික ස්ත්‍රී නිරූපිකාවක් බවට පත් විය.
3.Claudia Charriez
Claudia Charriez පිරිමියෙක් ලෙස උපන්නෙක් බව පිලිගැනීම පවා අසීරුය.ඇය එතරම් කාන්තා ලාලිත්‍යයක් සහිතය.නමුත් ඇගේ සංක්‍රාන්තිලිංගිකබව ඇය ජාත්‍යන්තර මෝස්තර නිරූපිකාවක් වීමට බාධාවක් නොවීය.ඇයව America's Next Top Model සහ The Janice Dickinson Modeling Agency යන TV shows වලින් 2008 වසරේදී ඉවත්විමට සිදුවුවද පසුව ඇය America's Next Top Transsexual Model තරඟාවලිය සාර්ථකව අවසන් කරන ලදි.
4.Isis King
5.Florencia De La V
Florencia De La V උපන්නේ 1976 Roberto Carlos ලෙසයි.ලොව වඩාත් සැලකිල්ලට භාජනය වූ සංක්‍රාන්තිලිංගික ස්ත්‍රී නිළියක් ලෙස ඇයව හැඳින්විය හැකිය.ඇය Soap opera,සඟරා,සමාජ ශාලා හි පෙනී සිටි මෙන්ම වරක් සඟරාවක සංස්කාරක තනතුරකද කටයුතු කර තිබේ.ඇය දැන් පිරිමියෙක් සමග විවාහ වී දරුවන් දෙදෙනෙකුත් සමග ජීවත් වේ.
6.Sirapassorn Atthayakorn
සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් වෙනුවෙන් පවත්වන Miss International Queen තරඟාවලියේ 2011 වසරේ ජයග්‍රාහිකාව වූයේ තායිලන්තයේ ය.
7.Chamila Asanka
2011 වසරේ තායිලන්තයේ පැවැත්වූ Miss International Queen තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කල තරඟකාරිය වූයේ Chamila Asanka ය.ඇය එයට ඉදිරිපත් වීම ඔස්සේ දේශීය ව මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රසිද්ධියක් අත්කරගන්නා ලදි.
8.Caroline Cossey
ඉංග්‍රීසි ජාතික නිරූපිකාවක් වන Caroline Cossey කලකට පෙර ලොව වඩාත් අවධානය දිනාගත් සංක්‍රාන්තිලිංගික ස්ත්‍රී නිළිය ලෙස හැඳින්විය හැකිය.ඒ ඇය James Bond චිත්‍රපටයක් වන The Living Daylights (1987) හි සුළු චරිතයකට රඟනයෙන් දායක වීම නිසාය.තවද ඇය ලෝකප්‍රකට Playboy සඟරාවේද පෙනී සිට තිබේ.ඇය I Am A Woman නමින් Transsexual නිරූපිකාවක් සහ නිළියක් ලෙස ලැබූ අත්දැකීම් තම චරිතාපදානයක් ලෙස රචනා කරන ලදි.
9.Roberta Close
බ්‍රසීලියානු ජාතික Roberta Close යනු Playboy සඟරාවේ බ්‍රසීල සංස්කරණයේ පෙනී සිටි pre-operative (ශල්‍යකර්මයකින් පුරුෂ ලිංගේන්ද්‍රය ඉවත් නොකල)පළමු සංක්‍රාන්තිලිංගික ස්ත්‍රී නිරූපිකාවයි.ඇය සම්පූර්ණයෙන්ම තම පුරුෂ ලිංගේන්ද්‍රය ඉවත් කරන ලද්දේ 1989 වසරේදීය.Sexy නම් බ්‍රසීලියානු සඟරාව විසින් වරක් ඇයව "බ්‍රසීලයේ සුන්දරතම කාන්තාව" ලෙස නම් කරන ලදි.
10.Malika
ඉන්දියානු ජාතික Trans Woman කෙනෙක් වන Malika ස්ත්‍රී පෙනුම ලබාගැනීම වෙනුවෙන් ශල්‍යකර්ම 4ක් ද අනෙකුත් වෛද්‍යමය ක්‍රියාවලි රැසක්ද සිදුකරවාගෙන තිබේ.Miss International Queen තරඟාවලියට ඉදිරිපත් වීමේ වරම් හිමිවූ පලමු ඉන්දියානු සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීය ලෙස ඇය සැලකේ.ඇය 2011 වසරේ පැවති Miss International Queen තරඟාවලියට ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී විය.