කවුද මේ shemale කියන්නේ?


Shemale (she-male) යනු ප්‍රධාන වශයෙන්ම ලිංගික වෘත්තියේ යෙදෙන සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් හෙවත් හෝමෝන යොදාගෙන හෝ පියයුරු වර්ධනය කරගත් කාන්තා ද්වීතියික ලිංගික ලක්ෂණ සහිත සහ පුරුෂ ලිංගයක් සහිත පිරිමින් හැඳින්වීමට යොදාගන්නා යෙදුමකි.නමුත් බොහොමයක් සංක්‍රාන්තිලිංගික පුද්ගලයින් මෙම යෙදුම දකින්නේ ඔවුන්ට කරනා අපහාසයක් ලෙසයි.එසේම ඒ මගින් කෙනෙකුගේ ජීවවිද්‍යාත්මක ලිංගිකත්වය පමණක් මතු කරන බව ඔවුන්ගේ පිළිගැනීමයි.මෙම වදන  සංක්‍රාන්තිලිංගික කාන්තාවකට පාවිච්චි කිරීමෙන් ඇය ලිංගික වෘත්තියක යෙදෙන බව ඇඟවේ.එසේම මම වදන බහුලවම හමුවන්නේ නිල් චිත්‍රපට සහිත වෙබ් අඩවි වලය.

Shemale යන යෙදුම 19 වන සියවසේ මැද භාගයේ සිට භාවිතා කරන්නකි.එය කලහකාරී/පුරුෂ පෙනුමක් සහිත කාන්තාවන් හැඳින්වීමට එක කාලයේ යොදාගන්නා ලදි.


යෙදුම ව්‍යවහාර වන අවස්ථා


ගැහැණු සතුන්ගේ ලක්ෂණ හෝ හැසිරීම් පෙන්වන(උදා: ගැහැණු සතුන්ගෙන් නිකුත්වන ගන්ධයට සමාන ගන්ධයක් පිට කරන උරගයන්ගේ පිරිමි සතුන්)පිරිමි සතුන්  හැඳින්වීමට සමහර ජිව විද්‍යාඥයින් shemale යන්න යොදා ගනියි.කෙසේ නමුත් සමහර ජීව විද්‍යාඥයින්(Joan Roughgarden) මෙම යෙදුම උරගයන් හැඳින්වීමට යොදා ගැනීම ගැන විවේචනය කරයි.හේතුව එම වදන නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ලබා ගත් එකක් නිසාවෙනි.

ඊට අමතරව සමහර මනෝ විද්‍යාඥයින් මෙය male-to-female transsexual හෙවත් පිරිමියෙකුව සිට කාන්තාවක් බවට වෙනස් වූ නමුත් ලිංගිකත්වය ශල්‍යකර්මයක් ඔස්සේ වෙනස් නොකල අය හැඳින්වීමටද යොදා ගැනේ.

ආශ්‍රිත යෙදුම්



මෙම යෙදුමට සමාන අනෙකුත් යෙදුම් වන tranny , ladyboy සහ chicks with dicks,sluts with nuts, dudes with boobs ආදියත් ලිංගික වෘත්තියේදී සහ නිල් චිත්‍රපට කර්මාන්තයේදී භාවිතා වේ. මානසික සෞඛ්‍ය පිළිබඳ පර්යේෂකයෝ සමහරක් දෙනාට අනුව පුද්ගලයන් කෙරෙහි පවතින ආකර්ෂණය  paraphilia නමින් හඳුන්වයි. [paraphilia යනු මනුෂ්‍ය නොවන ද්‍රව්‍ය වලට දක්වන ලිංගික ආකර්ෂණයයි.තවදුරටත් පැහැදිලි කරන්නේ නම් එක්තරා ආකාරයක මානසික විකෘතියක් වන අතර අසාමාන්‍ය ලිංගික ක්‍රියාවන් කෙරෙහි දක්වන ඇල්මකි.උදා: ළමුන් සමග ලිංගිකව එක්වීමේ ආශාව,ප්‍රදර්ශන කාමය,වද වේදනා විදීම මගින් ලබන ලිංගික සංතෘප්තිය]

 John Money සහ Margaret Lamacz මේ සම්බන්ධයෙන් යෙදුම් මාලාවක් ඉදිරිපත් කර තිබේ.
Gynemimetophilia යනු පිරිමි ලෙස උපන් කාන්තාවන් ලෙස හැසිරෙන හෝ කාන්තා ලක්ෂණ පෙන්වන්නන් සහ හරස්විලාසිනියන් කෙරෙහි දක්වන ලිංගික ආකර්ෂණයයි.එනම් මෙය කෙරෙහි trans women  දක්වන ආකර්ෂණය ලෙසද හැඳින්විය හැකිය.ඒ ආශ්‍රිත යෙදුමක් වන gynemimesis ලිංගිකත්වය වෙනස් කිරීමෙන් තොරව කාන්තාවක් මෙන් හැසිරෙන සමලිංගික පිරිමින්ව හෝ ස්ත්‍රී ලක්ෂණ ප්‍රදර්ශනය කරන පිරිමින් හැඳින්විමට යොදා ගැනේ.මෙම යෙදුම් J.Money විසින් යොදාගෙන තිබෙන්නේ ඔහුගේ  gender-transposition නම් සිද්ධාන්තයේ වර්ගීකරණ කටයුතු වලදීය.ඊට අමතරව trans women වෙනුවෙන් පාරිභාෂිත යෙදුම් ලෙස  gynandromorph සහ gynemimetomorph යන ඒවා ඔහු විසින් යෝජනා කර තිබේ.gynandromorph යනු ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම ලක්ෂණ සහිත ජීවියෙකි.Gynandromorphy යන යෙදුමෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම රූපකායන් සහ ලක්ෂණ පොදු වශයෙන් දැරීමයි.


අනෙකුත් ව්‍යවහාරයන්

19 වන සියවසේ මැද භාගය තෙක් Shemale යන්න යොදාගත්තේ පුරුෂ ගතියෙන් හීන /ගැහැණියක් බඳු පිරිමින් සහ කාන්තා සමලිංගිකයින් හැඳින්වීමටය.ඇමෙරිකානු සාහිත්‍ය තුල 19 වන සියවසේ මුල් කාලයේ දී Shemale යන්න ව්‍යාවහාර වන්නේ කාන්තාවන් අවමානයට පත් කරන වදනක් ලෙසයි.
ලිංගික පර්යේෂකයන් දෙදෙනෙකු වන Mildred Brown සහ Chloe Rounsley අනුව Shemale යනු පිරිමින් වන අතර ගණිකා වෘත්තිය,නිල් චිත්‍රපට සහ අශ්ශීලී සාහිත්‍ය (වැඩිහිටියන් සීමාවූ )ආදියට ඔවුන් සම්බන්ධවේ.පියයුරු විශාල කිරීම සිදු කරගන්නා  මුත් ඔවුන් උපතින් ගෙනා ලිඟුව එලෙසම තබා ගැනේ.



ජනප්‍රිය සංස්කෘතිය 


Shemale යන්න වර්තමානයේ වඩාත් ජනප්‍රිය ලිංගික වෘත්තිය (ගණිකා වෘත්තිය) අන්තර්ජාලය සහ අතිශයෙන් වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට කර්මාන්තය තුලයි.ඊට අමතරව සමලිංගික පිරිමි අතරද මෙය බහුලව භාවිතා වන යෙදුමක් බවට පත්ව තිබේ.