Shahria Sharmin බංග්ලාදේශ ජාතික වාර්තාමය ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පිනියකි.ඇය වැඩිපුරම උනන්දු වන්නේ සමාජීය සහ සංස්කෘතික ප්‍රශ්න ආදීය ගැන ඡායාරූපකරණයේ යෙදීමටය.Sharmin සම්මානයට පාත්‍රවූ ඡායාරූප ශිල්පිනියකි.
ඇගේ වෙබ් අඩවිය:www.shahriasharmin.com
Shahria Sharmin විසින් තම ව්‍යාපෘතියක් වන Call Me Heena වෙනුවෙන් ගන්නා ලද ඡායාරූප කිහිපයක්.....
| Shumi අවු.22(වම්පස ) සහ Priya අවු.26(දකුණුපස ) මොවුන්ට තම පවුල් වෙත යෑමට අවස්ථාවක් ලැබි නැත.ඔවුන් ගුරු හෙවත් හිජ් රා පවුලක් ප්‍රධානියෙක් යටතේ ජීවත් වේ. |
| Panna ,අවු.52.ඇගේ සේවාලාභියා එනතුරු සිටියි |
| "මට හැඟෙන්නේ මා කිඳුරියක් ලෙසයි.මගේ ශරීරය මා පිරිමියෙක් කීවත් මගේ ආත්මය කියන්නේ මා ගැහැණියක් කියාය" Heena අවු.51 |
| Priyanka,අවු.23.අලුත් ආදරවන්තයෙක් සමග |
| Shawpna,අවු.21.ආදරවන්තයෙක් නොමැතිව තමන්ව පුලුස්සාගෙන තිබෙන අයුරු |
| "හැමවිටම අපේක්ෂා කරන්නේ මවක් විමට නිසා මම Boishakhi ව දරුකමට ගත්තා.යම් දිනෙක ඇය මට තාත්තා කියා අමතයි නම් මා පුදුමයට පත් වෙයි." Salma, අවු.27 |
| ඇගේ සිහිනයේ සිටින පිරිමියා වෙනුවෙන් බලා සිටින Nishi ,අවු.21 |
| මම වඩාත් කැමති මාව තුන්වන ලිංගිකයෙක් ලෙස හඳුන්වනවා නම්ය.Chaiti,අවු.23 |
| "මට පෑනක් තිබෙනවා එහි තීන්ත නැහැ" Shojib ,අවු.24 |
| Tina , අවු.24 |
Call Me Heena ලෙස නම් කර තිබෙන මෙම ව්‍යාපෘතිය 2012 ජූලි මස ඇය විසින් ආරම්භ කල එකකි. මෙහිදී ඇය බංග්ලාදේශයේ හිජ්රා සමාජය පිළිබඳව අධ්‍යනයක නිරතව තිබේ.2015 වසරේදී තම අවධානය ඉන්දියානු හිජ්රාවරුන්ට යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් ඇය පසුවේ
0 Comments