චීන පිරිමින් පිස්සු වැට්ට වූ තායි MTF transgender


2012 වසරේ තිරගත වූ Lost in Thailand නම් චීන චිත්‍රපට එම වසරේ චීනය තුල වැඩිම කතා බහට ලක් වූ මෙන්ම බොස්ක් ඔෆිස් වාර්තා තැබූ එකක් බවටද පත් විය.

අධ්‍යක්ෂණය: Xu Zheng
නිෂ්පාදනය: Abe Kwong Man-wai,Xu Zheng,Chan Chi-leung
තිර රචනය: Xu Zheng,Shu Huan,Ding Ding
රංඟනය: Xu Zheng,Wang Baoqiang,Huang Bo
සංගීතය:Zhao Yingjun,Deng Ouge,Howie B
නිකුත් කල දිනය: දෙසැම්බර් 12, 2012 (චිනය තුල )
ධාවන කාලය: මිනිත්තු 108 
රට: චීනය
වියදම:ඇමෙරිකානු ඩොලර්  මිලියන 2.2
ආදයම: ඇමෙරිකානු ඩොලර්  මිලියන 208 (චිනය තුල ) 




Lost in Thailand Official Trailer

එසේම මෙම චිත්‍රපටය නිසා චීන සංචාරකයන් දහස් ගණනින් තායිලන්තයට පැමිණීම ඇරඹුණු බවද වාර්තා වේ.

මෙම චිත්‍රපටය ඔස්සේ සිදු වු තවත් පුදුම සහගත සිද්ධියක් නම් එයට රංඟනයෙන් දායක වූ නිළියක්(Rose )චීන ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආකර්ෂණයට බඳුන් වීමයි.මෙම චිත්‍රපටය තිර ගත වීම ඇරඹීමත් සමඟම මෙම Rose  නම්  නිළිය පිළිබඳ චීන ප්‍රේක්ෂකයන් වැඩිම සෙවීම් ප්‍රමාණයක් සිදු කර තිබෙන බව අනාවරණය විය.ඉතා හොඳින් චිනයේ Mandarin භාෂාව හසුරවන මෙම සුරූපී කාන්තාව කවුදැයි සෙවීමට ඔවුන් දැඩි උනන්දුවක් දැක්විය.නමුත් ඇය ස්ත්‍රියක් නොව Male to Female Transgender කෙනෙකි.තායිලන්තයේ ප්‍රමුඛතම TG/TS නිලියන් 10 දෙනා අතරද  Rose පසුවේ.ඇය Lost in Thailand චිත්‍රපටයේ පෙනී සිටින්නේ මිනිත්තුවක් වැනි ඉතා කෙටි කාලයකි.එතරම් සුළු දර්ශනයකට පෙනී සිටි ඇය චිත්‍රපටයේ නළු නිළි කැල අතරින් වැඩිම වාරයක් සෙවීමට භාජනය වූ චරිතය බවත් පත් වීම පුදුම සහගතය.

TG Rose Lost in Thailand 

Lost in Thailand චිත්‍රපටයේ නිළි Rose පෙනී සිටින අවස්ථාවක් 

Transsexual (shemale or ladyboy) යන පදය මේවන විට අන්තර්ජාලය තුල වැඩි වශයෙන්ම සෙවීමට භාජනය වන  පදයක් බවට පත්ව තිබේ.ඊට හේතුව ඔවුන් සාමාන්‍ය කාන්තාවක් සමග සැසඳීමේදී ඉහළ ස්ත්‍රී ලක්ෂණ පෙන්වන නිසා වෙනි.සමලිංගික පුරුෂයන් ඔවුන් කෙරෙහි ඉහළ ආකර්ශනයක් දක්වයි.


Rose අනුව තායිලන්තයේ දුප්පත් දරුවන් transgender/transsexual ශිල්පීන් ලෙස පුහුණු කරයි.සාමාන්‍යයෙන් පිරිමි දරුවන් වෘත්තීය මට්ටමේ Ladyboy පාසල් (professional ladyboy schools ) වෙත යැවීම ඇරඹෙන්නේ ඔවුන්ට වයස අවුරුදු 2-3 අතර කාලයේය.මෙම පුහුණුවේදී කාන්තාවක් මෙන් හැසිරීමට ,කාන්තාවක් මෙන් ඇඳ පැළඳීමට ආදී වශයෙන් නියම ස්ත්‍රියක් මෙන් හැසිරීමට පුරුදු පුහුණු කෙරේ.1990  දී පමණක් තායිලන්තය තුල වයස අවුරුදු 14-50 ත් අතර මෙවැනි TG/TS ශිල්පීන් 20,000ක් සිටි බවට වාර්තා වේ.මොවුන්ගෙන් බොහොමයක් පතායා නගරයේ රාත්‍රී සමාජශාලා වල සේවය කරයි.තායි නගරවල වීදි ගණිකාවන් ලෙස මොවුන් හමුවීම පුදුමයට කරුණක් නොවේ.

තායිලන්ත නීතියට අනුව තවමත් Transgenders ගණන් ගැනෙන්නේ පිරිමින් ලෙසයි.නමුත් සමාජීය වශයෙන් ඔවුන් ස්ත්‍රීන් ලෙස පිළිගැනේ.එරට සමහරක් ජනාකීර්ණ ප්‍රදේශවල විවේකාගාර ඔවුන් වෙනුවෙන්ම සැලසුම් කර නිර්මාණය කර තිබෙන්නේ විශේෂ වැසිකිලිත් සමගයි.ඒවා නමින් හඳුන්වයි.ඔවුන් වෙනුවෙන් ඇති කාමරවල දොරේ Transsexual(TG) ලකුණ යොදා තිබේ.


Rose ගේ ඡායාරූප කිහිපයක්......












Nong Poy VS  Rose




සමහර වාර්තාවල Rose ,Nong Poy ගේ තරඟකාරියක් ලෙසද හඳුන්වාදී තිබේ.


Post a Comment

0 Comments