ඉන්දියානු Hijra සංස්කෘතිය




 බටහිර රටවල කාන්තාවක් වැනි පිරිමින් සිටියි නම් ඔවුන් වෙනස්ව හඳුනාගන්නා මුත් ඉන්දියාවේදී එවැනි අයෙක් වෙනමම සමාජයකට සහ සංස්කෘතියකට ඇතුලත් වේ.ඔවුන් transvestites හෙවත් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් අදින්නන් වන අතර තම ලිංගය ශල්‍යකර්මයක් මගින් වෙනස් කර නොගත්,සමාජයෙන් නෙරපා හැරි ස්ත්‍රීන් පිරිසක් මෙන් ජීවත් වේ.2014 වසරට පෙර මොවුන්ට ඉන්දියානු රජය මගින් සාමාජීය වශයෙන් පිළිගැනීමක් ලබා දී තිබුණේ නැත.ඔවුන්ට රජය වෙතින් කිසිදු ආරක්ෂාවක් හෝ පිළිගැනීමක් නොතිබුණි.නමුත් 2014 වසරේ අප්‍රේල් මස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව තෙවන ලිංගිකයන් ලෙස පිළිගන්නා ලදි.එසේ වුවත් ඔවුන්ට සාමාජය තුල හිමිව තිබෙන පහත් පිළිගැනීම ඒ ඔස්සේ මැකී යයිද යන්න ගැටලුවකි.



සමාජයෙන් නෙරපා හැරීම පුද්ගලයන් විසින් තෝරාගන්නා දෙයක් නොවේ.Hijra කෙනෙක් එවැනි තත්ත්වයකට පත්වන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ.සමාජයෙන් කොන් වී සිටීම ඔවුන් විසින් තෝරාගත් දෙයක් නොවේ.නමුත් ඔවුන් තමන් පිරිමින් ලෙස ඉපදීම පිළිබඳව නොසතුටින් පසුවන්නන් වේ.



Tomboy යනු බටහිර සංස්කෘතියේදී අපිට හමුවන වචනයකි .එහි අරුත ස්ත්‍රියක්(ගැහැණු දරුවෙක් ) විරුද්ධ පක්ෂයේ ඇඳුම් ඇඳීම.නමුත් ඇය Cross-dresser කෙනෙක් නොවේ.ඇයට  පිරිමියෙක් වන්නට උවමනාවක් නැත.එවැනි අයෙක් පිරිමි පක්ෂයේ ඇඳුම් අදින්නේ ඒවා තමන්ට සුව පහසු යැයි හැඟෙන නිසාය.ඇමෙරිකාව  වැනි රටක tomboy කෙනෙක්ව සමාජයෙන් කොන් කරනු නොලැබේ.නමුත් එවැනි කෙනෙක්ට ඉන්දියාව තුලදී ලැබෙන්නේ පහත් පෙලේ පිළිගැනීමකි.විශේෂයෙන් කාන්තාවක් මෙන් හැසිරෙන පිරිමීන්ව කොන් කරනු ලැබේ.


ඇමෙරිකාව වැනි රටවලද transvestites හෙවත් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් අඳින පිරිසක් සිටියි.නමුත් ඔවුන්ව ඉන්දියාවේ මෙන් කොන් කිරීමක් හෝ නෙරපා හැරීමක් නොකරයි.

පුද්ගලයෙකුට ඔහුට අවශ්‍ය ඇඳුමක් ඇදිය හැකිය.නමුත් එමගින් ඔවුන්ගේ ලිංගිකත්වය වෙනස් වීමක් හෝ ඔවුන් සමාජයෙන් කොන් කරන තත්ත්වයකට පත් නොවේ.අවාසනාවට ඉන්දියාව තුල මේ දේ සිදුවේ.


" Hijraගැන ලිපියක් පළ කරන්න යැයි අසභ්‍ය අඩවියේ Facebook Fan page වෙත ලැබුණු ඉල්ලීමකට අනුව මෙම ලිපිය පළකලෙමි.මෙය Merretta ගේ බ්ලොග් අඩවියෙන් උපුටාගත් ලිපියක් බව කරුණාවෙන් සළකන්න."


ඊළඟ ලිපියෙන් Hijra ගැන තවදුරටත් විමසා බලමු.


Post a Comment

0 Comments