ඉන්දියානු Hijra සංස්කෘතිය - 8



ඔබ අදහන විශ්වාස කරන ආගම හෝ ඇදහිල්ල පමණක් පිහිට කරගෙන ශල්‍යකර්මයක් කිරීම ජීවිතය අවදානම දැමීමක් බව මතක් කර දිය යුතු නොවේ.නමුත් හිජ්රාවරුන්ගෙ ලිංගය ඉවත් කරන ශල්‍යකර්මය ඔවුන්ගේ විශ්වාසයන් මත පමණක් පදනම්ව ඇත.ඔබට බුද්ධ ධර්මය පිලිබඳව යම් දැනුමක් තිබෙන නම් එහි සඳහන් වන "නිර්වාණය" නම් සංකල්පයක් ගැන අවබෝධයක් ඇතැයි සිතමි.හිජ් රාවරුන්ගේ පුමංගීහරණයට ඔවුන් කියන්නේ "Nirwana" හෙවත් නිර්වාණය යන්නයි.ඔවුන්ට අනුව එහි තේරුම නැවත ඉපදීමයි.(නමුත් බුදු දහමේ නිර්වාණය යනු ඉපදීම නැවැත්විමයි )


මෙම ශල්‍යකර්මයෙන් යම් අයෙක් ඔවුන්ව දන්නා ආකාරයේ සිට ඔවුන් නොවන්නේ යැයි කෙනෙක් කියන තත්ත්වයට පත් යැයි හිජ්රාවරු විශ්වාස කරයි.මෙම ක්‍රියාවලියේ අවස්ථා 3කි.පලමු වැන්න දැනට තිබෙන ලිංගය ඉවත් කිරීමයි.මෙය ශාන්තිකර්මයකින් පසුව සිදු කෙරේ.ඉන්පසු එම හිජ්රාවරයාට සුවය පැතීමට ශාන්ති කර්මයක් කෙරේ.අවසානයේ රෝගියා සියලුම බල සහිත හිජ්රා කෙනෙක් වීමට පූජාවිධි සිදු කරයි.



සිතන්න ඔබට ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍යයි කියා.ඔබ එහිදී විශ්වාසය තබන්නේ ඔබේ වෛද්‍යවරයා එසේත් නැතිනම් වෛද්‍ය විද්‍යාව මත පමණි.නමුත් හිජ්රාවරුන් ඊට ප්‍රතිවිරුද්ධව යමින් ඔවුන්ගේ ජීවිතය දෙවියන්ට භාර දී ශල්‍යකර්මය සිදු කරයි.ඔවුන්ගේ ශල්‍යකර්මය අතරතුරදී සහ අවසානයේදී පූජා රැසක් සිදු කරයි. ඒ මාතා නම් දෙවියෙකු උදෙසාය.එම දෙවියා හිජ් රාවරුන්ගේ ආරක්ෂකයා ලෙස වන්දනාමානයට පාත්‍ර වේ.


Post a Comment

0 Comments