ඉන්දියානු Hijra සංස්කෘතිය - 7


Bahuchara Mata
හිජ්රා කෙනෙකු ශල්‍යකර්මයට භාජනය වීම ඔවුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවකි.නමුත් මෙම ශල්‍යකර්මයට භාජනය නොවුවන් සිටියි.ඔවුන් සාමාන්‍යයෙන් හිජ්රා කෙනෙකු ලෙස උපන් හෝ යම් දිනෙක ශල්‍යකර්මය සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින අයයි.ප්‍රධාන වශයෙන්ම  හිජ්රා කෙනෙකු වීමේදී පුරුෂ ලිංගය ඉවත් කරයි (පුමංගීහරණය ) නැතිනම් පුරුෂ ශක්තිය හීන කරයි.එතැන් පටන් ඔවුන් පිරිමියෙකුට වඩා කාන්තාවකගේ හැඟීම් සහිත අයෙක් බවට පත්වේ.



Neither Man Nor Woman: The Hijras of India by Serena Nanda
ඉන්දීය හිජ්රාවරුන් ගැන ලියන ලද පොත් අතර Serena Nanda විසින් රචිත Neither Man Nor Woman: The Hijras of India නම් පොතේ මෙම ශල්‍යකර්මය පිළිබඳව වැදගත් කරුණු රැසක් අඩංගුය.මෙම පුමංගීහරණ ශල්‍යකර්මයේ තිබෙන විශේෂත්වය එය සිදු කරන්නේ රෝහලක අවසර සහිත වෛද්‍යවරයෙකු නොවීමයි.එනම් යම් හිජ්රාවරයෙකුට ශල්‍යකර්මය සිදුකරන්නේ හිජ්රා වින්නඹු කෙනෙකි.


මෙම ශල්‍යකර්මය හිජ්රා කෙනෙකු වූ පළියටම කල නොහැකිය.තවද එය තවත් එක් ශල්‍යකර්මයක්ද නොවේ.ඒ සමග බැදුණු ආගමික විධි ක්‍රම විශ්වාසද තිබේ.ශල්‍යකර්මය සිදු කරන්නා (dai ma)හෙවත් වින්නඹුවක් ලෙස හැඳින්වේ.ඇය පළමුව දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගනියි .එය සිදුකල පසු ශල්‍යකර්මය ආරම්භ වේ.තවත් හිජ්රා කෙනෙකුට ශල්‍යකර්මයක් කිරිමට අවශ්‍ය නම් නැවත වරක් ඔවුන්ගේ "මාතා" නම් දෙවියාගේ ආශිර්වාදය ලබා ගත යුතුය.මේ සඳහා දිගු කාලයක් මෙන්ම කිහිපවරක්ම උත්සාහ කලයුතුය.මෙම යාතුකර්මය/ආශිර්වාද ලබා ගැනීම අනිවාර්යය වන්නේ එය නොකර ශල්‍යකර්මයට යෑමෙන් හිජ්රාවරයා මිය යෑමට ඉඩ තිබෙන නිසාය.මේ සියල්ල ඔවුන්ගේ මිත්‍යා විශ්වාස පමණක් බව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මනාව පැහැදිලිවේ.මෙම ක්‍රියාවලිය මුලුමනින්ම ආගමික ස්වරූපයක් ගනියි.මේ සම්බන්ධව වැඩි විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.


Post a Comment

0 Comments