හිජ්රාවරුන් පිළිබඳව හින්දු මිත්‍යා කතාවල පවා සඳහන් වේ.තම භාර්‍යාව සොයා යන රාම කුමරු පිළිබඳ සඳහන් වන රාමායණය ඉන් එකකි.හිජ්රාවරුන් යනු ගැහැණුන් බවට පත් වූ පිරිමින් යැයි මුල් කාලයේදී මටත් සිතුණි. නමුත් එය එසේ නොවන බව පසුව පැහැදිලිව පෙනීගියේය.ඔවුන් පිරිමි නම් කාන්තාවන් කෙරෙහි ආකර්ෂණයක් තිබිය යුතුය.නමුත් හිජ්රාවරුන් තුල කාන්තාවන් කෙරෙහි ආකර්ෂණයක් නොමැත.ඔවුන් පිරිමි නොවේ යැයි ඔවුන්ට දැනීමට හේතුව තමන්ගේ ලිංගේන්ද්‍රිය නියමිත ලෙස වැඩී නොමැති හෝ එවැන්නක් නොමැති වීමයි.හිජ්රාවරු තමන්ව කාන්තාවන් ලෙස හඳුන්වා නොගනියි.ඊට හේතුව ඔවුන්ට දරුවන් බිහිකල නොහැකි වීමයි. හිජ්රාවරුන්ගෙන් වැඩි පිරිසක් දරුවන් ඇතිදැඩි කිරීමේ ආසාවෙන් පසුවෙන මුත් ඔවුන්ගේ ලිංගිකත්වය නිසා වර්ගයා බෝකිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැත.
බටහිර ලෝකයේ transvestites නමින් හඳුන්වන පිරිස තුන්වන ලිංගයට නොවැටේ.ඒ ඔවුන් විරුද්ධ පක්ෂයේ ඇඳුම් අදින පිරිමි හෝ ගැහැණුන් වන නිසාය.නමුත් හිජ්රාවරුන් transvestites වඩා වෙනස්ම පිරිසකි.හිජ්රාවරු තුන්වන ලිංගිකයන් ලෙස හඳුන්වන්නේද ඒ නිසාය.මේ ඔස්සේ අපිට අවබෝධවන එක් දෙයක් නම් ලිංගිකත්වය තීරණය වන්නේ ශරීර ස්වභාවය හෝ ලිංගේන්ද්‍රය පමණක් පදනම් කරගෙන නොව මානසිකත්වයද ඊට බලපාන බවයි.
0 Comments