ඉන්දියාව තුල
Hijra කෙනෙකු වීම අවදානම් සහගතය.ඉන්දියාව තුල
Hijra ජනයාට ආරක්ෂාව නොමැත.ඒ නිසා ඔවුන් විසින්ම ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගතයුතුය.රජයෙන් පවා ඔවුන්ට සහනයක් නොමැත.Hijra කෙනෙක් හිඡ්රා සමාජයේ කොටසක් බවට පත් වන්නේ ඔවුන් ලිංගික විකෘති සහිතව ඉපිද දෙමාපියන් විසින් අතහැර දැමීමෙන් හෝ ඔවුන්ගේ ජීවිතයේ යම් අවධියක නිවසෙන් පැන යෑමෙන්ය.ඔවුන් පිරිමියෙක් ලෙස ජිවත් වීමට අකැමැති නිසා මෙලෙස නිවස අතහැර යයි.
 |
| හිජ්රා මිත්තණිය, ඇගේ දරුවන් සහ මිණිපිරියන් |
Hijra සමාජයට පැමිණි පසු එය හිඡ්රා කෙනෙක්ට විශාල සහනයක් මෙන්ම නිදහසක්ද හිමිකර දෙයි.ඒ ඔවුන්ට කලින් ජීවිතයේදී දැනුනු තමන් ස්ත්‍රියක් යන හැඟීම යථාර්තයක් කර ගැනීමට මෙහිදී ඔවුන්ට ඉඩ ලැබෙන නිසාවෙනි.බොහොමයක් Hijra ජනයා ජීවත් වන ප්‍රජාවන් සම්පූර්ණයෙන්ම හිඡ්රාවරුගෙන් සමන්විතය.මෙවැනි Hijra ප්‍රජාවන් තුල හිඡ්රා පවුල්(fictive kinship families) සිටියි.මෙම පවුල්වල සාමාජිකයින් අතර ලේ ඥාතී හෝ විවාහය ඔස්සේ හෝ ඇතිවන බැඳීම් නැත.එවැනි පවුලක් ඇතිවන්නේ එකිනෙකා අතර ඇතිවන සෙනෙහස ආදරය ආදී හැඟීම් මතයි.බොහොමයක් හිඡ්රාවරු ඔවුන්ගේ දෙමාපියන් විසින් අතහැර දමන ලද අයයි.Hijra සමාජයක වෙසෙන පවුලක ප්‍රධානියෙක් සිටියි.එනම් ගෘහ මූලිකයෙකි.එම තත්ත්වයට හිමිකම් කියන්නේ වයසින් වැඩි සහ වැඩි දැනුමක් සහිත හිඡ්රා කෙනෙකි.ඇය "
guru"නමින් හඳුන්වයි.මෙවැනි පවුලක "
chela"හෙවත් දරුවන් සිටියි.එහි මව-දියණිය,සහෝදරිය- සහෝදරිය ආදී වශයෙන් පවුලක තිබෙන ස්ත්‍රී පක්ෂයේ සියලුම ඥාතී සම්බන්ධකම් දක්නට ලැබේ.මේ හරහා ඔවුන් අපේක්ෂා කරන්නේ පෙර ඔවුන්ව තමන්ගේ නියම පවුල්වලින් ඉවත් කිරීම හරහා අහිමිව ගිය ඒ සම්බන්ධකම් ගොඩනගා ගැනීමයි.
 |
| හිජ්රා පවුලක් |
මෙලෙස තම පවුල් වලින් ඉවත් කරනු ලැබූ හිජ්රා කෙනෙකුට තිබෙන්නේ අසතුටින් සහ ව්‍යාකූලව ගෙවූ ළමා කාලයකි.ඔවුන්ට දැනෙන්නේ තමන් ගැහැණු දරුවන් මෙන් වුවත් දෙමාපියන්ගේ බල කිරීම් මධ්‍යයේ පිරිමි දරුවන් මෙන් ජීවත් වීමට සිදුවේ."
මගේ ළමා කලය මහත් වේදනාවෙන් ගෙවා දැමූ එකකි" හිජ්රා කෙනෙක් වන Xavier Ammal කියා සිටියාය.ඇය වයස අවුරුදු 13 දී තම පවුල අතහැර දමා පැමිණි හිජ්රා කෙනෙකි.ඊට හේතුව ඇගේ දෙමාපියන්ට පුතෙක් මිස ස්ත්‍රියක් අවශ්‍ය නොවීමයි.නමුත් ජීවිතයේ පසු කාලයකදි ඔවුන් තම පවුල් වෙත නැවත ගියත් පවුල් වල උදවිය ඔවුන්ව ප්‍රතික්ෂේප කරයි.එලෙස ප්‍රතික්ෂේප වූ හිජ්රා කෙනෙකුට නැවත ඒමට හිජ්රා සමාජයන්හි පවුලක් තිබීම ඔවුන්ගේ වාසනාවකි.මෙලෙස හිජ්රාවරුන්ට වෙන් වූ සමාජ ඔවුන්ට සුරලොවක් වැනිය.ඔවුන්ට තිබෙන එකම ආරක්ෂාකාරී තැනත් එතැනයි.
0 Comments