ඔබව පහත් කොට ,පිළිකුල් කර සලකන ,මානසිකවත් කායිකවත් පීඩාවන්ට ලක් කරන සමාජයක ජීවත් වීමට ලැබීම සතුටට කරුණක්ද? නමුත් ඉන්දියානු Hijra ජනය ජීවත් වන්නේ එවැනි පරිසරයකයි.ඔවුන් ඒ අත්විදින පහත් ජීවිතය ඔවුන් විසින්ම තෝරාගත් එකක්ද? නැත.ඔවුන් උපතත් සමගම එම ජීවිතය ඇතුලු කරන්නේ ඔවුන්ගේම මාපියන්ය.යම් අයෙක් හිතා මතාම මෙම පහත් තත්ත්වයට පත් වෙන්නේ නැත.නමුත් Hijra කෙනෙක් උපන් වහාම ඔවුන්ගේ අනාගතය තීරණය වී අවසානය.සිඟා කෑමෙන් ,යැදීමෙන් සහ ගණිකා වෘත්තියෙන් ජීවත් වන මෙවැනි ජීවිතයක් හොඳ සිහියෙන් සිටින අයෙක් තෝරා ගනිද? වෙනත් රටවල (බටහිර ) නම් තමන් උපතින් ලැබූ පිරිමිකම හෝ ස්ත්‍රිත්වය පිළිබඳව අසතුටු නම් ශල්‍යකර්ම මගින් තමන්ට අවශ්‍ය ලිංගිකත්වයක් ලබා ගත හැකිය.ඒ සම්බන්ධයෙන් එම රටවල සමාජයන් හි පහත් කර සැලකීමක් නොමැත.
එක්සත් ජනපදයේ transgender පිරිසෙන් වැඩි කොටසක් ලිංගිකත්වය වෙනස් කරගන්නා ශල්‍යකර්මය සිදු කරගන්නේ නැත.ඉන්දියානු Hijra ජනයාට නම් මෙම ශල්‍යකර්මය ඔවුන්ගේ රූපාන්තරණයේ අවසන් පියවරයි.නමුත් වර්තමානයේ ඔවුන්ගෙන් වැඩි පිරිසක් උභයලිංගිකයන් හෝ ලිංගික විකෘතිකයන් හෝ ශල්‍යකර්මය අනවශ්‍ය යැයි තීරණය කරගත් අය වේ.කෙසේ නමුත් බහුතරය යම් ආකාරයේ ශල්‍යකර්මය සිදු කරගෙන තිබේ.සිදු කරන ශල්‍යකර්මය ඔස්සේ මුලුමනින්ම ස්ත්‍රී ලිංගයට සමාන පෙනුමක් නොලැබේ.නමුත් ඔවුන් පෙනී සිටින්නේද හැසිරෙන්නේද ස්ත්‍රියක් මෙන්ය.එසේම ඔවුන් මානසිකව ස්ත්‍රීන්ය.
0 Comments